ඕස්ට්‍රේලියාවේ කාන්තා පිරිමි වැටුප් පරතරය සැලකිය යුතු ලෙස ඉහලට (වාර්තා/SBS සිංහල)

The gender pay gap continues to rankle

The gender pay gap continues to rankle Source: AAP

කාන්තා  සහ පුරුෂ ලිංග භේදය මත පදනම්ව කාන්තාවන් ඕස්ට්‍රේලියාව  තුල සැලකිය යුතු ලෙස අඩු වැටුප් ලබන බව ඕස්ට්‍රේලියානු අදායම් බදු දෙපාර්තමේන්තුව මගින් නිකුත් කල වාර්තාවකින් හෙළිවී තිබේ.

 

මෙම දත්ත වලට අනුව කාන්තාවන් සහ පුරුෂයින් අතර වැටුප් පරතරයේ සාමාන්‍ය ප්‍රතිශතය 16% ක්.  ඕස්ට්‍රේලියාව  තුල වැඩිම වැටුප් ලබන රැකියාවන් 30න්  28ක වැඩි වැටුපක් ලබන්නේ පිරිමින් බව සදහන්. නමුත් මේ අතරින් සෞඛ්‍යය කේෂ්ත්‍රයට අදාල රැකියාවන් 5ක කාන්තාවන් වැඩි ප්‍රමාණයක් සේවයේ නිරත බව වැඩි දුරටත් වාර්තා වෙයි.

 

2013 / 14 මුල්‍ය  වර්ෂයේ දත්ත වලට අනුව,   වෛද්‍ය  කේෂ්ත්‍රයේ රැකියාවන්හි කාන්තා  පිරිමි වැටුප් පරතරයේ ප්‍රතිශතය 64%ක් බව සදහන්.

පිරිමි අක්ෂි වෛද්‍ය         විශේෂඥ වරයෙක්  වාර්ෂිකව  $553,000 උපයන විට එම රැකියාවේ නිරත කාන්තාවක් උපයන මුදල $217,000ක් බව සදහන්. එහි පරතරය  $336,000ක්.

 

මේ අනුව කාන්තා  පිරිමි ලිංග භේදය අනුව 2013/14 මුල්‍ය වර්ෂයේ වැටුප් පරතරය පිළිබද තොරතුරු පහත දැක්වේ.

ATO Pay gap
Source: ATO

 

Workplace Gender Equality Agency නම් ආයතනයේ අධ්‍යක්ෂිකා Libby Lyons පවසන්නේ සෞඛ්‍යය සහ  වෛද්‍ය කේෂ්ත්‍රයේ කාන්තා  සහ පිරිමි සමස්ථ  වැටුප් පරතරය සියයට 34ක් නමුත් එම ක්ෂේත්‍රයේ 78ක් සේවයේ නියුතුව සිටින්නේ කාන්තාවන් බවයි.

Pay Gap
Source: ATO

ඕස්ට්‍රේලියාවේ නිත්‍ය රැකියාවල නිරත සමස්ත ශ්‍රම බලකාය ගත් විට කාන්තා  පිරිමි වැටුප් පරතරය 23%ක් බව සදහන්. තවද සෞඛ්‍යය කේෂ්ත්‍රයේ විශේෂ කුසලතා අවශ්‍ය රැකියාවන්හි වැඩි වශයෙන් නිරත වන්නේ පිරිමින් බවත් සදහන්.

 

තවද මෙම දත්ත වලට අනුව කාන්තාවන් වැඩි වශයෙන් සිටින රැකියාවල කළමනාකාර සහ ජ්‍යෙෂ්ඨ තනතුරුවල සිටිමින් වැඩියෙන් වැටුප් ලබන්නේ පිරිමින් බවද මෙම දත්ත පෙන්වා දී තිබේ.

 

මේ පිළිබද SBS ආයතනය සෞඛ්‍යය ඇමතිනි Sussan Ley මහත්මියගෙන් අදහස් විමසා සිටියද, ඒ සදහා අදහස් දැක්වීම ඇය  ප්‍රතික්ෂේප කල බව සදහන්.


2 min read

Published

Updated

By Sanjaya Dissanayake

Source: SBS



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now