මේ වනවිට සමස්ත ලෝකයටම තර්ජනයක්ව පවතින කොරෝනා වෛරසයට එරෙහිව ඔස්ට්‍රේලියාව නිරෝධායනය සහ COVID-19 පරීක්ෂණ ඇතුලු සාර්ථක වැඩපිළිවෙලක් රැගෙන යමින් සිටී.මෙම තත්වයට පිලියමක් වන, සමස්ත ඕස්ට්‍රේලියානු ඉතිහාසය තුල ප්‍රථම වතාවට දියත් කිරීමට නියමිත අති විශාල එන්නත් වැඩසටහන ලබන මසදී ඇරඹීමට නියමිතව තිබේ.
ඕස්ට්‍රේලියාවේ first-priority groups නොහොත් පළමු ප්‍රමුඛතා කණ්ඩායම් සඳහා Pfizer එන්නත ලබාදෙන බවට පසුගිය සතියේදී ඕස්ට්‍රේලියානු මධ්‍යම රජය සඳහන් කල අතර සති අන්තයේදී ඕස්ට්‍රේලියානු ප්‍රධාන සෞඛ්‍ය නිලධාරි Paul Kelly සඳහන් කොට සිටියේ AstraZeneca එන්නත බොහෝ ඕස්ට්‍රේලියානුවන් හට ලබා දීමට නියමිත බවයි.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
සජීවීව සහ පසුව online අහන්න -www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
Pfizer එන්නත ඔස්ට්‍රේලියාවට පළමුවෙන්ම නමුත් සීමිත ප්‍රමාණයක් ලැබෙන අතර, පළමු ප්‍රමුඛතා කණ්ඩායම් සඳහා මෙම එන්නත ලබාදීම මීට හේතුවයි. එමෙන්ම AstraZeneca එන්නත ඔස්ට්‍රේලියාව තුල නිපදවන හෙයින් එම එන්නත බොහෝ ඕස්ට්‍රේලියානුවන් හට ලබා දීමට ඕස්ට්‍රේලියානු බලධාරීන් තීරණය කොට ඇති බව ABC මාධ්‍ය සඳහන් කරයි.
ඔබට ලැබිය හැකි එන්නත සහ මෙම එන්නත් දෙකෙහි පවතින වෙනස කුමක්ද?
Pfizer එන්නත
Pfizer Biotech එන්නත තවමත් ඔස්ට්‍රේලියාව තුල අනුමත කොට නොමැති නමුත් ඕස්ට්‍රේලියානු චිකිත්සක භාණ්ඩ පරිපාලන ආයතනය මගින් කොරෝනා වෛරසය සඳහා මුලින්ම අනුමත කරන පළමු එන්නත විය හැකිය.
මෙම එන්නතෙහි කාර්යක්ෂමතාවය 95%ක් වන අතර ඔස්ට්‍රේලියාව මාත්‍රා මිලියන 10ක් ඇණවුම් කොට තිබේ.
මෙම එන්නත ලැබෙන ඕස්ට්‍රේලියාවේ පළමු ප්‍රමුඛතා කණ්ඩායම්
- නිරෝධායන හා දේශසීමා සේවකයින් 70,000
- ඉදිරි පෙළ සෞඛ්‍ය සේවකයින් 100,000
- වැඩිහිටි හා ආබාධිත සත්කාර සේවකයින් 318,000
- වැඩිහිටි හා ආබාධිත සත්කාරක මධ්‍යස්ථාන නේවාසිකයින් 190,000
ඕස්ට්‍රේලියානු රජය මගින් එන්නත් වැඩසටහනේ අදියර හතරක් සැලසුම් කර ඇති අතර ඕස්ට්‍රේලියානු ජනගහනයෙන් වැඩි ප්‍රමාණයක් ආරක්ෂා කිරීම මෙහි අරමුනයි.

AstraZeneca එන්නත
Oxford University සහ ඔස්ට්‍රේලියාව එක්ව AstraZeneca එන්නත සංවර්ධනය කොට තිබේ.
මෙම එන්නත ජෛව තාක්‍ෂණ සමාගමක් වන CSL සමගම මගින් ඔස්ට්‍රේලියාව තුල නිෂ්පාදනය කරන අතර මේ හේතුවෙන් සැපයුම පිළිබඳව සුරක්ෂිත බවක් පවතී.
මෙම එන්නතෙහි කාර්යක්ෂමතාවය 70%ක් වේ.
COVID-19 එන්නත් සියලුම ඕස්ට්‍රේලියානුවන්ට නිර්දේශ කරන අතර ඕස්ට්‍රේලියානු පුරවැසියන් සඳහා, ස්ථිර පදිංචිකරුවන් සඳහා සහ බොහෝ වීසා බලපත්‍රලාභීන් සඳහා නොමිලේ ලබා දීමට නියමිතයි.
ඔස්ට්‍රේලියාව මෙම එන්නත් වර්ග භාවිත කිරීමට හේතු
ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය බලධාරීන්ට හට Pfizer එන්නත සම්බන්ධයෙන් සවිස්තරාත්මක දත්ත පවතින අතර එම එන්නත පළමුවෙන් අනුමත කිරීම සම්බන්ධයෙන් අවධානයක් යොමු කොට තිබේ.
La Trobe විශ්ව විද්‍යාලයේ වසංගත රෝග විද්‍යාඥ Hassan Vally සඳහන් කොට සිටින්නේ පළමු එන්නත වන Pfizer එන්නත අවදානමක් සහිත කණ්ඩායම් සඳහා ලබාදීම අර්ථවත් වන බවයි.
