මේ සියවසේ ප්‍රීතිමත්ම ජන කණ්ඩායම ඔස්ට්‍රේලියානුවන් බව සමීක්ෂණයකින් හෙළිවේ. (SBS සිංහල/ වාර්තා)

මෙම වසරේ Australian Unity Wellbeing දර්ශකයට අනුව ඔස්ට්‍රේලියාවේ ජීවිත තෘප්තිමත්භාවයේ සාමන්‍යය 100න් 76.7ක් බව අනාවරණය වී තිබේ. මෙම අගය Australian Unity Wellbeing දර්ශක ඉතිහාසයේ ලද ඉහළම අගය බවද ඔස්ට්‍රේලියාවේ ප්‍රීතිමත්ම පිරිස වයස අවුරුදු 76 ට වැඩි පිරිස බවද සඳහන්.

Aussie happiness levels reach 16-year high

Source: www.livescience.com

මෙම සියවසේදී වඩාත්ම සතුටින් සිටින ජනතාව ලෙස ඔස්ට්‍රේලියානුවන් හැඳින්වුවද තරුණ සහ තනිකඩ පුද්ගලයන් ගේ මුවෙහි සිනහවක් සොයා ගැනීම දුෂ්කර බව හෙළිවේ.

මෙම වසරේ  Australian Unity Wellbeing දර්ශකයට අනුව ඔස්ට්‍රේලියාවේ ජීවිත තෘප්තිමත්භාවයේ සාමන්‍යය 100න්  76.7ක් බව අනාවරණය වී තිබේ. මෙම අගය  Australian Unity Wellbeing දර්ශක ඉතිහාසයේ ලද ඉහළම අගය බවද ඔස්ට්‍රේලියාවේ ප්‍රීතිමත්ම පිරිස වයස අවුරුදු 76 ට වැඩි පිරිස බවද සඳහන්.

2006 වසරේ පටන් සමස්ත ඔස්ට්‍රේලියානුවන්ගේම ප්‍රීතිමත් බවෙහි ඉහළ යාමක් දක්නට ලැබෙන බවද වාර්තා වේ.

Australian Unity සහ Deakin විශ්ව විද්‍යාලය එක්ව සිදු කළ මෙම සමීක්ෂණයේදී පුද්ගල අර්ථසාධකය අංශ 7කට බෙදා තිබුණි. ඒ අනුව තෘප්තිමත් බවෙහි ඉහළම මට්ටම් වෙත ළඟා වූ අංශ ලෙස සුරක්ෂිතභාවය, අනාගත  ආරක්ෂාව, සමාජ සම්බන්ධතා සහ ජීවන තත්ත්වය හැඳින් වේ.

සමස්තයක් ලෙස වියපත් ඔස්ට්‍රේලියානුවන් ඉතා ප්‍රීතිමත් ජීවිතයක් ගත කරන බවත් ඊට හේතුව ඔවුන් විශ්‍රාමිකව දිවි ගෙවන නිසා පීඩනයක් නොමැති වීම බවත් මෙම සමීක්ෂණයේ Senior පර්යේෂක, ආචාර්ය Delyse Hutchinson පවසයි.

වයස 18ට සහ ඊට වැඩි ඔස්ට්‍රේලියානුවන් 1000ක් යොදාගෙන සිදු කළ සමීක්ෂනයට අනුව තම සහකරු සමග ජීවත් වන පුද්ගලයන්ට වඩා තනිකඩව සිටින අය උසස් ජීවන අර්ථ සාධකත්වයක් හිමි බව පෙන්නුම් කරයි.

නමුත් තම දෙමාපියන් සමග වෙසෙන වැඩිහිටියන් පිළිබඳ එසේ පැවසීමට නොහැකි බවද සඳහන්.

දේපළ ලබා ගැනීමේ අරමුණින් දෙමාපියන් යටතේ දිවි ගෙවන  තරුණ වැඩිහිටියන්ගේ පුද්ගල අර්ථ සාධකත්වය පහත මට්ටමක තිබෙන බවද ආචාර්ය Hutchinson පවසයි.

ඔවුන්ට නිවසටම වී සිටීමට බල කිරීම නිසා වෙනත් විකල්පයක් ඔවුන් හට නොමැති  වීමද මීට හේතුවක් බව ආචාර්යවරිය පවසයි.

පුද්ගලික සම්බන්ධතා, සමාජ සම්බන්ධතා සහ ජීවන ඉලක්ක ලඟා කර ගැනීම යන අංශ වලින්ද දෙමාපියන් සමග වෙසෙන වැඩිහිටියන් පහළ මට්ටමක සිටින බවද හෙළිවී තිබේ.

නමුත් සුරක්ෂිතභාවය අතින් තෘප්තිමත්ම පිරිස ඔවුන් බවද සමීක්ෂණය අනාවරණය කරයි.

මුල්‍ය සුරක්ෂිතභාවය, ජීවිතයේ අරමුණ සහ ශක්තිමත් සබඳකම් යන අන්ස වටා පුද්ගල අර්ථ සාධකත්වය රඳා  පවතින බවද ආචාර්ය Hutchinson  පැවසුවාය.

2016 වසරේ ඔස්ට්‍රේලියාවේ අර්ථ සාධකත්වයේ වාර්තාව ට අනුව

  •  ජීවිත තෘප්තිමත් භාවයේ සාමන්‍යය  වයස 16 හෝ ඊට වඩා වැඩි වයස් මට්ටමක පවතියි.
  • ඔස්ට්‍රේලියාවේ ප්‍රීතිමත්ම පිරිස වයස අවුරුදු 76 හෝ එට වඩා වැඩි පිරිසය. දෙවැනි ඛාණ්ඩය වයස 18 - 25 අතර පිරිසය.
  • විවාහක ඔස්ට්‍රේලියානුවන් ඉහල තෘප්තිමත් මට්ටමක සිටින අතර වෙන්වූ හෝ අවිවාහක පුද්ගලයන්ගේ තෘප්තිමත්භාවය අඩු මට්ටමක පවතියි.

Share

2 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now