දශක තුනකට පසු නේපාලයේ සිදු වූ දරුණුතම ගුවන් අනතුරින් මියගිය 68 අතර ඔස්ට්‍රේලියානුවෙකුත් සිටින බවට වාර්තා

ගුවන් යානා කාර්ය මණ්ඩලයේ සිව් දෙනෙකුද ඇතුළු පුද්ගලයින් 72 දෙනෙකු රැගත් Yeti ගුවන් සේවයට අයත් මෙම ගුවන් යානය දේශීය ගුවන් ගමනක් යන අතරේ කත්මන්ඩු අගනුවරට කිලෝමීටර් 200ක් පමණ බටහිර දෙසින් පිහිටි Pokhara ප්‍රදේශයේදී කඩා වැටී ඇති බව හමුදා නිලධාරීහු පවසති.

Locals watch the wreckage of a passenger plane in Pokhara, Nepal.

Local television showed thick black smoke billowing from the crash site as rescue workers and crowds of people gathered around the wreckage. Source: AAP / Yunish Gurung/AP

මධ්‍යම නේපාලයේ සිදුවූ ගුවන් අනතුරකින් පුද්ගලයන් 68 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

නේපාලයේ දශක තුනකට පසු සිදු වූ දරුණුතම ගුවන් අනතුර ලෙස මෙය හැඳින්වෙන අතර මෙම පුවත මේ වන විට ජාත්‍යන්තරයම කම්පාවට පත් කර තිබේ.
ගුවන් යානා කාර්ය මණ්ඩලයේ සිව් දෙනෙකුද ඇතුළු පුද්ගලයින් 72 දෙනෙකු රැගත් Yeti ගුවන් සේවයට අයත් මෙම ගුවන් යානය දේශීය ගුවන් ගමනක් යන අතරේ කත්මන්ඩු අගනුවරට කිලෝමීටර් 200ක් පමණ බටහිර දෙසින් පිහිටි Pokhara ප්‍රදේශයේදී කඩා වැටී ඇති බව හමුදා නිලධාරීහු පවසති.

ඔස්ට්‍රේලියානු ජාතිකයෙකු ද මෙහි මගී ලැයිස්තුවේ සිටි බවට වාර්තා වේ.

ඔස්ට්‍රේලියානු තානාපති කාර්යාලය අදාළ ඔස්ට්‍රේලියානුවා පිළිබඳ තොරතුරු සොයා බලා ඔහුට දිය හැකි සෑම සේවාවක්ම කඩිනමින් ලබාදීමට බලාපොරොත්තු වන බව ඔස්ට්‍රේලියාවේ විදේශ කටයුතු සහ වෙළඳ දෙපාර්තමේන්තුව අද (ජනවාරි 16) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
මෙම කඩා වැටුණු යානයේ සිටි පුද්ගලයින් සොයා සිය ගණනක් ගලවා ගැනීමේ සේවකයෝ යානය කඩා වැටුණු කඳු බෑවුම පීරමින් සිටියහ.

ඊය පස්වරුවේ අවසන් කළ මෙම සෝදිසි මෙහෙයුම් අද පෙරවරුවේ යළි ආරම්භ කෙරිණි.

————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————

නේපාලයේ දේශීය රූපවාහිනී දර්ශන මීට පෙර, ගලවා ගැනීමේ සේවකයින් ගුවන් යානයේ කැඩුණු කොටස් අතරේ මගීන්ව සොයමින් සිටින අයුරු පෙන්නුම් කළේය.

කඩාවැටුණු ස්ථානය අසල බිමෙහි ඇතැමුන් දැවී ගොස් ඇති අතර, ගිනිදැල් ද දක්නට ලැබුණි.
යානය ගමන් කළ වෙලාවේ පැහැදිලි කාලගුණයක් තිබුණු අතර කඩා වැටීමට හේතුව කුමක්ද යන්න පිළිබඳ නිශ්චිත තොරතුරක් තවමත් අනාවරණය වී නොමැත.

මෙය 1992 වසරෙන් පසු නේපාලයේ සිදුවූ මාරාන්තික ගුවන් අනතුර බව ගුවන් සේවා ආරක්ෂණ ජාල දත්ත ගබඩාව පෙන්වා දෙයි.

1992 දී පකිස්තාන ජාත්‍යන්තර ගුවන් සේවයට අයත් එයාර්බස් A300 යානයක් කත්මණ්ඩු නුවරට ළඟා වන විට කඳු බෑවුමකට කඩා වැටීමෙන් එහි සිටි පුද්ගලයන් 167 දෙනාම මිය ගියහ.
නේපාලයේ ගුවන් යානා හෝ හෙලිකොප්ටර් අනතුරුවලින් වසර 2000 සිට මේ දක්වා 350 කට ආසන්න පිරිසක් මිය ගොස් ඇත.

එවරස්ට් ඇතුළු ලෝකයේ උසම කඳු 14 න් අටකට නිවහන සපයන නේපාලයේ හදිසි කාලගුණ වෙනස්වීම් මෙවැනි ගුවන් අනතුරු ඇති කළ හැකිය.
People crowded around broken plane.
A regional passenger plane with 72 people on board crashed into a gorge while landing at a newly opened airport in the town of Pokhara. Source: AAP / Krishna Mani Baral/AP
යුරෝපා සංගමය විසින් 2013 වසරේ සිට නේපාල ගුවන් සේවා සිය ගුවන් සීමාවෙන් තහනම් කර ඇත්තේ ආරක්‍ෂාව හේතුවෙනි.

