SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය පිරිනැමීමට අදාළ ප්‍රතික්ෂේප වූ යෝජිත වෙනස්කම් නැවත ගෙන ඒමට ඔස්ට්‍රේලියානු රජය සූදානම් වෙයි.

Australian citizenship Changes
Kevin Andrews, Minister for Immigration and Citizenship, Oct. 01, 2007. (AAP Image/Andrew Brownbill). NO ARCHIVING Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය පිරිනැමීමේදී ක්‍රියාත්මක නීති වෙනස් කිරීමට ඔස්ට්‍රේලියානු රජය මීට පෙර ඉදිරිපත් කළ යෝජනා නැවත ඉදිරිපත් කිරීමට රජය සූදානම් වන බව ස්වදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය Peter Dutton  පවසයි.

ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් මේ සම්බන්ධයෙන් ගෙන ආ යෝජිත වෙනස්කම් පසුගිය වසරේ සෙනට් සභාවේදී ප්‍රතික්ෂේප විය.

ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබා පුරවැසිභාවය සඳහා අයදුම් කිරීමට වසර 4 ක කාලයක් බලා සිටීමට සිදුවීම, විශ්ව විද්‍යාල මට්ටමේ ඉංග්‍රීසි භාෂා පරීක්ෂණය සදහා ස්වදේශ කටයුතු අමාත්‍යවරයාට අතිරේක බලතල ලබා දීම මෙම යෝජිත කරුණු අතර වෙයි.

රජයේ මෙම යෝජනා සඳහා සහය දක්වන ලෙස අමාත්‍ය Peter Dutton කම්කරු පක්ෂයෙන් ඉල්ලා සිටියි.

මේ සියල්ල කරනුයේ ඔස්ට්‍රේලියාව ආරක්ෂාකාරී රටක් බවට පත් කිරීමට බව ඔස්ට්‍රේලියානු රජයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී Nicolle Flint,  Sky  පුවත් සේවයට පැවසුවාය.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now