ඔබත් මේ ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ රියදුරෙක් නම් බලපත්‍රය අලුත් කිරීමේදී මෙම නව පරීක්ෂණයකට මුහුණ දීමට සිදුවේවි

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ මාර්ගවල අනතුරු අවම කර ආරක්ෂාව වැඩි කිරීම උදෙසා නවනීති කිහිපයක් හඳුන්වා දීමට ප්‍රාන්ත රජය තීරණය කර තිබේ.

Cars driving along a highway.

The Queensland government is considering implementing a "refresher course" for drivers renewing their licences to strengthen road safety measures. Source: AAP / Darren England

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ රියදුරන්ට තම රියදුරු බලපත්‍රය අලුත් කරගන්නා විට නව පරීක්ෂණයකට මුහුණ දීමට නුදුරේදීම සිදුවනු ඇත.

අදාළ රියදුරන් තම රියදුරු බලපත්‍රය අලුත් කරගන්නා විටදී ඔවුන්ගේ මාර්ග නීති පිළිබඳ දැනුම පරීක්‍ෂා කිරීමට ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත රජය නව නීති ක්‍රියාත්මක කිරීමට සූදානම් වේ.

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ නව මාර්ග නීති

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ මාර්ගවල අනතුරු අවම කර ආරක්ෂාව වැඩි කිරීම උදෙසා නවනීති කිහිපයක් හඳුන්වා දීමට ප්‍රාන්ත රජය තීරණය කර තිබේ.

එලෙස මාර්ග නීති වෙනස් කිරීම හේතුවෙන් රියදුරු බලපත්‍ර අලුත් කරන රියදුරන් සඳහා "refresher course" හෙවත් "මාර්ග නීති අලුත් කරගැනීමේ පාඨමාලාවක්" ඇතුළු නව ක්‍රියාමාර්ග රැසක් ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත රජය සලකා බලමින් සිටින බව ප්‍රාන්ත රජයේ ප්‍රවාහන අමාත්‍ය Mark Bailey පැවසීය.

"වසර පහකට පෙර රියදුරු බලපත්‍රයක් ලබා ගෙන වසර 5 කට පසුව එය අලුත් කිරීම අතර බොහෝ විට මාර්ග නීතිවල බොහෝ වෙනස්කම් තිබේ," යනුවෙන් ඔහු බ්‍රිස්බේන් ABC ගුවන් විදුලියට පැවසීය.

නව පරීක්ෂණය කෙබඳුද?

learner හෙවත් රිය පැදවීම ඉගෙන ගන්නන් සහ නව රියදුරන් සඳහා පවතින පාඨ මාලාවලට සමානව මෙම නව පරීක්ෂණය ද ක්‍රියාත්මක වන බව ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත රජයේ ප්‍රවාහන අමාත්‍ය Mark Bailey පැවසීය.

එය සැලසුම් කර ඇත්තේ සෑම කෙනෙකුටම බොහෝ කාලයක් ගත කිරීමට සිදුවන විශාල බරක් සහිත පරීක්ෂණයක් ලෙස නොවන බවද ඔහු පැවසීය.

"එය දැනුම හා මතකය අලුත් කරගැනීමේ පාඨ මාලාවක් ලෙස නිර්මාණය කර තිබෙනවා, මිනිසුන් තමන්ට පහසු online ආකාරයකින් පරීක්ෂණය කළ යුතු අතර අවසන් වරට රියදුරු බලපත්‍රය ලබා ගැනීමෙන් පසු පසුගිය වසර හතර හෝ පහ තුළ සිදු වූ දේ පිළිබඳ මනා සමාලෝචනයක් එයින් ලබා දේ." යනුවෙන් ප්‍රාන්ත රජයේ ප්‍රවාහන අමාත්‍ය Mark Bailey වැඩි දුරටත් පැහැදිලි කළේය.

ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත රජය එම අදහස ඉදිරිපත් කරමින් ප්‍රාන්ත වැසියන්ගේ ප්‍රතිචාර ලබා ගනිමින් සිටී.

Cars on a highway.
Queensland Transport Minister Mark Bailey said changes in road rules could make it difficult for drivers to stay updated with road rules. Source: AAP / Darren England

බලපත්‍රය ක්ෂණික අත්හිටුවීම් සහ යතුරුපැදි මරණ අවම කිරීම

පැයට කිලෝ මීටර් 40 ට හෝ ඊට වැඩි වේගයකින් වේග සීමා ඉක්මවන රියදුරන්ගේ බලපත්‍ර යෝජිත වෙනස්කම් යටතේ වහාම අත්හිටුවිය හැකිය.

මෙම ඛාණ්ඩයට හසු වූ රියදුරන් සඳහා රියදුරු බලපත්‍රය අත්හිටුවීම සති තුනක කාලයක් දක්වා දීර්ග විය හැකි බව අමාත්‍ය Bailey පැවසීය.

යතුරුපැදිවල ආරක්ෂාව පිළිබඳ විසඳුමක් ලෙස ප්‍රාන්ත රජය අප්‍රේල් 10 වනදා සිය 'Ride to Zero' වැඩසටහන ද ප්‍රකාශයට පත් කළේය.

යතුරුපැදි ධාවකයින් ක්වීන්ස්ලන්තයේ මාර්ග භාවිතා කරන්නන්ගෙන් සියයට පහක් වන නමුත් පසුගිය වසරේ ප්‍රාන්තයේ මාර්ග අනතුරු නිසා සිදුවූ මරණවලින් හතරෙන් එකකට දායක විය.

පසුගිය මාස 12 තුළ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ මාර්ගවල යතුරු පැදි මරණ 74 ක් වාර්තා වී තිබේ.

යතුරුපැදි ප්‍රජාව සමඟ, විශේෂයෙන් සමාජ ශාලා සමඟ, එහි ආරක්ෂාව වැඩි කිරීමට කටයුතු කරමින් සිටින බව ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත රජයේ ප්‍රවාහන අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Audio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

———————————————————————————

අනෙක් ප්‍රාන්තවල සහ ටෙරිටරිවල තත්ත්වය

ඔස්ට්‍රේලියාවේ අනෙකුත් සියලුම ප්‍රාන්ත සහ ටෙරිටරිවල රියදුරන් තම රියදුරු බලපත්‍ර අලුත් කිරීම සඳහා අනිවාර්ය "අලුත් කරගැනීමේ පාඨමාලාවක්" හෝ මාර්ග ආරක්ෂණ පරීක්ෂණයක් සිදුකිරීම අවශ්‍ය නොවේ.

බටහිර ඔස්ට්‍රේලියාව හැර අනෙකුත් සියලුම ප්‍රාන්ත සහ ටෙරිටරි හි ඔබේ රියදුරු බලපත්‍රය online මාර්ගයෙන් අලුත් කළ හැකිය.

බටහිර ඔස්ට්‍රේලියාවේ ඔබට රියදුරු බලපත්‍රය අලුත් කිරීමට වෙන් කර ඇති සේවා මධ්‍යස්ථානයකට පිවිසීමට හෝ රාජ්‍ය ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඇමතිය හැකිය.


Share

3 min read

Published

By Madhura Seneviratne

Source: AAP, SBS




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now