දකුණු ආසියානු කලාපයේ උසස් අධ්‍යාපන මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව පත් කිරීමට ඔස්ට්‍රේලියාවේ සහය

Australia supports Sri Lanka to become a centre of higher education in the South Asian region

Australia supports Sri Lanka to become a centre of higher education in the South Asian region Source: AAP

ශ්‍රී ලංකාවේ ආයෝජන සහ අධ්‍යාපන අංශ ප්‍රවර්ධනය සඳහා ආධාර ලබා දෙන බවට ඔස්ට්‍රේලියාව ප්‍රතිඥා දෙයි.

දකුණු ආසියානු කලාපයේ උසස් අධ්‍යාපන මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව පත් කිරීමේ හැකියාව කෙරෙහි ද මේ හරහා අවධානය යොමු කෙරේ.

ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් David Holly මහතා මැයි 31 දින ජනාධිපති කාර්යාලයේ දී ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වු අවස්ථාවේදී මේ බව සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ මුහුදු සීමාවේදී කෙටි කාලසීමාවක් තුළ නෞකා අනතුරු දෙකක් සිදුවිය.

නෞකා අනතුරු මගින් සිදුවන පරිසර හානිය තක්සේරු කිරීමට සහ කාබනික පොහොර මත පදනම් වු කෘෂිකර්මාන්තයක් වෙනුවෙන් ශ්‍රී ලංකා රජය දියත් කර ඇති වැඩපිළිවෙළට ඔස්ට්‍රේලියානු රජයේ තාක්ෂණික සහාය අපේක්ෂා කරන බව ජනාධිපතිතුමා ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී සඳහන් කළේය.


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download) 


Value added products හෙවත් අගය එකතු කිරීමේ නිෂ්පාදන සඳහා වැඩි ආයෝජන අවස්ථා උදාකර ගැනීමෙන් ඉන්දියාව, මැද පෙරදිග ඇතුළු රටවල් රැසක් ඉලක්ක කරගත් අපනයන වෙළෙඳපොළක් ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමේ හැකියාව පිළිබඳව ද ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා එහිදී ජනාධිපතිතුමාගේ අවධානය යොමු කළේය.

ඔස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකාව අතර 75 වසරක මිත්‍රශීලී සබඳතාව ද එහිදී David Holly මහතා සිහිපත් කළේය.

ශ්‍රී ලංකාවේ කොවිඩ් ප්‍රතිකාර කටයුතු සඳහා ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයෙන් පරිත්‍යාග කළ වෛද්‍ය උපකරණ තොගයක් රැගත් ගුවන් යානයක් ලබන ජුනි 03 වන දා ශ්‍රී ලංකාවට ළගා වීමට නියමිත බවද ඔහු පැවසීය.

Australia supports Sri Lanka to become a centre of higher education in the South Asian region
Source: SL President Media

Share

2 min read

Published

Updated



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now