ආරක්ෂාව සහ කාර්යක්‍ෂමතාවය සහතික කරගත් සැනින් ලබන මාර්තුවේදී කොරෝනා එන්නත ලබාදෙන බව ඕස්ට්‍රේලියා රජය පවසයි (SBS සිංහල/වාර්තා)

Health Minister Greg Hunt says Australia remains on track to roll out a coronavirus vaccine next year.

Health Minister Greg Hunt says Australia remains on track to roll out a coronavirus vaccine next year. Source: AAP

කොරෝනා එන්නතක් සඳහා අනුමැතිය ලබා දුන් පළමු රාජ්‍යය බවට එක්සත් රාජධානිය ඊයේ දිනයේදී පත් විය.මෙහිදී එක්සත් රාජධානිය තුල සිටින දැඩි සෞඛ්‍ය අවධානමක් සහිත පුද්ගලයින් සඳහා මුලින්ම එන්නත ලබාදීමට නියමිතව තිබේ.

කොරෝනා එන්නත් ලබාදීමේ ඕස්ට්‍රේලියාවේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt සඳහන් කොට සිටියේ සැලසුම් කල පරිදි ලබන වසරේ මාර්තු මාසය වන විට පළමු වටයේ එන්නත් ලබාදීම සිදුකල හැකි බවයි.


 SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීව සහ පසුව online අහන්න -www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


එක්සත් රාජධානියේ ප්‍රගතිය පිළිබඳව සඳහන් කරමින් සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt කියා සිටියේ එම එන්නත ඕස්ට්‍රේලියාවට ලබාදීම සඳහා තවත් යම් කාලයක් ගතවන බවයි. ඕස්ට්‍රේලියාව තුල කොරෝනා එන්නත ලබාදීමේ වැඩපිළිවෙලේදී ද ප්‍රථමයෙන්ම සෞඛ්‍ය සේවකයින් සහ වැඩි සෞඛ්‍ය අවධානමක් සහිත වැඩිහිටි පුද්ගලයින් හට එන්නත ලබාදෙන අතර ඒ සම්බන්ධයෙන් මහජනයා දැනුවත් කිරීම සඳහා රට පුරා තොරතුරු ව්‍යාපාරයක් දියත් කරන බවද සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි.

එන්නත් සඳහා විරුද්ධව පිරිසක් සිටින නමුත් ඔවුන්ගේ අවශ්‍යතාවයට වඩා රටේ අවශ්‍යතාවය අනුව කටයුතු කරන බවද ඔහු සඳහන් කර තිබේ.

  • වැඩිහිටි පිරිසෙන් %94ක පිරිසක් ඇතුලුව සමස්තයක් ලෙස %95ක පුද්ගල ප්‍රතිශතයකට කොරෝනා වෛරසය අසාදනය වීම Pfizer-BioNTech එන්නත මගින් වලක්වන බව විශ්ලේෂණයන් පෙන්වා දේ.

 

  • මේ වනවිට රටවල් 6ක පුද්ගලයින් 43,500 දෙනෙකුට පමණ මෙම එන්නත ලබා දී ඇති අතර එම පරීක්ෂණ අතරතුරදී කිසිදු පුද්ගලයකුට සෞඛ්‍ය අවධානමක් මතුව නොමැත.

SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

ගුවන් විදුලියෙන් - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA

නැතිනම් රූපවාහිනියේ channel 38


ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කොට සිටියේ තමන් නැවතත් Pfizer සමාගමේ ඕස්ට්‍රේලියානු ප්‍රධාන විධායකවරයා සමග සාකච්චා කල අතර එම සමාගම ලබන මස අවසානයේ ලැබීමට නියමිත ස්වාධීන නියමක අනුමැතිය ලැබෙන තෙක් අපේක්ෂාවෙන් සිටින බවයි.

එම එන්නතේ ආරක්ෂාව සහ කාර්යක්‍ෂමතාවය සහතික කරගැනීමේ අරමුණින් Pfizer සමාගම ඕස්ට්‍රේලියානු චිකිත්සක භාණ්ඩ පරිපාලන ආයතනය සමග අඛණ්ඩව කටයුතු කරමින් සිටී.


Share

2 min read

Published

Updated

By SBS News, Nipuna Dodangoda

Source: SBS




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now