SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයින්ව බුද්ධි අංශ පරීක්ෂණයකට යොමු කිරීමට රජය සැරසෙයි.

migrants
Source: AAP

2 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

ඔස්ට්‍රේලියාවට පැමිණීමට අපේක්ෂා කරන සංක්‍රමණිකයින් ප්‍රථම වරට ඔස්ට්‍රේලියාවට පැමිණීමට පෙර ඔවුන්ගේ තොරතුරු සොයා බැලීමට නීති සම්පාදනය කිරීමට සහ ඒවා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවට හා බුද්ධි අංශවලට ක්‍රියාත්මක කිරීමට හැකිවන පරිදි කටයුතු කිරීම පිළිබඳව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය අවධානය යොමු කර තිබේ.

ඔස්ට්‍රේලියානු රජය ක්‍රියාකාරීව මේ පිළිබඳ අවධානය යොමු කරමින් සිටින බව  ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ ලේකම් Michael Pezzullo, The Daily Telegraph පුවත් පතට පවසා තිබුණි.

ඒ අනුව ඔස්ට්‍රේලියාවට පැමිණීමට පෙර හා ඔස්ට්‍රේලියානු පුරවැසියෙකු වීමට පෙර ඔවුන් පිළිබඳ වැදගත් තොරතුරු සියල්ලක්ම පාහේ යම් පරීක්ෂණයක් මගින් සොයා බැලෙනු ඇත.

මේ පිළිබඳ තවමත් පාර්ලිමේන්තුව දැනුවත් කර නොමැති අතර මහජනතාවට ද නිල වශයෙන් සන්නිවේදනය කර නොමැති බව පැවසේ.

මෙම පරීක්ෂණය මගින් අදාළ සංක්‍රමණිකයින් ඔස්ට්‍රේලියානු ජන සාමජයට නිසි ලෙස මුසුවනවාද, ඔවුන් ඔස්ට්‍රේලියානු වටිනාකම් නිසි ලෙස අවබෝධ කරගෙන සිටිනවාද සහ ඒවාට ගරු කරනාවාද යන්න පිළිබඳ ප්‍රධාන වශයෙන් විමර්ශනය කෙරෙනු ඇත.

එමෙන්ම ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය සඳහා අයදුම් කිරීමට පෙර "ongoing assessment" හෙවත් නොකඩවා සිදු කෙරෙන ඇගයීම් පරීක්ෂණයක් සිදු කිරීමේ ආකෘතියකට පිවිසීමට ඔස්ට්‍රේලියානු රජයට අවශ්‍ය වී ඇති බව ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය පිළිබඳ අමාත්‍ය Alan Tudge පැවසීය.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now