නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට අතිරේක පොලිස් බලකායක්: ජූලි 5දා SBS සිංහල සේවයේ ප්‍රවෘත්ති ප්‍රකාශයෙන්

ජූලි 5 වන සඳුදා SBS සිංහල සේවයේ ප්‍රවෘත්ති ප්‍රකාශය කෙටියෙන් ලිපියක් ලෙසින් ඉදිරිපත් කෙරේ

NSW Deputy Commissioner Gary Worboys

NSW Deputy Commissioner Gary Worboys (R) Source: AAP/Joel Carrett / NSW Police Force (Facebook)

Highlights

  • වයස්ගත සත්කාරක ක්ෂේස්ත්‍රයේ එන්නත්කරණය සම්බන්ධයෙන් විපක්ෂයෙන් ඕස්ට්‍රේලියානු රජයට චෝදනා 
  • නිව් සවුත් වේල්ස් හි ඇතැමුන් කොරෝනා නීති පිලි නොපදින නිසා අතිරේක පොලිස් බලයක් 
  • මුහුණු ආවරණ පැළඳීම දිගටම සිදු කරන ලෙස ක්වීන්ස්ලන්ත අගමැතිවරිය පවසයි 
  • කොරෝනා වසංගතයෙන් මිදීමට අදියර 4කින් යුත් සැලැස්මට කැබිනට් අනුමැතිය 
  • ඕස්ට්‍රේලියාවේ කොරෝනා එන්නත්කරණය පිලිබඳ තොරතුරු 
  • ඊශ්‍රායලයට සිදු කරන ප්‍රහාර නවතන ලෙස නව අගමැතිගෙන් හමාස් සටන්කාමීන්ට රතු එළියක් 
  • ජපානයේ නාය යාමෙන් අතුරුදන් වුවන් සොයා අඛණ්ඩ පරීක්ෂණ  
  • එංගලන්ත සංචාරයෙන්, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අන්ත පරාජයක් 

වයස්ගත සත්කාරක ක්ෂේස්ත්‍රයේ එන්නත්කරණය සම්බන්ධයෙන් විපක්ෂයෙන් ඕස්ට්‍රේලියානු රජයට චෝදනා

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිඩ්නි හි වයස්ගත සත්කාරක මධ්‍යස්ථානයකින් නව කොරෝනා ආසාදිතයින් හඳුනාගැනීමත් සමග,කොරෝනා එන්නත ලබාගන්න ලෙස වයස්ගත සත්කාරක සේවකයින් හට ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය ප්‍රධාන වෛද්‍ය නිලධාරී වරයා සඳහන් කොට සිටී.

Baulkham Hills හි වයස්ගත සත්කාරක මධ්‍යස්ථානයක නේවාසිකව සිටි මෙම පුද්ගලයින් හට කොරෝනා වෛරසය අසාදනය වී ඇති බවට හඳුනාගැනීමෙන් අනතුරුව Westmead රෝහල වෙත රැගෙන ගොස් තිබේ.

පසුගිය පැය 24ක කාලය තුලදී සිදු කල පරීක්ෂණ වලට අනුව එම වයස්ගත සත්කාරක මධ්‍යස්ථානයෙන් තවත් කොරෝන අසාදිත පුද්ගලයින් හමු වී ඇති අතර ඒ අනුව මේ වනවිට එම මධ්‍යස්ථානය හා සම්බන්ධ ආසාදිතයින් ගණන 5 ක් ලෙස වාර්තා වේ.

ඕස්ට්‍රේලියානු විපක්ෂ නායක Anthony Albanese මේ සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු රජයට චෝදනා එල්ලකරන අතර ඔහු සඳහන් කොට සිටින්නේ කොරෝනා එන්නත ලබානොගත් සේවකයින් හට වයස්ගත සත්කාරක මධ්‍යස්ථාන තුල සේවය කිරීමට ඉඩ ලබාදීම පිළිගත නොහැකි බවයි.

