ඔස්ට්‍රේලියානු සංගණන වලට සහභාගී වන "ස්ත්‍රී හෝ පුරුෂ හෝ නොවන" පුද්ගලයින් සඳහා ප්‍රථම වරට "විකල්පයක්" (SBS සිංහල /වාර්තා)

The 2021 census will include an option to identify as gender non-binary for the first time.

Source: AAP

ඔස්ට්‍රේලියාව තුල සිදුකෙරෙන සංගණන පාදක කොටගනිමින් ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය මගින් ස්ත්‍රී පුරුෂ භාවය සහ ලිංගික දිශානතිය සම්බන්ධයෙන් නව මාර්ගෝපදේශන නිකුත් කොට තිබේ.

මේ වනවිට පවතින දත්තයන් වැඩි දියුණු කිරීමේ අරමුණින් ඕස්ට්‍රේලියානු සංක්‍යාලේඛණ කාර්යාංශය මගින් සංගණන සඳහා ප්‍රථම වරට ස්ත්‍රී හෝ පුරුෂ හෝ නොවන පුද්ගලයින් සඳහා Non-binary option ලෙසින් හැඳින්වෙන නව ප්‍රවේශයක් ඇතුලත් කොට තිබේ.


 SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීව සහ පසුව online අහන්න -www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


ස්ත්‍රී/ පුරුෂ යන ප්‍රවේශයන්ට අමතරව 2016 වසරේදී Other නොහොත් "වෙනත්" යන ප්‍රවේශය පැවතියද, සංගණන වලදී එම ප්‍රවේශය තොරාගන්නන් සඳහා අතිරේක වශයෙන් පියවර රැසක් සම්පුර්ණ කිරීමට සිදුවිය.

මෙහි ප්‍රතිපලයක් වශයෙන් ඔස්ට්‍රේලියාව තුල සිදු කල සංගණන වලදී පුද්ගලයින් 1,260 දෙනෙකු පමණක් මෙම "වෙනත්" යන ප්‍රවේශය තෝරාගෙන තිබු අතර මෙය නිවැරදි ගණනයක් නොවන බව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයට අනාවරණය විය.

මේ අනුව 2021 සංගණනයට සහභාගී වන පුද්ගලයා හට "පිරිමි", "ගැහැණු" හෝ non-binary sex නොහොත් ස්ත්‍රී හෝ පුරුෂ හෝ නොවන සහ another gender නොහොත් "වෙනත්" යන ප්‍රවේශය තෝරා ගැනීමට අවකාශය පවතී.

census
Source: Pixabay/StockSnap

මේ අනුව, ලිංගිකත්වය, ස්ත්‍රී පුරුෂ භාවය සහ ලිංගික දිශානතිය සඳහා වන නව ප්‍රමිතිය මින් ඉදිරියට ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය මගින් සිදු කරන සෑම සමීක්ෂණයක් සඳහාම ඇතුලත් කෙරෙන අතර ඔහු/ ඇය වෙනුවට "ඔවුන්" ලෙස සහ ඔහුගේ/ඇයගේ වෙනුවට "ඔවුන්ගේ" යන යෙදුම් භාවිත කිරීම සිදු වේ.

ලිංගිකත්වය සහ ස්ත්‍රී පුරුෂ භාවය විශේෂ විකල්ප දෙකක් ලෙස සැලකිය යුතු බව මෙම මාර්ගෝපදේශන පෙන්වා දේ. මේවා එකිනෙක අතර සම්බන්ධතා පවතින විකල්පයන් දෙකක් වන නමුත් පුද්ගලයෙකු ස්ත්‍රියක හෝ පුරුෂයකු හෝ බවට උපතේදී ලබන තත්වය, නීතිමය ලියකියවිලි වලදී වෙනස් විය හැකි බව එම මාර්ගෝපදේශනයන්හි සඳහන් වේ.

මේ හේතුවෙන් මේ සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතු බව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය සඳහන් කරයි.

එම කාර්යාංශය පෙන්වා දෙන්නේ සංගණනයකදී, ඒ සඳහා සහභාගී වන්නන් වැරදි පිළිතුරු ලබාදීමෙන් වැලැක්වීම සඳහා, ප්‍රශ්ණ සැකසීමේදී sex recorded at birth "උපතේදී වාර්තා වූ ස්ත්‍රී හෝ පුරුෂ භාවය" යන්න පැහැදිලිව දැක්වියයුතු බවයි. සමීක්ෂණයට සහභාගී වන්නන්ගෙන්, ඔවුන්ගේ ස්ත්‍රී පුරුෂ භාවය විස්තර කරන්නේ කෙසේදැයි අසන ප්‍රශ්නයත් සමග මෙය සම්බන්ධ වී පවතී.


SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

ගුවන් විදුලියෙන් - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA

නැතිනම් රූපවාහිනියේ channel 38


ඔස්ට්‍රේලියාව තුල සිටින Transgender population නොහොත් "සංක්‍රාන්ති ලිංගිකයින්" පිළිබඳව දත්ත එක්රැස් කිරීම සඳහා පියවර දෙකකින් සමන්විත ක්‍රමයක් පවතී.

සංගනනයේදී Transgender නොහොත් "සංක්‍රාන්ති තත්ත්වය" පිළිබඳව හෝ Trans and gender diverse තත්වය පිළිබඳ සෘජු ප්‍රශ්න ඇසීම නව මාර්ගෝපදේශනයන් ඔස්සේ බැහැර කොට තිබේ. එමගින් සත්‍ය සංක්‍යාන ප්‍රතිපල නොලැබීම සහ ජනගහනය සම්බන්ධයෙන් නිසි දත්ත නොලැබීම ඉඩකඩ පැවතීම ඊට හේතුවයි.


Share

3 min read

Published

Updated

By Maani Truu, Nipuna Dodangoda




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now