SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ ඩොලර් 100 නෝට්ටු තහනම් කරයිද??? (SBS සිංහල/වාර්තා)

බිලියන ගණනක නොගෙවූ බදු මුදල් පිරික්සීමට ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය, ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව, Austrac සහ Apra යන ආයතන වල සහය ලබා ගැනීමට නියමිත බවද සඳහන්.

Taskforce to probe undeclared cash payments, $100 note ban considered
Taskforce to probe undeclared cash payments, $100 note ban considered Source: Shutterstock

2 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

ඔස්ට්‍රේලියාව තුළ සංසරණයට එක් නොකළ මුදල් (cash) හේතුවෙන් ඔස්ට්‍රේලියානු රජයට සිදු වන ඩොලර් බිලියන ගණනක ආදායම් බදු  පාඩුව මෙන්ම කළු සල්ලි ජාවාරම හසු කරගැනීම සඳහා ඔස්ට්‍රේලියාවේ ඩොලර් 100 නෝට්ටුව තහනම් කිරීමට රජය සූදානම් වන බවක් වාර්තා වේ.

අත් පිට මුදල් වල කිසිදු වැරද්දක් නොමැති බවත් ගැටලුව වන්නේ ජනතාව එය සංසරණයට එක නොකිරීම බවත් මුල්‍ය සේවා ඇමතිනී Kelly O'Dwyer පැවසුවාය.

ඒ අනුව මෙම කටයුත්ත පිළිබඳ සොයා බලා කටයුතු කිරීමට විශේෂ කාර්ය සාධක බලකායක් පත් කර තිබෙන අතර එහි මුල් පුටුව හිටපු KPMG ගෝලීය පද්ධතියේ සභාපති Michael Andrew හට හිමිව තිබේ. මෙහිදී ඔස්ට්‍රේලියාවේ භාවිතා වන ඩොලර් 100 නෝට්ටු තහනම් කිරීමට ඇති හැකියාව පිළිබඳවද විමර්ශනය කෙරෙනු ඇති බව වාර්තා වේ.

ජනතාව දිනෙන් දින විද්‍යුත් මුදල් හුවමාරුව භාවිතා කිරීම වර්ධනය වීමක් දක්නට ලැබෙන බවද ඩොලර් බිලයන 50ක් පමණ වටිනාකමක් ඇති ඩොලර් 100 නෝට්ටු මේ වන විට ජනතාව අතර සංසරණය වන  බවද මුල්‍ය සේවා ඇමතිනී Kelly O'Dwyer පැවසුවාය.

ඇත්ත වශයෙන්ම ඔස්ට්‍රේලියානු ඩොලර් 5 නෝට්ටු සංසරණයට වඩා ඩොලර් 100 නෝට්ටු සංසරණය වීම තුන් ගුණයකින් වැඩි බවද එය ගැටළුවක් මතු කරවන බවද ඇය පැහැදිලි කරයි.

රජයේ වගකීම් ඉටු කිරීමට මෙවැනි කරුණක් සම්බන්ධව කාර්ය සාධක බලකායක් පත් කළ ප්‍රථම අවස්ථාව මෙය බවද ඇය පෙන්වා දෙයි.

බිලියන ගණනක නොගෙවූ බදු මුදල් පිරික්සීමට ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය, ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව,  Austrac සහ Apra යන ආයතන වල සහය ලබා ගැනීමට නියමිත බවද සඳහන්.

ඔස්ට්‍රේලියානු රජයට වංචා කළ බදු මුදල් පිළිබඳ නිශ්චිත අනුමාන කිරීමක් සිදු කිරීමට තමන් අකමැති බවද Kelly O'Dwyer පැවසුවාය.

“අත් පිට මුදල් වලින් ගෙවීම් සිදු කිරීමේ කිසිදු වරදක් නැහැ. නමුත් එම මුදල් ප්‍රකාශයට පත් කළ යුතුයි. පැත්තකින් අත් පිට මුදලට කුඩා රැකියාවක් සිදු කරමින් රජයෙන් සුබ සාධන දීමනා ලබා ගන්නන් පිළිබඳ රජය පරීක්ෂාවෙන් සිටිනවා. එය ඇත්තෙන්ම වැරදි ක්‍රියාවක්. එය වංචාවක්. එය දිගින් දිගටම සිදු කිරීම සඳහා ඉඩ ලබා දීමට බැහැ.” මුල්‍ය සේවා අමාත්‍යවරිය වැඩි දුරටත් පැවසුවාය.

යූරෝ 1000 කට වඩා වැඩි ගෙවීම් අත්පිට මුදලින් ගෙවීම ප්‍රංශයේ තහනම් කළ බවද ඒ පිළිබඳ රජයේ අවධානය යොමුවී ඇති බවද ඇය අනාවරණය කළාය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now