එමෙන්ම නැවතත් ක්‍රමයන් ඔස්ට්‍රේලියාව යත තත්වයට පත්වීමේ කාර්යයේදී එන්නත්කරණය පිළිබඳව වැඩි අවධානයක් යොමු කලයුතු බවද ඔහු සඳහන් කොට සිටී.

මේ අතර, ඕස්ට්‍රේලියානු මධ්‍යම රජය නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය සමග කටයුතු කරන බව සඳහන් කරමින් මහාචාර්ය Michael Kidd පෙන්වා දෙන්නේ මෙම ක්ෂේස්ත්‍රය තුල කොරෝනා එන්නත ලබානොගත් සෑම අයකුම එන්නත ලබාගැනීම සඳහා කටයුතු කරන ලෙසයි.

නිව් සවුත් වේල්ස් හි ඇතැමුන් කොරෝනා නීති පිලි නොපදින නිසා අතිරේක පොලිස් බලයක්

පසුගිය පැය 24ක කාලය තුලදී නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් නව කොරෝනා ආසාදිතයින් 35 දෙනෙකු වාර්තා වී තිබේ.

ඊයේ දිනයේදී නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොරෝනා ආසාදිතයින් 16 දෙනෙකු හමු වූ අතර එමගින් ආසාදිතයින් 14 දෙනෙකු පෙර හමුවූ ආසාදිතයින් සමග සම්බන්ධතා පවත්වුවන් බවට හඳුනාගෙන තිබේ.

මේ අනුව පසුගිය ජුනි මස 16 වන දින සිට ඊයේ දිනය දක්වා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ හටගත් කොරෝනා පොකුරට සම්බන්ධ ආසාදිතයින්ගේ සංක්‍යාව 277 දක්වා වර්ධනය වී තිබේ.

ඊයේ දිනයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයින්ද සමග නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය තුල අවදානම් සහිත ස්ථාන සඳහා Lakemba හි ආසියානු සිල්ලර වෙළඳසලක්, Strathfield හි වෛද්‍ය පුහුණු මධ්‍යස්ථානයක් සහ Auburn, Bankstown, Homebush West යන ප්‍රදේශයන්හි සිල්ලර සහ සුපිරි වෙළඳසල් ගණනාවක් එක් කොට තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත නියෝජ්‍ය පොලිස් කොමසාරිස් Gary Worboys සඳහන් කොට සිටින්නේ මෙම හඳුනාගත් ප්‍රදේශ සඳහා අතිරේක පොලිස් නිලධාරීන් යොදවා ඇති අතර මෙම ප්‍රදේශයන්හි නිසි කොරෝනා නීති පිලිපදීමක් දක්නට නොලැබෙන බවයි.

මුහුණු ආවරණ පැළඳීම දිගටම සිදු කරන ලෙස ක්වීන්ස්ලන්ත අගමැතිවරිය පවසයි

මුහුණු ආවරණ පැළඳීම දිගටම සිදු කරන ලෙස ක්වීන්ස්ලන්ත අග්‍රාමාත්‍යවරිය වන Annastacia Palaszczuk සිය ප්‍රාන්ත වැසියන් හට නැවතත් සඳහන් කොට තිබේ.

ඊයේ දිනයේදී ප්‍රාන්තයේ ප්‍රජාව අතුරින් නව කොරෝනා ආසාදිතයකු හඳුනාගැනීමත් සමග ප්‍රාන්ත අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කොට ඇති අතර එලෙස හඳුනාගත් අසාදිත පුද්ගලයා හට වෛරසයේ Alpha ප්‍රබේදය අසාදනය වී ඇති බවට විශ්වාස කෙරේ.

ප්‍රාන්තය අග්‍රාමාත්‍යවරිය සඳහන් කොට සිටින්නේ ප්‍රාන්තය තුල සියලුම ප්‍රදේශයන් හි පැවති lockdown තත්වය ඉවත් කිරීම සඳහා පියවර ගැනීමට හැකිවීම සතුටුදායක කරුණක් වන අතර සාම දෙනාම අවබෝධයෙන් කටයුතු කරන ලෙසයි.

