ඔබට ඔස්ට්‍රේලියාවට පැමිණීමට අවශ්‍යද? මෙන්න SBS සිංහල වෙතින් ඒ සඳහා අත්වැලක්.

ඔබට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබා ගැනීම සඳහා ඔස්ට්‍රේලියානු සංක්‍රමණික වැඩසටහන යටතේ හෝ මානුෂීය වැඩසටහන යටතේ ඔබට අයදුම් කළ හැකි වේ.

Do you want to move to Australia?

Source: www.foorteentemplates.blogspot.com.au

ඔස්ට්‍රේලියාවට පැමිණීමට ඔබට ප්‍රධාන මාර්ග දෙකක් තිබේ. තාවකාලික වීසා (temporary visa) එක් ක්‍රමයක් වන අතර ස්ථිර සංක්‍රමණය (permanent migration) අනෙක් ක්‍රමය වේ.

 එම මාර්ග ද්විත්වය යටතේ ඔස්ට්‍රේලියාවට පැමිණීමට උප මාර්ග කිහිපයක්ම ඇත.

ජාත්‍යන්තර ශිෂ්‍යන් ලෙස, නිපුනතා සේවකයන් ලෙස සහ working holidays යන ආකාර යටතේ තාවකාලික සංක්‍රමණිකයන් ලෙස ඔබට ඔස්ට්‍රේලියාවට පැමිණීමට හැකිය.

ඔබට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබා ගැනීම සඳහා ඔස්ට්‍රේලියානු සංක්‍රමණික වැඩසටහන යටතේ හෝ මානුෂීය වැඩසටහන යටතේ ඔබට අයදුම් කළ හැකි වේ.

නමුත් එම වැඩසටහන් ද්විත්වය යටතේ වුවද මාර්ග කිහිපයක් ඔස්සේ ඔබට අයදුම් කිරීමට අවස්ථාව සලසා දී ඇත.

ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය කිරීම තරමක් සංකීර්ණ කටයුත්තක් බවත් ඒ සඳහා බොහෝ උදවිය සංක්‍රමණික නීතිඥයකු ගේ හෝ ඒජන්තවරයකු ගේ සහය පතන බව ඔස්ට්‍රේලියානු ජාතික විශ්ව විද්‍යාලයේ සංක්‍රණික නීතිය පිළිබඳ ජ්‍යෙෂ්ඨයකු වන Marianne Dickie,  SBS ප්‍රවෘත්ති සේවයට පැවසීය.

“මෙය හුදෙක් පෝරම පුරවන කටයුත්තක්ම පමණක් නොවෙයි. ඔබට ගැලපෙන මාර්ගය පිළිබඳ දැනගැනීම ඉතා වැදගත්” ඇය පැවසීය.

ඔස්ට්‍රේලියාව තුළ පමණක් සංක්‍රමණික ඒජන්තවරුන් 5000ක් පමණ සිටින අතර එය බොහෝ සංකීර්ණ කටයුත්තක්. අදාළ නීති සෑම විටම වෙනස් වෙනවා. එය හරිම අපහසුයි. බොහෝ මුදල් වැය වෙන කටයුත්තක් මෙන්ම කාලය වැය වන කටයුත්තක්.” Marianne Dickie වැඩි දුරටත් පැවසීය.

ඔස්ට්‍රේලියාවට ඔබට සංක්‍රමණය කිරීමට හැකි මාර්ග පිළිබඳ එකිනෙක විස්තර සහිතව SBS සිංහල වෙතින් ඉදිරියේදී ලිපි පෙළක් බලාපොරොත්තු වන්න. 

--------------------------------------------------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය - සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

 

 සජීවීව සහ පසුව online අහන්නwww.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm - WA

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”


Share

2 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now