ගෝලීය මත්ද්‍රව්‍ය ජාවාරම් කල්ලියක නායකයෙකු මෙල්බර්න් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා ඔස්ට්‍රේලියාවට පිටුවහල් කර තිබේ.
ඔස්ට්‍රේලියානු පොලිස් ඉතිහාසයේ අතිශය වැදගත්ම අත්අඩංගුවට ගැනීම් වලින් එකක් ලෙස ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය මෙය විස්තර කර ඇත.
නම ගිය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් මෙල්බර්න් අධිකරණයට
ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය විසින් කැනේඩියානු ජාතික Tse Chi Lop ට එරෙහිව ජාත්‍යන්තර සංවිධානාත්මක අපරාධ කල්ලියක් වන Sam Gor සම්බන්ධයෙන් දීර්ඝ කාලීන පරීක්ෂණයකින් පසු චෝදනා එල්ල කර ඇත.
මෙය කැන්ටෝනීස් බසින් "තුන්වන සහෝදරයා" ලෙසත් The Company ලෙසත් හැඳින්වේ.
———————————————————————————
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese
SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala
SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————
59 හැවිරිදි Tse Chi Lop දෙසැම්බර් 22 වනදා බ්‍රහස්පතින්දා මෙල්බර්න් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිතය.
ඔහු 2012 මාර්තු සිට 2013 මාර්තු දක්වා කාලය අතර කිලෝග්‍රෑම් 20 ක් බරැති මෙතම්ෆෙටමින් හෝ මත්ද්‍රව්‍ය සංයෝජනය සඳහා වූ කුමන්ත්‍රණයක කොටස්කරුවෙකු බවට පොලිසිය චෝදනා කරයි.
මෙම මත්ද්‍රව්‍යවල වටිනාකම ඩොලර් මිලියන 4.4 ක් දක්වා වන අතර ඒවා වෙනම ප්‍රමාණවලට බෙදා ඇති බවටද පොලිසිය චෝදනා කරයි.

ඔස්ට්‍රේලියානු පොලිස් ඉතිහාසයේ වැදගත් අත්අඩංගුවට ගැනීම් වලින් එකක්
මෙම විමර්ශනයට "Operation Gain" නමින් හැඳින්වෙන ඔස්ට්‍රේලියානු භූමියෙන් පිටත සිටින කඩා පැනීමේ කාර්ය සාධක බලකාය මෙන්ම එහි ජාත්‍යන්තර ජාලය ද සම්බන්ධ විය.
මෙක්සිකානු හිටපු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන Joaquin "El Chapo" Guzman හට සමාන කරන Tse ව තාවකාලික අත්අඩංගුවට ගැනීම සඳහා ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලීසිය විසින් INTERPOL රතු නිවේදනයක් ඉල්ලා සිටීමෙන් පසු පසුගිය වසරේ ජනවාරි 22 වන දින නෙදර්ලන්ත පොලිස් නිලධාරීන් විසින් Amsterdam හි Schiphol ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගන්නා ලදී.
ඔහු දෙසැම්බර් 22 වනදා බ්‍රහස්පතින්දා නෙදර්ලන්තයේ සිට ඔස්ට්‍රේලියාවට පිටුවහල් කරන ලදී.
මොහුව අත්අඩංගුවට ගැනීම ආරක්ෂක අංශවලට පමණක් නොව සමස්ත ඔස්ට්‍රේලියානු ප්‍රජාවටම අතිශයින්ම වැදගත් බව ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලීසියේ සහකාර කොමසාරිස් Krissy Barrett පැවසුවාය.
"මෙය ඔස්ට්‍රේලියානු පොලිස් ඉතිහාසයේ වඩාත්ම වැදගත් අත්අඩංගුවට ගැනීම් වලින් එකක් වනු ඇති" යනුවෙන්ද ඇය වාර්තාකරුවන්ට පැවසුවාය.
මෙම වසරේ ජුනි මාසයේදී ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය විසින් චීන-බ්‍රිතාන්‍ය ද්විත්ව පුරවැසියෙකු වන 66 හැවිරිදි Chung Chak Lee හට වාණිජ ප්‍රමාණයේ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් ද චෝදනා එල්ල කළේය.
66 හැවිරිදි ඔහු Tse ගේ සම වැරදිකරුවා බවට චෝදනා එල්ල වේ.
සිඩ්නි සහ මෙල්බර්න් අතර මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමට ඔස්ට්‍රේලියාවේ කනිෂ්ඨ අපාරාධ සාමාජිකයින් සමඟ කුමන්ත්‍රණය කළ බවත්, අදාළ කල්ලි විසින් මුහුදේ සහ ඔස්ට්‍රේලියාවේ මුදල් විදෙස් රටවලට යවන්නන් හරහා මුදල් විශුද්ධිකරණය කළ බවත් පොලිසිය චෝදනා කරයි.