කොරෝනා වසංගතයෙන් මිදීමට අදියර 4කින් යුත් සැලැස්මට කැබිනට් අනුමැතිය

හැකි ඉක්මනින් ඕස්ට්‍රේලියානු ප්‍රාන්ත සහ ජාත්‍යන්තර දේශසීමා විවුර්ත වනු දැකීම තම අපේක්ෂාව වන බව ඕස්ට්‍රේලියානු රාජ්‍ය අමාත්‍යවරියක වන Anne Ruston පවසයි.

කොරෝනා වසංගත තත්වයෙන් ඔස්ට්‍රේලියාව මිදීම සඳහා අධියර 4කින් යුත් සැලැස්මක් සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා පසුගිය සතියේදී සඳහන් කල අතර ඒ සම්බන්ධයෙන් ජාතික කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

 


 ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගන්න 

පිවිසෙන්න SBS සිංහල Facebook පිටුවට


 

ඒ අනුව සෑම අදියරකදීම ඕස්ට්‍රේලියානු ජනගහනයෙන් පප්‍රතිශතයක් ප්‍රකාශිත එන්නත් සීමාව කරා ළඟාකරගතහැකි වේ.

Anne Ruston SKY News වෙත සඳහන් කොට සිටියේ ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය බලධාරීන් පවසන දේ අනුව මේ වනවිට ඔස්ට්‍රේලියාව රඳා පවතින අතර ඒ සම්බන්ධයෙන් විශ්වාසය තබන බවයි.

ඕස්ට්‍රේලියාවේ කොරෝනා එන්නත්කරණය පිලිබඳ තොරතුරු

ඔස්ට්‍රේලියාව තුල කොරෝනා එන්නත්කරණය ඉහල නැංවීමේ අරමුනින් මෙල්බර්න් හි විවිධ භාෂා ප්‍රජාවන් ඉලක්ක කරගනිමින් නව දැනුවත් කිරීමේ ව්‍යාපාරයක් ක්‍රියාත්මක කෙරේ.

මෙම දැනුවත්කිරීමේ ව්‍යාපාරය සඳහා විවිධ භාෂාවන්ගෙන් යුත් වීඩියෝ භාවිත කිරීමේ සිදු කරන අතර රුපවාහිනිය ඔස්සේද ප්‍රචාරය කිරීමෙට නියමිතව තිබේ.

භාෂා දැනුම මද වීම හේතුවෙන් කොරෝනා එන්නත්කරණය සම්බන්ධයෙන් සංක්‍රමණික ප්‍රජාව තුල දනුව්ම අඩුවීම මෙම ව්‍යාපාරය සඳහා හේතු වී තිබේ.

මේ අතර මේ වනවිට ඕස්ට්‍රේලියානුවන් මිලියන 8.2 [[8,201,367]] කට අවම වශයෙන් එක් කොරෝනා එන්නත් මාත්‍රාවක් හෝ ලබා දී ඇති බව නවතම වාර්තා හෙළි කරයි.

ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත රජයන් මගින් පුද්ගලයින් මිලියන 3.5 [[3,509,172]] කට කොරෝනා එන්නට ලබාදීම සිදු කොට ඇති අතර ඕස්ට්‍රේලියානු මධ්‍යම රජය මගින් පුද්ගලයින් මිලියන 4.6 [[4,692,195]] කට වඩා වැඩි පිරිසකට කොරෝනා එන්නත ලබා දී තිබේ.

එමෙන්ම වයස්ගත සහ ආබාදිත සත්කාරක නේවාසික ප්‍රජාවෙන් පුද්ගලයින් 400,000 කට වැඩ වැඩි සන්ක්‍යවකට කොරෝනා එන්නත ලබා දී තිබේ.

