ඔස්ට්‍රේලියානු අගමැතිත් ලොව වඩාත් බලපෑමක් ඇති කළ හැකි පුද්ගලයින් සියදෙනා අතරට (SBS සිංහල/ වාර්තා)

Time සඟරාවේ මෙම ලැයිස්තුවට ඇතුළත් වූ තුන්වන ඔස්ට්‍රේලියානු අගමැතිවරයා ලෙස Anthony Albanese ඉතිහාසගත වෙයි.

Anthony Albanese coming onto stage for his victory speech with two thumbs up.

Anthony Albanese became Prime Minister of Australia in May 2022. Source: Getty / Wendell Teodoro

2023 වසරේ වඩාත්ම බලපෑමක් ඇති කළ හැකි පුද්ගලයන් සියදෙනා අතරින් එක් අයෙකු ලෙස ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Anthony Albanese නම් කර ඇත.

ලෝක ප්‍රකට Time සඟරාව විසින් වාර්ෂිකව most influential people හෙවත් ලොව වඩාත්ම බලපෑමක් ඇති කළ හැකි පුද්ගලයන් සියදෙනා නම් කරනු ලබයි. 

ඔස්ට්‍රේලියානු අගමැති ලොව වඩාත්ම බලපෑමක් ඇති කළ හැකි සියදෙනා අතරට

කලාකරුවන්, නවෝත්පාදකයින්, විවිධ ක්ෂේත්‍රවල දැවැන්තයින්, නායකයින්, නිරූපකයින් සහ පුරෝගාමීන් අතරින් ලොව වඩාත්ම බලපෑමක් ඇති කළ හැකි පුද්ගලයන් සියදෙනාගේ 2023 වසරේ ලැයිස්තුව පසුගියදා ලෝක ප්‍රකට Time සඟරාව නිකුත් කළේය.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Audio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

———————————————————————————

Lionel Messi, Beyoncé, සහ Doja Cat වැනි ලොව ජනප්‍රියතම සහ සුප්‍රසිද්ධ පුද්ගලයින් අතරේ ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Anthony Albanese ගේ නාමයද එම ලැයිස්තුවේ සටහන් වේ.

කැනේඩියානු අග්‍රාමාත්‍ය Justin Trudeau විසින් Time සඟරාවට රචනා කරනලද ප්‍රවේශ සටහනේ “බලාපොරොත්තුවේ සහ ආනුභාවයේ සංකේතයක්” ලෙස ඔස්ට්‍රේලියානු අගමැති Albanese ව හඳුන්වා තිබේ.

ස්වදේශික ඔස්ට්‍රෙලියානුවන්ගේ හඬ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ජනමත විචාරණය, ස්වදේශික ඔස්ට්‍රෙලියානුවන්ගේ අයිතිවාසිකම් ලබා ගැනීමට පුළුල් වේදිකාවක් නිර්මාණය කිරීම පිළිබඳ එහිදී අගමැති Albanese හට ප්‍රශංසා කර තිබේ.
අගමැති Albanese ගේ ළමා කාලය public housing හෙවත් පොදු නිවාසවල හැදී වැඩීම, හිතකර දේශගුණික ක්‍රියාමාර්ග ගැනීමට ඇති අභිලාශය පිළිබඳ මෙන්ම විශ්වාසය සහ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ඔහුගේ කැපවීම ගැන ද එහි සඳහන් වේ.

දේශපාලනඥයන් ඇතැම් විට “බිය සහ භේදය වපුරන” වඩාත් අවිනිශ්චිත ලෝකයක Anthony Albanese “බලාපොරොත්තුවේ සහ අවස්ථාවෙහි මාවත” තෝරා ගන්නා ආකාරය ද කැනේඩියානු අග්‍රාමාත්‍ය Justin Trudeau සිය රචනාවේ විස්තර කර ඇත.

තමාට සියලු ඔස්ට්‍රේලියානුවන් එක් කිරීමට අවශ්‍ය බව 2022 මැයි මාසයේදී පැවති මහ මැතිවරණයෙන් කම්කරු පක්ෂය ජයග්‍රහණය කළ අවස්ථාවේ සිදුකළ සිය ජයග්‍රාහී කතාවේදී අගමැති Albanese කියා සිටියේය.
Anthony Albanese shakes hands with Canadian PM Justin Trudeau.
Prime Minister of Canada Justin Trudeau wrote about Australia Prime Minister Anthony Albanese for Time Magazine's list of the most influential people of 2023 (pictured here during a bilateral meeting after the Nato Leaders’ Summit in Spain in 2022). Source: AAP / Lukas Coch

ලොව වඩාත්ම බලපෑමක් ඇති කළ හැකි සියදෙනා අතර සිටින අනෙක් නායකයින්

ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා සමඟ නායකයින් ඛාණ්ඩය යටතේ ලැයිස්තුගත කර ඇති අනෙකුත් නායකයින් 19 දෙනා අතර යුක්රේනයේ ජනාධිපති ආර්යාව Olena Zelensky, ජපාන අගමැති Fumio Kishida, රැඳවුම් භාරයේ සිටින Wall Street Journal මාධ්‍යවේදියෙකු වන Evan Gershkovich සහ ඇමෙරිකානු ජනාධිපති Joe Biden වේ.

