Cleaning, Courier ඇතුළු ඔස්ට්‍රේලියාවේ ව්‍යාපාරවලට සහ කොන්ත්‍රාත්කරුවන්ට ATO එක දුන්න නවතම අනතුරු ඇඟවීම මෙන්න

ගොඩනැගිලි සහ ඉදිකිරීම් කර්මාන්තයේ ව්‍යාපාර මෙන්ම cleaning, courier සහ මාර්ග හරහා භාණ්ඩ ප්‍රවාහනය, තොරතුරු තාක්‍ෂණය සහ ආරක්ෂාව, විමර්ශන හෝ නිරීක්ෂණ සේවා සපයන ව්‍යාපාර සහ මෙම සේවාවන්ට අදාළව ගෙවීම් කරන කොන්ත්‍රාත්කරුවන් සහ ව්‍යාපාර TPAR එකක් ගොනු කළ යුතුය.

Tax Office

Tax Office Credit: Wiki Commons

ඔස්ට්‍රේලියාවේ Taxable payments annual report (TPAR) හෙවත් බදු ගෙවීම් වාර්ෂික වාර්තාවක් ගොනු කිරීමට අවශ්‍ය ව්‍යාපාර සහ කොන්ත්‍රාත්කරුවන් එය 2023 අගෝස්තු 28 වන විට ඔස්ට්‍රේලියානු බදු කාර්යාලයට යොමු කළ යුතු බව නිවේදනයක් නිකුත් කරමින් බදු කාර්යාලය සිහිපත් කරයි.

Taxable payments reporting system හෙවත් බදු ගෙවීම් වාර්තා කිරීමේ පද්ධතිය, ඔස්ට්‍රේලියානු බදු කාර්යාලයට (ATO) බදු නොගෙවූ වූ ආදායම හෙළිදරව් කිරීමට සහ ව්‍යාපාර සඳහා බදු කටයුතු සාධාරණව පවත්වා ගෙන යාමට උපකාර කරයි.

කූඨ ව්‍යාපාරිකයින්ට සහ කොන්ත්‍රාත්කරුවන්ට රතු එළියක්

TPAR සියලු ව්‍යාපාර ඔවුන්ගේ සාධාරණ බදු කොටස ගෙවීම සහතික කර ගනිමින් සම මට්ටමේ ව්‍යාපාරික පරිසරයක් පවත්වා ගැනීමට උපකාරී වන බව ඔස්ට්‍රේලියානු බදු කාර්යාලයේ සහකාර කොමසාරිස් Tony Goding පැවසීය.

"බොහෝ ව්‍යාපාර නිවැරදි දේ කරන අතර, කොන්ත්‍රාත්කරුවන්ට කරන ගෙවීම් වාර්තා නොකිරීම සහ හිතාමතාම අඩු ආදායම් වාර්තා කිරීම අවංක ව්‍යාපාර සඳහා අසාධාරණයක් කරනවා' යනුවෙන්ද ඔහු පැවසීය.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Audio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————
එවැනි ව්‍යාපාර සහ කොන්ත්‍රාත්කරුවන් දෙස ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය සූක්ෂමව බලා සිටින බවද එය රතු එළියක සංඥාවක් ලෙස හැඳින්විය හැකි බවද බදු කාර්යාලයේ සහකාර කොමසාරිස් Tony Goding සඳහන් කළේය.

මිලියන 1.1කට ආසන්න කොන්ත්‍රාත්කරුවන් වෙත ගෙවා ඇති ඩොලර් බිලියන 400ක පමණ ගෙවීම් පසුගිය මුල්‍ය වර්ෂය තුළ TPAR පද්ධතිය තුළ වාර්තා වී තිබේ.

" නිවැරදි ආදායම ඇතුළත් නොකිරීම, බදු වාර්තා හෝ ක්‍රියාකාරකම් ප්‍රකාශයන් යොමු නොකිරීම, පමණට වඩා GST යළි ලබා ගැනීම් හෝ ඕස්ට්‍රේලියානු ව්‍යාපාරික අංක (ABN) වැරදි ලෙස භාවිතා කිරීම වැනි අකටයුතුකම් පරීක්ෂා කිරීමට අපි TPAR හි තොරතුරු පරාසයක් භාවිතා කරනවා,' ලෙසද ඔස්ට්‍රේලියානු බදු කාර්යාලයේ සහකාර කොමසාරිස් Tony Goding පැවසීය.

TPAR යොමු නොකෙරුවොත් දඩ

ගොඩනැගිලි සහ ඉදිකිරීම් කර්මාන්තයේ ව්‍යාපාර මෙන්ම cleaning, courier සහ මාර්ග හරහා භාණ්ඩ ප්‍රවාහනය, තොරතුරු තාක්‍ෂණය සහ ආරක්ෂාව, විමර්ශන හෝ නිරීක්ෂණ සේවා සපයන ව්‍යාපාර සහ මෙම සේවාවන්ට අදාළව ගෙවීම් කරන කොන්ත්‍රාත්කරුවන් සහ ව්‍යාපාර TPAR එකක් ගොනු කළ යුතුය.

බදු කාර්යාලය විසින් මෑතකදී සිහිපත් කිරීම් ගණනාවක් සිදුකළා වුවද පෙර වසර සඳහා TPAR ගොනු නොකළ ව්‍යාපාර සඳහා දඩ 16,000කට වඩා නිකුත් කර ඇත.

TPAR යොමු නොකිරීම සඳහා සාමාන්‍ය දඩය ආසන්න වශයෙන් ඩොලර් 1,110 කි.
"අවංක ව්‍යාපාරවලට අසාධාරණයක් කරමින් හිතාමතාම තම නියම ආදායම වාර්තා නොකරන හෝ අඩුවෙන් වාර්තා කරන ඇතැමුන් සිටින බව අපි දන්නවා. එනිසා එවැනි කූඨ ව්‍යාපාර සහ කොන්ත්‍රාත්කරුවන් පිළිබඳ අප දැඩි විමසිල්ලෙන් සිටිනවා." ලෙස ඔස්ට්‍රේලියානු බදු කාර්යාලයේ සහකාර කොමසාරිස් Tony Goding පැවසීය.

ඔස්ට්‍රේලියාවේ shadow economy යටතේ බදු නොගෙවීම හේතුවෙන් ඔස්ට්‍රේලියානු ආර්ථිකයට සෑම වසරකම ඩොලර් බිලියන 12.4ක වියදමක් වන බවටද ගණන් බලා ඇත.



Share

Published

By Madhura Seneviratne
Source: SBS

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
Cleaning, Courier ඇතුළු ඔස්ට්‍රේලියාවේ ව්‍යාපාරවලට සහ කොන්ත්‍රාත්කරුවන්ට ATO එක දුන්න නවතම අනතුරු ඇඟවීම මෙන්න | SBS Sinhala