විදෙස් ශ්‍රමිකයන්ව සූරා කන ව්‍යාපාර සොයා ඔස්ට්‍රේලියානු දේශසීමා බලකායෙන් විශේෂ මෙහෙයුමක් (SBS සිංහල/ වාර්තා)

විදෙස් ශ්‍රමිකයන්ව සූරා කන ව්‍යාපාර සොයා ඔස්ට්‍රේලියානු දේශසීමා බලකාය විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

ABF

Australian Border Force launched a special operation to find businesses exploiting foreign workers Source: AAP

ඔස්ට්‍රේලියාවේ hospitality ක්ෂේත්‍රය තුළ විදේශීය ශ්‍රමිකයන්ව ශ්‍රම සූරාකෑමට ලක්කරන හාම් පුතුන් සහ සමාගම් සොයා ඔස්ට්‍රේලියානු දේශසීමා බලකාය (ABF) සිය නවතම මෙහෙයුම ආරම්භ කර තිබේ.

ඔස්ට්‍රේලියානු දේශසීමා බලකාය මේ වන විට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මේ කාර්යය ආරම්භ කර ඇත.

විදේශීය ශ්‍රමිකයන්ගේ ශ්‍රමය සූරා කන්නන් සොයා මෙහෙයුම්

Hospitality ක්ෂේත්‍රයේ නියුතු විදේශීය ශ්‍රමිකයන්ගේ ශ්‍රමය සූරා කන්නන් සොයා ඔස්ට්‍රේලියානු දේශසීමා බලකාය නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

ඒ අනුව ඔවුන් විදේශීය ශ්‍රමිකයන් සේවයේ යොදවන ව්‍යාපාර පිළිබඳව සමීපව විමසිල්ලෙන් සිටින අතර, අදාළ ව්‍යාපාර සහ ශ්‍රමිකයින් වීසා කොන්දේසි, වීසා අනුග්‍රාහකත්වයේ වගකීම් සහ නියමිත වැටුප්වලට අනුකුලතාව දක්වනවාද යන්න පරීක්ෂා කරයි.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Audio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

———————————————————————————

මෙහිදී මේ ගෙවී යන මැයි මාසයේදී නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ Wollongong, Newcastle, Nelsons Bay, Shoal Bay, Shellharbour, Coffs Harbour සහ කැන්බරා නුවර පරීක්ෂා කිරීම් 45 ක් පමණ සිදු කිරීමට ඔස්ට්‍රේලියානු දේශසීමා බලකාය කටයුතු කර ඇති බව නිවේදනය කරයි.

දැනට අනුග්‍රහය දක්වන සේවකයින් සේවයේ යොදවා ඇති ව්‍යාපාර අධීක්‍ෂණය කිරීම සහ වීසා සහ අනුග්‍රාහකත්ව මාර්ග හරහා තම ශ්‍රම බලකාය ශක්තිමත් කිරීමට බලාපොරොත්තු වන අය සඳහා දැනුවත් කිරීමේ ක්‍රියාකාරකම් ඊට ඇතුළත් විය.

ඔස්ට්‍රේලියානු ශ්‍රම බලකාය තුළ ඇති අයිතිවාසිකම් සහ වගකීම් පිළිබඳ තොරතුරු ඉදිරිපත් කරමින් දැනට සිටින විදේශීය ශ්‍රමිකයන් සමඟ දැනුවත් කිරීමේ සැසි ද එහිදී ඔස්ට්‍රේලියානු දේශසීමා බලකාය විසින් පවත්වන ලදී.

නාගරික හෝ ප්‍රාදේශීය පිහිටීම කුමක් වුවත්, විදේශීය ශ්‍රමිකයන් සූරාකෑම වැළැක්වීම ඔස්ට්‍රේලියානු දේශසීමා බලකායේ ඉහළ ප්‍රමුඛතාවක් වන බව එහි පරීක්ෂණ අධිකාරී Brett Totten පැවසුවේය.

ඔස්ට්‍රේලියාව පුරා අත්‍යවශ්‍ය රැකියා පුරප්පාඩු පිරවීම සඳහා සිය කුසලතා, සුදුසුකම් සහ පළපුරුද්ද සමඟ වීසා අනුග්‍රහය ලබන සේවකයින් ඔස්ට්‍රේලියානු ආර්ථිකය තුළ තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන බවද ඔහු පැවසීය.

