Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ඕස්ට්‍රේලියාවේ සිදුකෙරෙන COVID-19 වෛරස පරීක්ෂණ සොරකම් තැත සම්බන්ධයෙන් ඕස්ටේලියානු බුද්ධි අංශ විමසිල්ලෙන් (SBS සිංහල/ වාර්තා)

Testing

Source: Pixabay

ඕස්ට්‍රේලියාවේ ආරක්ෂක ක්ෂේස්ත්‍රය විදෙස් ඔත්තු කරුවන්ගේ ප්‍රධාන ඉලක්කයක් වී ඇති අතර මේ හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ සිදුකෙරෙන COVID-19 වෛරස පරීක්ෂණ සඳහාද දැඩි අවධානමක් මතුව තිබේ.

මේ සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු ආරක්ෂක බුද්ධි සංවිධානය වන (ASIO) සංවිධානය සිය අවධානය යොමු කොට ඇති අතර ඔස්ට්‍රේලියාව තුල විදෙස් ඔත්තුකරුවන් විශාල සංක්‍යාවක් සිටින බවටද හඳුනාගෙන ඇත.


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download) 


මේ වන විට COVID-19 වෛරසයට අදාළ වෛද්‍ය තොරතුරු සොරකම් කිරීම සඳහා විදෙස් රටවල් දරන උත්සාහායද සැලකිය යුතු ලෙසින් ඉහල ගොස් තිබේ. එක්සත් ජනපදය , එක්සත් රාජධානිය සහ කැනඩාව ඉලක්ක කරමින් පසුගිය දින කිහිපය තුලදී රුසියාව විසින් සයිබර් ප්‍රහාර එල්ල කොට ඇති අතර ඔස්ට්‍රේලියාව ඉලක්ක කරමින් මෙලෙස සිදුකරන ඔත්තු බැලීමද රුසියාව විසින් සිදු කරන බවට විශ්වාස කෙරේ.

Cyber
Source: Pixabay

පසුගිය ජුලි මාසයේදී, සයිබර් ප්‍රහාර දියත් කරමින් තම එන්නත් නිපදවීමේ සමාගම් වලට අනවසරයෙන් ඇතුලුවීමට චීනය උත්සහ දැරූ බවට එක්සත් ජනපදය චෝදනා සිදුකල අතර මෙවැනි ආකාරයෙන් සිදුවිය හැකි සයිබර් ප්‍රහාර වැලැක්වීම සඳහා කටයුතු කරන බව ඕස්ට්‍රේලියානු සයිබර් ආරක්ෂක මධ්‍යස්ථානය සඳහන් කොට තිබේ.


SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

ගුවන් විදුලියෙන්  - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm  ACT / 106.3 fm SA

නැතිනම්  රූපවාහිනියේ channel 38


උද්ගතව ඇති මෙම තත්වය සඳහා මේ වන විටත් ගතයුතු පියවර ගෙන ඇති අතර මේ සඳහා වෛද්‍ය ආයතන සහ විද්‍යාත්මක සංවිධාන සමග එක්ව කටයුතු සිදුකරන බව ASIO සංවිධාන අධ්‍යක්ෂක ජනරාල් Mike Burgess පවසයි.

වසංගතය අතරේ සිදුවන ඔත්තු බැලීම්

කොරෝනා වසංගතයත් සමග සිය ඔත්තු බැලීම් කටයුතු වල සැලකිය යුතු මට්ටමේ වෙනසක් සිදුව ඇති අතර නිලධාරීන් අතර සිදුවන සන්නිවේදන කටයුතු ද යම් වෙනසකට ලක් වූ බව ASIO සංවිධාන අධ්‍යක්ෂක ජනරාල් Mike Burgess පවසයි. ඔහු වැඩි දුරටත් සඳහන් කර සිටින්නේ කොරෝනා වසංගතයත් සමග පොදු ස්ථාන වලට ජනතාව එක්රැස්වීම අඩු වුවද ඔස්ට්‍රේලියාවට පවතින ත්‍රස්ත අවධානය අඩුව නොමැති බවයි. කොරෝනා වසන්ගතයත් සමග බොහෝ ත්‍රස්ත හෝ අන්තවාදී පුද්ගලයින් අන්තර්ජාලය ඔස්සේ සිය අන්තවාදී මතවාදය බෙදාහරිමින් සිටින බවද ඔහු පවසා තිබේ.

ඕස්ට්‍රේලියානු ආරක්ෂක සහ අභ්‍යවකාශ ක්ෂේස්ත්‍ර සඳහා පවතින අවධානම ඒ අයුරින්ම

කොරෝනා වසංගතය ඇති වීමට පෙර සිටම බොහෝ සෙසු රටවල්, ඕස්ට්‍රේලියානු ආරක්ෂක සහ අභ්‍යවකාශ ක්ෂේස්ත්‍ර පිළිබඳව සිය අවධානය යොමු කල අතර එම අවධානම තවමත් තුරන්ව ගොස් නොමැති බව Mike Burgess අවධාරණය කර සිටී. මෙහිදී මුලික වශයෙන්ම ඔස්ට්‍රේලියාව නිෂ්පාදනය කිරීමට උත්සාහ දරන ආරක්ෂක උපකරණ සම්බන්ධයෙන් විදෙස් ඔත්තුකරුවන්ගේ අවධානයට ලක්ව තිබේ.

Crowd
Source: Pixabay

ඕස්ට්‍රේලියාව පිලිබඳව ඔත්තු බලන්නේ කවුද?

ඕස්ට්‍රේලියාව සම්බන්ධයෙන් ඔත්තු බැලීමේ කාර්යයෙහි රුසියාව සහ චීනය ප්‍රධාන ස්ථාන දරන බවට ඕස්ට්‍රේලියානු ඔත්තු සේවා නිලධාරීන් පවසා ඇති නමුත් Mike Burgess ඒ පිළිබඳව කිසිවක් සඳහන් කොට නොමැත. ඔහු පවසා ඇත්තේ ඔස්ට්‍රේලියාව පිළිබඳව ඔත්තු බැලීමේ කාර්යයේදී තමාට රටවල් දෙකකට වඩා වැඩි සංක්‍යාවක් පිළිබඳව අවධානය යොමු කිරීමට සිදුව ඇති බවයි.

ඕස්ට්‍රේලියානු සමාජය තුල මේ වන විට විශාල සන්ක්යාවක් විදෙස් ඔත්තුකරුවන් සිටින අතර ඔවුන් ව්‍යාපාරිකයන්, වෙළඳ ප්‍රජාව, මාධ්‍යවේදීන් හෝ වෙනත් රැකියාවක් සිදු කරමින් අතිශය සාමාන්‍ය අයුරින් ජීවත් වන බවද ඕස්ට්‍රේලියානු බුද්ධි අංශ ප්‍රධානී Mike Burgess අවධාරණය කොට තිබේ.

** ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගැනීමට පිවිසෙන්න SBS සිංහල සේවයේ Facebook පිටුවට www.facebook.com/sbssinhala

sbs radio
Source: SBS Radio

3 min read

Published

By Nipuna Dodangoda



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now