ඊයේ අනතුරට පත් ගුවන් යානය ඉරිදා පෙරවරු 10.50 ට Seti Gorge සිට Pokhara ගුවන් තොටුපළ හා සම්බන්ධ වූ බව එරට සිවිල් ගුවන් සේවා අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

ඉන් අනතුරුව මෙම කඩා වැටීම සිදුවිය.

මේ වන විට එහි සිටි පුද්ගලයින් 68 දෙනෙකු අවම වශයෙන් මිය ගොස් ඇතැයි එම නිවේදනයේ සඳහන්.
ගුවන් යානය කඩා වැටී මිනිත්තු කිහිපයකට පසු තමා එම ස්ථානයට පැමිණි බවත් කඩා වැටුණු ගුවන් යානයෙන් අඩක් කඳු බෑවුමේ ඇතැයි ප්‍රදේශවාසී Arun Tamu රොයිටර් පුවත් සේවයට පැවසුවේය.

"අනික් භාගය සෙටි ගඟට වැටිලා." ඔහු පැවසීය.

ගුවන් යානය කඩා වැටෙන වන විට තමන් තම නිවසේ වහලයේ සිට බලා සිටි බව තවත් ප්‍රදේශවාසියෙකු වන Khum Bahadur Chhetri පැවසුවේය.

අනතුරට හේතුව සොයා බැලීම සඳහා රජය කමිටුවක් පිහිටුවා ඇති අතර එය දින 45ක් ඇතුළත වාර්තා කිරීමට අපේක්ෂා කරන බව මුදල් අමාත්‍ය Bishnu Paudel මාධ්‍යවේදීන්ට පැවසීය.

ද්විත්ව එන්ජින් සහිත ATR 72 ගුවන් යානයේ ගමන් ගත් පිරිස අතර ළදරුවන් තිදෙනෙකු සහ ළමුන් තිදෙනෙකු සිටින බව සිවිල් ගුවන් සේවා අධිකාරියේ නිවේදනයේ දැක්වේ.

ගමන් ගත් මගීන් අතර ඉන්දියානුවන් පස් දෙනෙකු, රුසියානුවන් හතර දෙනෙකු සහ අයර්ලන්ත ජාතිකයින් දෙදෙනෙකු, දකුණු කොරියානුවන් දෙදෙනෙකු, එක් ඔස්ට්‍රේලියානුවෙකු, ප්‍රංශ සහ ආර්ජන්ටිනාවේ පුරවැසියෙකු ඇතුළත් වූහ.
Relatives of a crashed passenger plane at Katmandhu airport, Nepal.
A passenger plane with 72 people on board has crashed near Pokhara International Airport in Nepal. The plane was carrying 68 passengers and four crew members. Source: AAP / Bikram Rai/AP
කත්මණ්ඩු අගනුවර සිට මනරම් Annapurna කඳුවැටිය යට පිහිටි නේපාලයේ දෙවන විශාලතම නගරය වන Pokhara වෙත ගමන නේපාලයේ වඩාත්ම ජනප්‍රිය සංචාරක මාර්ගවලින් එකකි.

බොහෝ අය කඳුකර මාර්ග හරහා පැය හයක දිගු ගමනක් වෙනුවට කෙටි ගුවන් ගමනකට කැමැත්තක් දක්වයි.

මෙම Yeti ගුවන් සේවයේ ගුවන් යානය වසර 15ක් පැරණි බවත් විශ්වාස කළ නොහැකි දත්ත සහිත පැරණි ට්‍රාන්ස්පොන්ඩරයකින් සමන්විත බවත් ගුවන් යානා පථ ට්‍රැක් කරන FlightRadar24 වෙබ් අඩවිය ට්විටර් පණිවිඩයක් තබා ඇත.
Yeti ගුවන් සේවය තමන් නේපාලයේ අභ්‍යන්තර ගුවන් ගමන්වල ප්‍රමුඛයා බවට සිය වෙබ් අඩවියේ සටහන් කර ඇත.

Yeti ගුවන් සේවයට Tara Air ද අයත් වන අතර, මෙම ගුවන් සේවා ද්විත්වය එක්ව නේපාලයේ "පුළුල්ම ගුවන් සේවා ජාලය" ලබා දෙන බව සමාගම පැවසීය.

"ජීවිත අහිමි වූ මගීන් වෙනුවෙන් ශෝකය පළ කරමින්" සඳුදා දිනයට යෙදී ඇති තම සියලුම සාමාන්‍ය ගුවන් ගමන් අවලංගු කළ බව Yeti ගුවන් සේවය පැවසීය.


Share

Published

By Madhura Seneviratne
Source: SBS

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
දශක තුනකට පසු නේපාලයේ සිදු වූ දරුණුතම ගුවන් අනතුරින් මියගිය 68 අතර ඔස්ට්‍රේලියානුවෙකුත් සිටින බවට වාර්තා | SBS Sinhala