SKIP TO MAIN CONTENT

Airbag ප්‍රශ්නයක් නිසා ඔස්ට්‍රේලියාවේ මෝටර් රථ මිලියන 4 ක් අනිවාර්යෙන් නැවත කැඳවයි. ඔබේ රථයත් ඒ අතර තිබෙනවාද බලන්න. (SBS සිංහල/වාර්තා)

AUS government compulsory recall of nearly four million cars fitted with deadly Takata airbags.
Source: SBS

2 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

මාරාන්තික Takata airbags සහිත මෝටර් රථ මිලියන 4 කට ආසන්න සංඛ්‍යාවක් අනිවාර්යෙන් නැවත කැඳවීමට (compulsory recall) ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය අද (28/02) තීරණය කළේය.

Takata airbags ප්‍රතිස්ථාපනය කිරීමේ අදාළ මෝටර් රථ නිෂ්පාදන සහ සේවා සැපයුම් ආයතන වල ප්‍රතිචාරය අසතුටුදායක මට්ටමේ පැවැතීම හේතුවෙන් ඔස්ට්‍රේලියානු රජය මේ තීරණය ගෙන තිබේ.

මෙය ඔස්ට්‍රේලියානු ඉතිහාසයේ නිෂ්පාදනයක් නැවත කැඳවන දැවැන්තම අවස්ථාව වන අතර මීට පෙර පසුගිය වසරේ Takata airbags ප්‍රතිස්ථාපනය කිරීමට අදාළ මෝටර් රථ ස්වේච්ඡා කැඳවීමක් සිදු කරනු ලැබීය.

“පසුගිය වසරේ කැඳවීම ස්වේච්ඡා කැඳවීමක්. එය සතුටුදායක මට්ටමක නැහැ. සෑම ඔස්ට්‍රේලියනුවෙකුගේම ආරක්ෂාව අපිට වැදගත්. එනිසා මෙය අනිවාර්ය නැවත කැඳවීමක් ලෙස රජය නම් කරනවා” යනුවෙන් භාණ්ඩාගාර කටයුතු පිළිබඳ සහකාර අමාත්‍ය Michael Sukkar, කැන්බරා නුවරදී අද ජනමාධ්‍ය වෙත පැවසීය.

Takata airbags සහිත වාහන අනතුරට පත්වීමේදී ලොව පුරා මරණ ගණනාවක් සිදුව ඇති අතර පසුගිය වසරේදී ඔස්ට්‍රේලියාවේද එක් මරණයක් වාර්තා විය.

Ford, GM Holden, Mercedes Benz, Tesla, Jaguar, Land Rover, Volkswagen, Audi, Skoda, BMW, Chevrolet, Chrysler, Dodge, Ferrari, GMC, Honda, Jeep, Lexus, Mazda, Mitsubishi, Nissan, Subaru, Toyota, Volvo සහ Hino Trucks යන මෝටර් රථ නිෂ්පාදන වර්ග සඳහා මෙම අනිවාර්ය නැවත කැඳවීම අදාළ වේ.

ඔබගේ වාහනයත් ඉහත වර්ගයකට අයත් නම් එහි ඇති airbag එක 2020 වසරේ දෙසැම්බර් 31 ට පෙර ප්‍රතිස්ථාපනය කරගත යුතු වේ.

මෝටර් රථ වාහන හිමියන්ට www.productsafety.gov.au යන වෙබ් අඩවිය හරහා තමන්ගේ මෝටර් රථ මාදිලිය මේ සඳහා අදාළ ද නැතිද යන්න පරීක්ෂා කරගත හැකිවේ.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now