ඊශ්‍රායලයට සිදු කරන ප්‍රහාර නවතන ලෙස නව අගමැතිගෙන් හමාස් සටන්කාමීන්ට රතු එළියක්

ඊශ්‍රායලය ඉලක්ක කරගනිමින් සිදු කරන ප්‍රචණ්ඩ ක්‍රියාවන් නවතා දමන ලෙස ඊශ්‍රායල අගමැති Naftali Bennett හමාස් සටන්කාමීන් හට අනතුරු අඟවා තිබේ.

තම භූමියට පනවා ඇති බාධක ඉවත් කරන හමාස් සටන්කාමීන් හා සම්බන්ධ ක්‍රියාකාරීන් විවිධ සුළු ප්‍රහාර ඊශ්‍රායලය වෙත එල්ල කරමින් සිටින අතර පසුගිය සති අන්තයේදී ඊශ්‍රායල හමුදා ඉලාක කරගනිමින් ප්‍රහාර එල්ල කල බව පලස්තීන ආරංචිමාර්ග සඳහන් කරයි.

 


 SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download) 


 

මෙය ඊශ්‍රායලය සහ පලස්තීනය අතර අඛණ්ඩව දින 11ක කාලයක් තිස්සේ සිදු වූ සටන් වලින් අනතුරුව සිදු කල සටන් විරාමයෙන් පසු ඇති වූ සිව් වන ප්‍රහාරය මෙය වේ.

කෙසේ නමුත් ඊශ්‍රායල අගමැතිවරයා සඳහන් කොට සිටින්නේ ගාසා තීරයේ සිටින වැසියන් හට හානි සිදු කිරීමට අපේක්ෂා නොකරන බවයි.

ජපානයේ නාය යාමෙන් අතුරුදන් වුවන් සොයා අඛණ්ඩ පරීක්ෂණ

ජපානයේ සිදු වූ නාය යාමෙන් අතුරුදන් වුවන් සොයා මෙහෙයුම් අඛණ්ඩව සිදු කෙරේ. මෙම නාය යාම හේතුවෙන් පුද්ගලයින් දෙදෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බවට විශ්වාස කෙරෙන අතර අතුරුදන් වුවන් 20 දෙනෙකු සොයා සහන සේවා මෙහෙයුම් සිදු කෙරේ.

පසුගිය සති අන්තයේ බලපෑ අධික වර්ෂාවෙන් නිරිතදිග ටෝකියෝවේ ප්‍රදේශයක මෙම අනතුර සිදුව තිබේ.

මේ හේතුවෙන් නිවාස 130ක් පමණ විනාශ වී ඇති අතර මේ වනවිට පුද්ගලයින් 19 දෙනෙකු බේරාගැනීමට සහන කණ්ඩායම් සමත්ව තිබේ.

ගිනි නිවන භටයින්, හමුදා භටයින් සහ වෙරළාරක්ෂක භටයින් සිය ගණනක් සහන කටයුතු සඳහා එක්ව සිටින බව වාර්තා වේ.

එංගලන්ත සංචාරයෙන්, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අන්ත පරාජයක්

වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන් ශ්‍රී ලංකා - එංගලන්ත තෙවැනි එක්දින ජාත්‍යන්තර තරගය නවතා දැමීමට ඊයේ තරඟ තීරකවරයා කටයුතු කළේය.

ඒ අනුව සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති එක්දින තරඟාවලිය 2-0ක් ලෙස ජය ගැනීමට සත්කාරක එංගලන්ත කණ්ඩායම සමත් විය.

එංගලන්තයේ බ්‍රිස්ටල් හි පැවති එම තරඟයේදී පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩාම සියලුදෙනා දැවී රැස්කළේ ලකුණු 166ක් පමණි.

මේ අනුව මෙවර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත සංචාරය කිසිදු තරඟ ජයග්‍රහණයකින් තොරව නිමා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුව තිබේ.


Share

Published

By Nipuna Dodangoda

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service