SKIP TO MAIN CONTENT

නිපුණතා සංක්‍රමණික වීසා යටතේ ඔබට ඔස්ට්‍රේලියාවට පැමිණීමට හැකියි. මෙන්න SBS සිංහල වෙතින් ඒ සඳහා ඔබට වැදගත් තොරතුරු කෙටියෙන්.

මෙම අංශය යටතේ වඩාත්ම ජනප්‍රිය සහ දේශපාලනික වශයෙන් මහත් ආන්දෝලනයට ලක්වූ වීසා ඛාණ්ඩය වන්නේ 457 වීසා ඛාණ්ඩය යි.

Skilled migration Australia
Skilled migration Australia Source: qantara.com.au

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

නිපුණතා සංක්‍රමණය.

විවිධ කර්මාන්ත සඳහා එකිනෙකට වෙනස් වූ වීසා වර්ග කිහිපයක් හරහා තාවකාලික නිපුණතා සංක්‍රමණිකයන් ඔස්ට්‍රේලියාව අනුමත කරයි.

ඒ අනුව සාමන්‍ය නිපුණතා සංක්‍රමණික වීසා. ඛනිජ තෙල් සහ ගෑස් කර්මාන්ත සඳහාවූ වීසා, ව්‍යවසායකත්ව, ව්‍යාපාරික සහ ආයෝජන වීසා යන ඛාණ්ඩ වලින් මේ සඳහා ඔබට අයදුම් කළ හැකිය.

මෙම අංශය යටතේ වඩාත්ම ජනප්‍රිය සහ දේශපාලනික වශයෙන් මහත් ආන්දෝලනයට ලක්වූ වීසා ඛාණ්ඩය වන්නේ 457 වීසා ඛාණ්ඩය යි.

ඔස්ට්‍රේලියානු ජාතිකයන් හට පිරවිය නොහැකි රැකියා සඳහා මෙම වීසා ඛාණ්ඩය යටතේ අදාළ සේවායෝජකයන් හට සේවකයන් බඳවා ගත හැකිය.

නමුත් පසුගිය කාලයේ ඇතිවූ දේශපාලන කතා බහ අනුව මෙම වීසා ඛාණ්ඩය යම් වෙනස්කම් වලට ඉදිරියේදී භාජනය විය හැකි බව වාර්තා වේ.

එම වෙනස්කම් වලට අනුව 457 වීසා ලැයිස්තුවේ මේ වන විට පවතින රැකියා ලැයිස්තුවේ වෙනසක් සිදු වීමට ඉඩ ඇත.

working holiday visa පිළිබඳ මීළඟ ලිපියෙන් සාකච්ඡා කරමු.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now