"සියලුම සේවකයින්, ඔස්ට්‍රේලියානු පුරවැසියන් හෝ වීසා අනුග්‍රහය ලබන සේවකයින්, ඔවුන්ගේ රැකියාවට අදාළ වැටුප් සහ සුදුසු සේවා කොන්දේසි ලැබිය යුතුයි." යනුවෙන්ද ඔස්ට්‍රේලියානු දේශසීමා බලකායේ පරීක්ෂණ අධිකාරී Brett Totten පැවසුවේය.

ශ්‍රමය සූරා කන සේවා යෝජකයන්ට දැඩි දඬුවම්

ශ්‍රමිකයින්ගේ ශ්‍රමය සූරාකෑමට ලක්කරන සේවා යෝජකයන්ට සැලකිය යුතු මුල්‍ය දඬුවම්වලට මුහුණ දීමට, අදාළ වීසා අනුග්‍රාහක ගිවිසුම් අවලංගු කිරීමට සහ අනාගතයේදී ශ්‍රමිකයින්ට වීසා අනුග්‍රාහකත්ව ලබාදීම තහනම් කිරීම වැනි දඬුවම්වලට මුහුණ දිය හැකි බව මුල්‍ය ඔස්ට්‍රේලියානු දේශසීමා බලකාය පවසයි.

ඔස්ට්‍රේලියාවේ විවිධ ක්ෂේත්‍රවල විදේශීය ශ්‍රමිකයන්ගේ ශ්‍රමය සූරා කන බවට විවිධ චෝදනා එල්ල වෙමින් තිබේ.

Hospitality ක්ෂේත්‍රය ඒ අතරින් ප්‍රධාන තැනක් ගන්නා බව වාර්තා වේ.

විදෙස් ශ්‍රමිකයෙකුට වීසා අනුග්‍රාහකත්වයක් ලබා දුන් විට අදාළ ශ්‍රමිකයා එම සේවා යෝජකයාට පමණක් සේවය කළ යුතු අතර ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලැබෙන තෙක් ඔහුට හෝ ඇයට වෙනත් කිසිදු සේවා යෝජකයෙකු යටතේ රැකියා කිරීමට නොහැකි යනුවෙන් වීසා කොන්දේසියක් තිබේ.

මෙම වීසා කොන්දේසිය මත ඇතැම් සේවා යෝජකයින් සිය අනුග්‍රහය දක්වන විදෙස් ශ්‍රමිකයින්ගේ ශ්‍රමය බරපතල ලෙස සූරා කන බවට චෝදනා සහ පැමිණිලි ලැබී තිබේ.

මේ හේතුවෙන්ම 2023 ජුලි 1 සිට වීසා අයදුම්කරුවෙකුට ඔස්ට්‍රේලියාවේ සේවා යෝජකයෙකුගෙන් වීසා සඳහා අනුග්‍රහය ලබා ගැනීමේදී අදාළ වීසා ලාභියාට ගෙවිය යුතු අවම වැටුප හෙවත් Temporary Skilled Migration Income Threshold (TSMIT) $53,900 සිට $70,000 දක්වා ඉහළ දැමීමට මධ්‍යම රජය තීරණය කළේය.

නමුත් මෙම ඉහළ යාම අදාළ වන්නේ 2023 ජූලි 01 දිනෙන් පසු අදාළ වීසා සඳහා වන නව nomination අයදුම්පත් සඳහා බව ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

ඒ අනුව නව අයදුම්කරුවන්ගේ නව ආදායම් සීමාව වසරකට $70,000 හෝ එම රැකියාවට අදාළ වාර්ෂික වෙළඳපල වැටුප් අනුපාතය ඊට වැඩිනම් එය හෝ වනු ඇත.

මෙම ආදායම් සංශෝධනය දැනට පවතින වීසා බලපත්‍රලාභීන්ට සහ 2023 ජූලි 01 ට පෙර ඉදිරිපත් කරන ලද අනුමත nomination වලට බලපාන්නේ නැති බවද ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

************************************************

වීසා පිළිබඳ වංචා, නීති විරෝධී රැකියා හෝ අවදානමට ලක්විය හැකි පුද්ගලයින්ගේ ශ්‍රමය සූරාකෑමට ලක් කරන පුද්ගලයෙකු, ව්‍යාපාරයක් හෝ සේවා යෝජකයෙකු පිළිබඳ ඔබ දන්නේ නම්, Border Watch අමතන ලෙස ඔස්ට්‍රේලියානුවාසීන්ට දැනුම් දෙයි.


Share

4 min read

Published

By Madhura Seneviratne

Source: SBS



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now