SKIP TO MAIN CONTENT

අන්තර්ජාතික ශිෂ්‍ය වීසා යටතේ ඔබට ඔස්ට්‍රේලියාවට පැමිණීමට හැකියි. මෙන්න SBS සිංහල වෙතින් ඒ සඳහා ඔබට වැදගත් තොරතුරු කෙටියෙන්.

ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය හැදෑරීමට අන්තර්ජාතික ශිෂ්‍යයකු ලෙස ඔබට වීසා වර්ග කිහිපයකට අයදුම් කළ හැකිය.

International students in Australia.
Source: Reuters

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

අන්තර්ජාතික ශිෂ්‍ය වීසා

අන්තර්ජාතික ශිෂ්‍ය වීසා, ඔබට ඔස්ට්‍රේලියාවාට පැමිණීමට හැකි තවත් ක්‍රමයකි.

ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය හැදෑරීමට අන්තර්ජාතික ශිෂ්‍යයකු ලෙස ඔබට වීසා වර්ග කිහිපයකට අයදුම් කළ හැකිය.

ඔබට ඔස්ට්‍රේලියාවේ පිළිගත් අධ්‍යාපන ආයතනයකින් පූර්ණ කාලීනව අධ්‍යාපනය හැදෑරීමට අවශ්‍යනම් වීසා උප ඛාණ්ඩ 500 සඳහා අයදුම් කළ හැකිය.

ඔස්ට්‍රේලියාවට පැමිණෙන අන්තර්ජාතික සිසුවා වයස අවුරුදු 18 ට වඩා අඩු නම් ඔහුගේ හෝ ඇයගේ භාරකාරයා ලෙස වීසා උප ඛාණ්ඩ 590 යටතේ පැමිණීමට හැකිය.

එසේ පැමිණෙන භාරකරුවා වයස අවුරදු 21 ට වඩා වැඩි විය යුතු අතර අන්තර්ජාතික සිසුවාගේ දෙමාපියන්ගෙන් කෙනෙකු හෝ බලයලත් භාරකරුවකු විය යුතුය.

අන්තර්ජාතික සිසුන් තම අධ්‍යාපනය ඔස්ට්‍රේලියාව තුළ අවසන් කර තවදුරටත් ඔස්ට්‍රේලියාවේ රැදී සිටිමින් තාවකාලිකව සේවය කිරීමට අපේක්ෂා කරයිනම් ඔවුන්ට වීසා උප ඛාණ්ඩ 485 සඳහා අයදුම් කළ හැකිය.

මීළඟ ලිපියෙන් Skilled migration හෙවත් නිපුණතා සංක්‍රමණය පිළිබඳ බලාපොරොත්තු වන්න.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now