Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

NSW ප්‍රාන්තයේ කුඩා ව්‍යාපාර වලට ඩොලර් 50,000 දක්වා "අපදා ගෙවීම්" (SBS සිංහල /වාර්තා)

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට බලපෑ අයහපත් කාලගුණයෙන් බලපෑමට ලක් වූ කුඩා ව්‍යාපාර සහ ලාභ නොලබන ආයතන සඳහා ඩොලර් 50,000 දක්වා වූ රජයේ ආධාර සඳහා වන ඉල්ලුම්පත් කැඳවීම මේ වනවිට විවෘත කොට තිබේ.

Residents and business owners assess the flood damage in Lismore, NSW.
Residents and business owners assess the flood damage in Lismore, NSW. Source: AAP

Highlights

  • රාජකාරි දින 5ත් 10ත් අතර කාලයකදී මුදල් ගිණුම් වෙතට
  • ඩොලර් 50,000 දක්වා ආපදා ගෙවීම් 
  • අයදුම් කිරීමට සහ වැඩි විස්තර 

රාජකාරි දින 5ත් 10ත් අතර කාලයකදී මුදල් ගිණුම් වෙතට

කුඩා ව්‍යාපාර සඳහා වන ගංවතුර ආපදා ප්‍රතිසාධන ප්‍රදාන මගින්, ගංවතුරෙන් පීඩාවට පත් කුඩා ව්‍යාපාර සඳහා ඉතා ඉක්මනින් සහන සපයනු ඇති අතර රාජකාරි දින 5ත් 10ත් අතර කාලයක් තුල බැංකු ගිණුම් වෙත මුදල් බැර කිරීමට ප්‍රාන්ත රජය උත්සාහ කරන බව ප්‍රාන්ත අග්‍රාමාත්‍ය Dominic Perrottet පවසයි.

එමෙන්ම ඔහු සඳහන් කොට සිටියේ ගංවතුරෙන් විපතට පත් ජනතාව සහ ව්‍යාපාරිකයින් නැවත නැගී සිටීම සහතික කිරීම සඳහා කළ හැකි සෑම දෙයක්ම සිදු කරන බවයි.

Severe NSW weather causing more floods
Severe NSW weather causing more floods Source: Department of Defence

ඩොලර් 50,000 දක්වා ආපදා ගෙවීම්

ප්‍රාන්ත භාණ්ඩාගාරික Matt Kean සඳහන් කොට සිටින්නේ මෙම මුදල් ප්‍රදාන මගින් පිරිසිදු කිරීමේ සහ අලුත්වැඩියා කිරීමේ සඳහා වන පිරිවැය පියවා ගැනීමට මෙන්ම නැවත ව්‍යාපාරික ස්ථානය විවෘත කිරීමට භාවිත කල හැකි බවයි.

 


ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese 

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


 

එමෙන්ම කුඩා ව්‍යාපාර ප්‍රාන්ත ප්‍රාදේශීය ප්‍රජාවන් සඳහා දැඩි ශක්තියක් වන අතර දේශීය රැකියාවලින් වැඩි සන්ක්‍යාවකට එමගින් සහාය දක්වන බවත් ඔහු සඳහන් කොට සිටී.

මෙම අපදා ගෙවීම් මගින් ඩොලර් 50,000 දක්වා ලබාගැනීමට හැකියාව පවතින අතර, එම මුදල්,

  • කුඩා ව්‍යාපාර සඳහා වන ආරක්‍ෂිත පරීක්‍ෂණ සිදු කිරීමට 
  • ගොඩනැගිලි අලුත්වැඩියා කිරීමට 
  • පිරිසිදු කිරීමේ උපකරණ මිලදී ගැනීමට 
  • වෙළඳාම නැවත ආරම්භ කිරීමට අවශ්‍ය ද්‍රව්‍ය ගැනීමට 
  • සුන්බුන් සහ නරක් වූ තොග බැහැර කිරීමට 
  • තාවකාලිකව, පවතින ඉඩක් බදු දීමට

භාවිත කල හැක.

Scenes after the floods in the Central Business District of Lismore, NSW, Friday, March 4, 2022. (AAP Image/Jason O'Brien) NO ARCHIVING
Scenes after the devastating floods in the Central Business District of Lismore, NSW, Friday , March 4 , 2022. Source: AAP

අයදුම් කිරීමට සහ වැඩි විස්තර

පාරිභෝගික සේවා සහ ඩිජිටල් රාජ්‍ය අමාත්‍ය Victor Dominello පවසන්නේ, මේ සඳහා Service NSW වෙබ්අඩවිය හරහා හෝ 13 77 88 යන දුරකථන අංකය ඔස්සේ Service NSW Business Concierge ඇමතීමෙන් අයදුම් කල හැකි බවයි.

Resilience NSW සහ ඕස්ට්‍රේලියානු මධ්‍යම රජයේ හවුල්කාරීත්වය මත Service NSW මගින් මෙම අපදා ගෙවීම් සිදු කෙරේ.

ගංවතුර සහ දරුණු කුණාටු හේතුවෙන් පීඩාවට පත් වූ ව්‍යාපාර හිමිකරුවන්ට ලබාදෙන නවතම සහාය සම්බන්ධයෙන් යාවත්කාලීන වන තොරතුරු Service NSW වෙබ් අඩවියේ ඇතුලත් වේ.

සහාය අවශ්‍ය ව්‍යාපාර සඳහා ව්‍යාපාරික සහායකයකුගෙන් ආපසු ඇමතුමක් ලබාගැනීම සඳහා මෙතනින් ලියාපදිංචි විය හැකිය, නැතහොත් සහාය සඳහා 13 77 88 අමතන්න.

අයදුම්පත් https://www.service.nsw.gov.au/transaction/apply-february-and-march-2022-storm-and-flood-disaster-recovery-small-business-grant මගින් ඉදිරිපත් කළ හැක. අයදුම්පත් 2022 ජුනි මස 30 වැනිදා දක්වා විවෘතව පවතී.

ප්‍රාථමික නිෂ්පාදකයින්ට ග්‍රාමීය ආධාර අධිකාරිය හරහා $75,000 දක්වා ප්‍රදානයන් වෙත ප්‍රවේශ විය හැක. වැඩි විස්තර සඳහා https://www.raa.nsw.gov.au/disaster-assistance/storm-and-flood-programs/sdg-february-2022 වෙත පිවිසෙන්න


3 min read

Published

Updated

By Nipuna Dodangoda



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now