ලබන වසරේ මාර්තු වන විට කොරෝනා වෛරසයට එන්නතක් ලබාදිය හැකි බව ඕස්ට්‍රේලියානු රජය පවසයි (SBS සිංහල/වාර්තා)

Minister for Health Greg Hunt Source: AAP

Health Minister Greg Hunt Source: AAP

මේ වනවිට ඕස්ට්‍රේලියානු රජය ගිවිසුම් අත්සන් කොට ඇති Pfizer ආයතනය සඳහන් කොට ඇත්තේ ලබන වසරේ මාර්තු මාසය වන විට කොරෝනා වෛරසය සඳහා වන එන්නත ලබාදීමේ හැකියාව පවතින බවයි. මෙම එන්නත් සෙල්සියස් අංශක සෘණ 70 ක උෂ්ණත්වයේ පැවතිය යුතු හෙයින් නවීන පන්නයේ ශීත කන්ටේනර තුල බහා ඔස්ට්‍රේලියාවට ගෙන්වීමට නියමිතව තිබේ.


 SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා


සජීවීව සහ පසුව online අහන්න -www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඕස්ට්‍රේලියානු මධ්‍යම රජයේ සෞක්‍ය අමාත්‍ය Greg Hunt මාධ්‍ය හමුවේ පවසා ඇත්තේ ඕස්ට්‍රේලියානු මධ්‍යම රජයේ එන්නත් වැඩසටහන මේ වනවිට සැලසුම් කල කාලයට අනුව ක්‍රියාත්මක වන බවයි.

දැවැන්ත ඖෂධ සමාගමක් වන Pfizer සමාගම සඳහන් කොට ඇත්තේ එන්නත අත්හදාබැලීමේ ක්‍රියාවලියේදී 90%ක පමණ සාර්ථක ප්‍රතිඵල අනුපාතයක් පැවතියද එය ආරක්‍ෂිත බවට තහවුරු කිරීම සඳහා තවදුරටත් දත්ත අවශ්‍ය වන බවයි.
A research coordinator administers an injection to Katelyn Evans as part of clinical trial of Pfizer's COVID-19 vaccine at Cincinnati Childrens Hospital.
متطوعة تتلقى جرعة من لقاح فايزر في ولاية اوهايو الأمريكية. Source: Cincinnati Childrens Hospital Medical Center
Pfizer සමාගම මගින් අත්හදා බැලෙන එන්නත තුල කොරෝනා වෛරසයට ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරයක් වර්ධනය කර ගන්නේ කෙසේදැයි ශරීරයට දැනුම් දීම සඳහා වන ජානමය තොරතුරු අන්තර්ගත වන අතර එන්නත සෙල්සියස් අංශක සෘණ 70 ක උෂ්ණත්වයේ පවත්වාගැනීම ඊට හේතුවයි.

Therapeutic Goods Administration නොහොත් චිකිත්සක භාණ්ඩ පරිපාලන අංශ ප්‍රධානී, මහාචාර්ය John Skerritt සඳහන් කරන්නේ මෙම එන්නත ප්‍රවාහනය කිරීම සඳහා වියලි අයිස් භාවිත කල හැකි නවීන පන්නයේ ශීත කන්ටේනර භාවිත කරන අතර ඒවා අඛණ්ඩව දින 14ක කාලයක් පවතින බවයි. එමෙන්ම මෙම ශීත කන්ටේනර දෙවරක් නැවත පිරවීමට හැකි ලෙස නිර්මාණය කොට ඇති අතර ඒ හේතුවෙන් කිසිදු විදුලි බල සැපයුමකින් තොරව මෙම එන්නත් මාස එක හමාරක කාලයක් නිරුපද්‍රිතව තබා ගැනීමේ හැකියාව හිමිවේ. මහාචාර්ය John Skerritt පෙන්වා දෙන්නේ මාස එක හමාරකට වඩා අඩු කාලයකින් ඕස්ට්‍රේලියාවේ ඕනෑම ස්ථානයකට ප්‍රවේශ වීමේ හැකියාව පැවතීම මත මෙය ආරක්‍ෂිත සහ විශ්වාසවන්ත ප්‍රවාහන ක්‍රමයක් වන බවයි.

චිකිත්සක භාණ්ඩ පරිපාලන අංශය මගින් Pfizer-BioNTech සහ Oxford-AstraZeneca එන්නත් සඳහා දැඩි අවසන් පරීක්ෂණ සිදු කිරීමට පූර්ව අනුමැතිය ලබා දී තිබේ. සෞක්‍ය අමාත්‍ය Greg Hunt සඳහන් කරන්නේ තාවකාලික නිර්ණායක ඔස්සේ ආරක්‍ෂිත එන්නත් ඉක්මනින් ඔස්ට්‍රේලියාව තුලට ගෙන ඒමට කටයුතු කරන බවයි.


SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

ගුවන් විදුලියෙන් - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA

නැතිනම් රූපවාහිනියේ channel 38


ඔස්ට්‍රේලියාව Pfizer එන්නත් මාත්‍රා මිලියන 10ක් සඳහා ගිවිසුමකට එළඹ ඇති අතර Oxford එන්නතත් මාත්‍රා මිලියන 30ක් නිෂ්පාදනය කිරීමට නියමිතයි. එමෙන්ම තවත් එන්නත් මාත්‍රා මිලියන 3.8ක් ආනයනය කිරීමට නියමිතව තිබේ. ඕස්ට්‍රේලියානු රජය තවත් සමාගම් දෙකක් සමග ගිවිසුම් ක්‍රියාත්මකව පවතී.


සෞක්‍ය අමාත්‍ය Greg Hunt අවධාරණය කොට ඇත්තේ සමස්ත ඕස්ට්‍රේලියාවම ආවරණය වන පරිදි එන්නත් වැඩසටහන ක්‍රියාත්මක කිරීම අරමුණ වන බවයි. මේ වන විට මාරාන්තික වූ දෙවන කොරෝනා වෛරස රැළි ඇමරිකාව සහ යුරෝපය තුල පැතිරෙමින් පවතින නමුත් කොරෝනා වෛරසය සාර්ථකව පාලනය කරන රටවල් අතොලොස්ස අතරට ඕස්ට්‍රේලියාව එක්ව සිටී.

කොරෝනා වෛරසය හේතුවෙන් මේ වන විට ලොව පුරා පුද්ගලයින් මිලියන 1.2කට වඩා වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර වෛරසය අසාධනය වූ සංක්‍යාව මිලියන 51 ඉක්මවා තිබේ.

කිසිදු කොරෝනා අසධිතයකු වාර්තා නොවී වික්ටෝරිය ප්‍රාන්තය අඛණ්ඩව දින 12ක් ගතකොට ඇති අතර නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය අඛණ්ඩව දින 4ක් ගතකොට තිබේ.
SBS Radio
Source: SBS Radio

Share

Published

By Nipuna Dodangoda
Source: AAP, SBS

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
ලබන වසරේ මාර්තු වන විට කොරෝනා වෛරසයට එන්නතක් ලබාදිය හැකි බව ඕස්ට්‍රේලියානු රජය පවසයි (SBS සිංහල/වාර්තා) | SBS Sinhala