ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ First Home Loan Deposit Scheme හෙවත් පළමු නිවාස ණය තැන්පතු පහසුකම තවත් දීර්ග කිරීමට මධ්‍යම රජය තීරණය කර තිබේ.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
ඒ අනුව නව නිවසක් හෝ අලුතින් ඉදිකරන ලද නිවසක් මිලදී ගැනීමේදී තවත් ඔස්ට්‍රේලියානුවන් 10,000 කට ප්‍රතිලාභ ලබා දීමට මේ හරහා අවස්ථාව සැලසේ.

පළමු නිවාසය මිලට ගන්නන් හට තවත් වාසියක්
First home buyers හෙවත් පළමු නිවාසය මිලට ගන්නන් සඳහා පිරිනමන First Home Loan Deposit Scheme හෙවත් පළමු නිවාස ණය තැන්පතු පහසුකම තවත් දීර්ග කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය තීරණය කර තිබේ.
ඒ අනුව පළමු නිවාසය මිලට ගන්නන් 10,000 කට අලුතින් පළමු නිවාස ණය තැන්පතු පහසුකම ලබාගැනීමට හැකියාව ලැබෙනු ඇත.
හෙට (06/10) රාත්‍රියේ සිට 2021 වසරේ ජුනි 30 වන තෙක් මෙම පළමු නිවාස ණය තැන්පතු පහසුකම දීර්ග කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පියවර ගෙන ඇත.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
සාමාන්‍යයෙන් නිවසක් මිලට ගැනීමේදී 20% ක මූලික තැන්පතුවක් තැබිය යුතුය.
නමුත් පළමු නිවාස ණය තැන්පතු පහසුකම යටතේ First home buyers හෙවත් පළමු නිවාසය මිලට ගන්නන් හට තම පළමු නිවාසය මිලට ගැනීමේදී තැබිය යුත්තේ 5% ක් පමණි.
සෙසු 15% තැන්පතුව සඳහා ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය අදාළ පළමු නිවාසය මිලට ගන්නා වෙනුවෙන් සහතික වෙයි.
මෙම පළමු නිවාස ණය තැන්පතු පහසුකම හරහා මේ දක්වා පළමු නිවාසය මිලට ගන්නන් 20,000 කට ආසන්න පිරිසකට සහන සලසා තිබේ.

HomeBuilder පැකේජයත් සමග භාවිත කළ හැකියි
First Home Loan Deposit Scheme හෙවත් පළමු නිවාස ණය තැන්පතු පහසුකම HomeBuilder පැකේජය සමඟ ඒකාබද්ධව භාවිත කළ හැකි බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ භාණ්ඩාගාරික අමාත්‍ය Josh Frydenberg පැවසීය.
පළමු නිවාස ණය තැන්පතු පහසුකම තවත් දීර්ග කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ගත් තීරණය නිසා නිවාස ඉදිකිරීම් ක්ෂේත්‍රයට කැපී පෙනෙන සහයෝගයක් ලබාදීමට මධ්‍යම රජයට හැකියාව ලැබෙන බව ඔහු පෙන්වා දුන්නේය.
මේ හරහා නිවාස වල තීන්ත ආලේප කරන්නන්, නිවාස ඉදිකරන්නන්, ජල - ගෑස් නල කාර්මිකයන්, විදුලි කාර්මිකයන් වැනි පිරිස් වෙත විශේෂයෙන් මේ කොරෝනා සමයේදී විශාල සහයෝගයක් ලැබෙන බව භාණ්ඩාගාරික අමාත්‍ය Josh Frydenberg පැහැදලි කළේය.
"ඔස්ට්‍රේලියාවේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට පහකට පමණ නිවාස ඉදිකිරීම් කර්මාන්තය දායකත්වය සපයනවා. කොරෝනා වසංගතයෙන් අනතුරුව ඔස්ට්‍රේලියාව යළි ගොඩනැගීමේ ක්‍රියාවලියේදී නිවාස ඉදිකිරීම් ක්ෂේත්‍රය විශාල වගකීමක් දරනවා." යනුවෙන් ද භාණ්ඩාගාරික අමාත්‍යවරයා පැවසුවේය.

පළමු නිවාස ණය තැන්පතු පහසුකමේ නව මිල සීමා
මෙවර පළමු නිවාස ණය තැන්පතු පහසුකමේ නිවාස මිල ගණන් වලට පනවා තිබෙන මිල සීමා තවදුරටත් ඉහළ දමා තිබේ.
ඒ අනුව සිඩ්නි කලාපයේ $950,000 ක්, මෙල්බර්න් සහ බ්‍රිස්බේන් කලාප වල $650,000 ක් දක්වා මෙවර මිල සීමා ඉහළ දමා ඇත.
මේ අතර ඔස්ට්‍රේලියාවේ සිඩ්නි හා මෙල්බර්න් හැර අනෙක් සෑම ප්‍රාන්තයකම ප්‍රධාන නගර ආශ්‍රිත නිවාස වෙළෙඳපොළේ නැග්මක් පෙන්නුම් කෙරේ.
මෙල්බර්න් නිවාස වෙළෙඳපොළේ 0.9% ක බැස්මක් පෙන්වන අතරේ සිඩ්නි නිවාස වෙළෙඳපොළේ 0.3% ක බැස්මක් පසුගිය මාසයේදී පෙන්නුම් කර ඇත.

