SKIP TO MAIN CONTENT

මෙල්බර්න් නුවර කාන්තාවන් මුහුණ දෙන අනාරක්ෂිත සිද්ධීන් වාර්තා කිරීමට අන්තර්ජාල වැඩසටහනක් (SBS සිංහල/ වාර්තා)

මෙල්බර්න් නුවර ලොව ජිවත් වීමට සුදුසුම නගරය ලෙස ජාත්‍යන්තර වර්ගීකරණ පෙන්වා දුන්නද, මෙල්බර්න් නුවර ආශ්‍රිතව වාසය කරන සමහර කාන්තාවන් තමන්ගේ ආරක්ෂාව පිලිබදව කනස්සල්ලෙන් පසුවන බව සදහන්.

Free to be website screen shot
Source: free to be

2 min read

Published

Updated

By Sanjaya Dissanayake



Skip to article content

මෙලබර්න් නුවර ආශ්‍රිතව විවධ අපහසුතා වලට මුහුණ දෙන කාන්තාවන්ට අදාල සිද්ධීන් වාර්තා කල හැකි Free To Be නම් අන්තර්ජාලය ආශ්‍රිතව ක්‍රියාත්මක වන වැඩසටහනක් මේ වන විට හදුන්වා  දී තිබේ. මෙල්බර්න් නුවර සිතියම තුල අනාරක්ෂිත ස්ථාන, අනාරක්ෂිත සිද්ධීන් වාර්තා කිරීමට මෙම අන්තර්ජාල වැඩසටහන මගින් කාන්තාවන්ට අවස්ථාව ලබා දී ඇති බව සදහන්.

 

16 හැවිරිදි කාර්ලි තමන් මෙල්බර්න් නුවර, Richmond ප්‍රදේශයේ Church Street හිදී මුහුණ දුන් සිද්ධියක් මෙම අන්තර්ජාල වැඩසටහනට  එක්  කොට ඇති අතර තමන් මුහුණ දුන් එම අමිහිරි සිද්ධිය ඇය  පැහැදිලි කලේ මේ අයුරින්.

 

"පිරිමි අයෙක් තමන්ගේ යහළුවන් පිරිසක් සමගින් ඇවිද යන විට මාව අනිසි අයුරින් ස්පර්ශ කලා. මම ඔහුට කිව්වා එසේ කරන්න එපා කියලා ."

 

තමන්ගේ වයස අවුරදු 16ක් බවත්  ළමුන්ට ලිංගික අතවර කිරීමේ වරදට හසුවීමට කැමතිදැයි  තමන් ඔහුගෙන් අසු බවත්, පසුව එම පිරිස තමන් මග හැර ගිය බවත් ඇය  ප්‍රකාශ කර තිබිණි. මෙම සිද්ධියට මුහුණ දීමෙන් පසු තමන් එම ප්‍රදේශයේ ගැවසීමෙන් වැලකී  සිටින්නට උත්සාහ  කරන බව කාර්ලි වැඩි දුරටත් පවසයි.

 

Plan International නම් ආයතනය විසින් මෙම Free To Be නම් අන්තර්ජාල වැඩසටහන් ක්‍රියාත්මක කරන අතර මේ වසර මුලදී, ඔවුන් සිදුකරන ලද පර්යේෂණයක ප්‍රතිපල මත පදනම්ව මෙම වැඩසටහන් ක්‍රියාත්මක කරන බව සදහන්. තවද අදාල අන්තර්ජාල වැඩසටහන මගින් ලබාගන්නා  තොරතුරු, නගර සභා, පොලීසිය. පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කරන ආයතන ආදියට  ලබාදීමට කටයුතු කරන බවද එම සංවිධානය පවසයි.

 

Plan International Australia සංවිධානයේ නියෝජය ප්‍රධාන විධායක, Susanne Legena පවසන ආකාරයට ඕස්ට්‍රේලියාවේ  වෙසෙන කාන්තාවන් පකිස්ථානය, කයිරෝ, නිකරගුවා හෝ දිල්ලි වැනි ස්ථාන වල කාන්තාවන්ට වඩා  අනාරක්ෂිත හැගීමෙන් යුතුව වාසය කරන බව සදහන්. තම සංවිධානය ලොව පුරා  විවිධ ස්ථාන වල, තරුණ කාන්තාවන් පිළිබද සොයා බලන බවත් ඒ අනුව ඕස්ට්‍රේලියාවේ වෙසෙන කාන්තාවන් මෙලෙස අනාරක්ෂිත හැගීමෙන් යුතුව වාසය කරන බව කිව හැකි බවත් ඇය  පවසයි.

 

Free To Be වැඩසටහනට තමන් මුහුණ දුන් අමිහිරි අත්දැකීමක් එක කරන්නට එකතු වූ 20 හැවිරිදි තරුණියක් වන Sherry-Rose Watts පවසන්නේ 2016 වසර තුළදීත් මෙවැනි අවසනාවන්ත සිදුවීම් වාර්තා වීම කණගාටුදායක කරුණක් බවයි.  

මෙල්බර්න් නුවර ආශ්‍රිතව කාන්තාවන් මුහුණ දෙන අනාරක්ෂිත සිදුවීම් වාර්තා කිරීම සදහා Free To Be  අන්තර්ජාල වැඩසටහන දෙසැම්බර් 12 දක්වා ක්‍රියාත්මක වීමට නියමිත අතර, එහි සාර්ථක භාවය මත එය පුළුල් කිරීමට කටයුතු කරන බව Plan International Australia සංවිධානය පවසයි.

https://www.plan.org.au/free-to-be


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now