AstraZeneca එන්නත ඔස්ට්‍රේලියාව තුල නිෂ්පාදනය කිරීම හැකියාවක් පැවතීම හේතුවෙන් එම එන්නත ඕස්ට්‍රේලියානුවන්ට ලබාදීම හොද පියවරක් වන බවද විශේෂඥයින් පෙන්වා දෙයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන වසංගත රෝග විද්‍යාඥ Hassan Vally සඳහන් කරන්නේ ඉදිරි මාස 12ක පමණ කාලය තුලදී ඇතිවිය හැකි ගෝලීය ගැටලු සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේදී මෙම එන්නත ඔස්ට්‍රේලියාව තුල නිෂ්පාදනය කිරීම වාසි සහගත බවයි. එමෙන්ම කුමන එන්නතක් ලැබුනද ඕස්ට්‍රේලියානුවන් වැඩි පිරිසක් එන්නත් ලබාගැනීම වැදගත් වන බවද Hassan Vally අවධාරණය කොට සිටී.

ප්‍රතිශක්ති විද්‍යාඥ Kylie Quinn පෙන්වා දෙන්නේ ඔස්ට්‍රේලියාවට Pfizer සහ AstraZeneca යන එන්නත් දෙවර්ගයම ලබාගැනීමට හැකිවීම වාසනාවක් වන බවයි.
AstraZeneca එන්නතෙහි ඉතා ඉහල ඵලදායීතාවයක් නොතිබුණද එම එන්නත ලබාගැනීම මගින් සෑම අයකුම ප්‍රජාවට පුලුල් ආරක්ෂාවක් ලබාදෙන බව Kylie Quinn සඳහන් කරයි.
මෙම එන්නත් ක්‍රියා කරන්නේ කෙසේද?
සෑම ඔස්ට්‍රේලියනුවකුටම එකම එන්නත නොලැබෙන නමුත් එන්නත් දෙක මගින් එකම ඉලක්කයක් සපුරාගැනීමට හැකියාව හිමි වේ. කොරෝනා වෛරසයට ගොදුරු වීමට පෙර පුද්ගල ප්‍රතිශක්තිය එම වෛරසයට පුහුණු කිරීම මෙම එන්නත් දෙක මගින්ම සිදු කෙරේ.
කොරෝනා වෛරසයේ මතුපිට ඊට අවේනික වූ ප්‍රෝටීන වලින් සැදී spikes පවතින අතර පුද්ගල සෛල භාවිත කරමින් spike ප්‍රෝටීන සෑදීම Pfizer සහ AstraZeneca යන එන්නත් දෙවර්ගයම මගින් සිදු කරයි. පසුව එන්නත් මගින් මෙමෙ ප්‍රෝටීන පුද්ගල ප්‍රතිශක්තිකරන පද්ධතියට එක් කරන අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් ශරීරයට බාහිරින් පැමිණෙන වෛරසය විනාශ කිරීම සඳහා සෛල නිපදවීම සිදු වේ.
Pfizer එන්නත තුල mRNA (messenger ribonucleic acid) හෙවත් කොරෝනා වයිරසය හඳුනා ගන්නා ප්‍රෝටීන නිර්මාණය කිරීමට සෛලයකට අවශ්‍ය සියලුම උපදෙස් අඩංගු අම්ලය නිර්මාණය කොට තිබේ.
ඉතා කුඩා මේද අංශුවක් තුල, ශරීරයේ සෛල සඳහා උපදෙස් ලබා දීමේ මෙම අම්ලය අඩංගු වේ.
මෙය ඉතාමත් සාර්ථක ක්‍රමයක් වන බවට ප්‍රතිශක්ති විද්‍යාඥ Kylie Quinn සඳහන් කරන අතර Kylie පෙන්වා දෙන්නේ mRNA සෛලය ශරීරය තුලට ගිය විට එහි අඩංගු උපදෙස් අනුව පුද්ගල ප්‍රතිශක්තීකරණ පද්ධතිය වෛරසයට එරෙහිව සෛල නිර්මාණය බවයි.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා
ගුවන් විදුලියෙන් - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
නැතිනම් රූපවාහිනියේ channel 38
AstraZeneca එන්නත තුල පුද්ගල ශරීරයට උපදෙස් ලබාදීම සඳහා දුර්වල වූ වෛරසයක් අඩංගු වේ.
මෙම එන්නත නිපදවීමේදී විද්‍යාඥයින් විසින් DNA වලට සමාන ජානමය කේතයක් අඩංගු කොට ඇති අතර එමගින් රෝගාබාධ ඇති නොවේ. එමෙන්ම මෙහි අඩංගු දුර්වල වෛරසය, ශරීරයට උපදෙස් ලබාදෙන ප්‍රෝටීන ගෙනයන ආධාරකයක් පමණක් ලෙස ක්‍රියා කරයි.
කෙසේ නමුත් මෙම එන්නතේ සාර්ථක ප්‍රතිපල සඳහා වැඩිදුර පරීක්ෂණ සිදු කරන අතර AstraZeneca එන්නත මගින්ද Pfizer එන්නත මෙන් ශරීරයට බාහිරින් පැමිණෙන වෛරසය විනාශ කිරීම සඳහා T-cells නිපදවීමට ශරීර ප්‍රතිශක්තීකරණ පද්ධතියට තොරතුරු ලබා දීම සිදු කරයි.