චාල්ස් රජු මෙම ලැයිස්තුවේ සුවිශේෂී අයෙකු ලෙස සිටින අතර, විකට නළුවෙකු වන Ali Wong කලාකරු ඛාණ්ඩය යටතේ නම් කරන ලදී.
Elon Musk බලවත්ම පුද්ගලයෙකු ලෙසත් Natasha Lyonne නවෝත්පාදකයෙකු ලෙස සහ Bella Hadid පුරෝගාමියෙකු ලෙසත් නම් කර ඇත.

Time සඟරාවේ මෙම ලැයිස්තුවට ඇතුළත් වූ තුන්වන ඔස්ට්‍රේලියානු අගමැතිවරයා ලෙස Anthony Albanese ඉතිහාසගත වෙයි.

වසර 1999 දී Time සඟරාවේ මෙම ලැයිස්තුවට ඇතුළත් වූ පළමු ඔස්ට්‍රේලියානු අගමැතිවරයා ලෙස වාර්තා වන්නේ එවකට ඔස්ට්‍රේලියානු අගමැතිව සිටි John Howard ය.

වසර 2008 දී, එවකට ඔස්ට්‍රේලියානු අගමැතිවූ Kevin Rudd මෙම ලැයිස්තුවට නම් කරන ලදී.

ඔහුගේ ප්‍රවේශය ඔස්ට්‍රේලියානු සුපිරි නිළියක් වන Cate Blanchet විසින් රචනා කරන ලදී.

2023 ලොව වඩාත්ම බලපෑමක් ඇති කළ පුද්ගලයින් 100 දෙනා

ARTISTS

• Michael B. Jordan

• Drew Barrymore

• Ali Wong

• Austin Butler

• Aubrey Plaza

• Rian Johnson

• Salma Hayek Pinault

• Zoe Saldaña

• Judy Blume

• Colin Farrell

• Lea Michele

• Simone Leigh

• Wolfgang Tillmans

• Suzan-Lori Parks

• Neil Gaiman

• Shervin Hajipour

• El Anatsui

• Colleen Hoover

• Steve Lacy

ICONS

• Jennifer Coolidge

• Ke Huy Quan

• Sara Mardini and Yusra Mardini

• Shah Rukh Khan

• Pedro Pascal

• Brittney Griner

• King Charles

• Salman Rushdie

• RowVaughn Wells

• Tracie D. Hall

• Peng Lifa

• Shannon Watts

• Haluk Levent

• Imara Jones

• Yvon Chouinard

PIONEERS

• Doja Cat

• Mikaela Shiffrin

• Bella Hadid

• Sam Altman

• Niloofar Hamedi and Elaheh Mohammadi

• Thom Browne

• S.S. Rajamouli

• MrBeast

• Elizabeth Maruma Mrema

• Britney Schmidt and Peter Davis

• Sam Rivera

• Robin Zeng

• Edward Reynolds

• Margaret Mitchell

LEADERS

• Olena Zelenska

• Luiz Inácio Lula da Silva

• Hakeem Jeffries

• Evan Gershkovich

• Janet Yellen

• Sherry Rehman

• Mitch McConnell

• Anthony Albanese

• Margrethe Vestager

• Joe Biden

• Samuel Alito

• Gustavo Petro

• Gina Raimondo

• Oleksandra Matviichuk

• Fumio Kishida

• Cindy McCain

• María Herrera Magdaleno

• Olaf Scholz

• Bola Ahmed Tinubu

• Min Aung Hlaing

TITANS

• Angela Bassett

• Laurene Powell Jobs

• Lionel Messi

• Padma Lakshmi

• Johan Rockstrom

• Beyoncé

• Patrick Mahomes II

• Elon Musk

• Gina Prince-Bythewood

• Karen Lynch

• Shou Zi Chew

• Ozlem Tureci and Ugur Sahin

• Deborah Lipstadt

INNOVATORS

• Bob Iger

• Sarah Kate Ellis

• Kylian Mbappé

• Natasha Lyonne

• Monica Simpson

• Nathan Fielder

• Wanjira Mathai

• Hidetaka Miyazaki

• Jerrod Carmichael

• Catherine Coleman Flowers

• Sean Sherman

• Iga Swiatek

• Kate Orff

• Dimie Ogoina

• Andrea Kritcher

Share

Published

By Aleisha Orr, Madhura Seneviratne
Source: SBS

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service