SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියානු පාපන්දුවේ නිළ හඬ අද අවසන් ගමන් යයි.

Australia ready to farewell SBS football legend Les Murray.
Source: SBS

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

පසුගිය ජූලි 31 වන දින අභාවප්‍රාප්ත වූ ඔස්ට්‍රේලියාවේ ජ්‍යෙෂ්ඨතම  පාපන්දු විස්තර විචාරකවරයා ලෙස හැඳින්වෙන SBS මාධ්‍ය ආයතනයේ නිල පාපන්දු විස්තර විචාරක Les Murray ගේ අවසාන කටයුතු රාජ්‍ය ගෞරව සහිතව අද (14/08) සිදු කිරීමට නියමිත බව වාර්තා වේ.

ඒ අනුව  ඔහුගේ අවසාන කටයුතු අද පෙරවරු 11 ට සිඩ්නි නුවර ශාන්ත මේරි දේවස්ථානයේදී ආරම්භ වූ අතර එම කටයුතු අද පෙරවරු 10.15 සිට 12.15 දක්වා SBS රූපවාහිනියෙන් සජීවීව විකාශය කෙරේ.

මීට අමතරව The World Game app සහ SBS නිල Facebook පිටුව හරහාද එම කටයුතු සජීවීව විකාශය කෙරේ.

මිය යන විට 71 වන වියෙහි පසුවූ Les Murray තම දිවියෙන් 35 වසරක් පාපන්දු ක්‍රීඩාවේ විස්තර විචාරකයෙකු ලෙස ගත කළ අතර  SBS මාධ්‍ය ආයතනයේ පපන්දු විස්තර විචාරයේ මෙන්ම ඔස්ට්‍රේලියානු පාපන්දු ක්ෂේත්‍රයේ නිළ හඬ ලෙස ද ජනාදරයට පත්ව සිටියේය.

Mr Football නම් අන්වර්ථ නාමයෙන් හැඳින්වූ මොහු 1980 වසරේ පටන් SBS ආයතනයත් සමග සම්බන්ධ වී වැඩ කටයුතු ආරම්භ කළේ SBS රූපවාහිනිය ආරම්භ කිරීමත් සමගය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now