ඔස්ට්‍රේලියාවේ දේශීය ගුවන් ගමන් ගාස්තු අහස උසට ඉහළ නගින හේතුව හෙළිවෙයි, ඒකාධිකාරිය බිඳ දැමීමට යෝජනා

දේශීය ගුවන් මගීන්ගෙන් 90% කට වඩා වැඩි ප්‍රමාණයක් Virgin හෝ Qantas ගුවන් සේවා සමඟ පියාසර කරන බව ඔස්ට්‍රේලියානු පාරිභෝගික කොමිසම පෙන්වා දෙයි.

Australian Competition and Consumer Commission calls out sky-high airfares and unreliable service

Australian Competition and Consumer Commission calls out sky-high airfares and unreliable service Source: AAP / Mark Baker/AP

ඔස්ට්‍රේලියාවේ ගුවන් සේවා ක්ෂේත්‍රයේ තරඟකාරිත්වයේ අඩු බව ඉහළ ගුවන් ගමන් ගාස්තු සහ දුර්වල පාරිභෝගික සේවා සඳහා හේතු වන බව ඔස්ට්‍රේලියානු පාරිභෝගික කොමිසම පවසයි.

ඔස්ට්‍රේලියාවේ ගුවන් සේවා ක්ෂේත්‍රය පිළිබඳ ඔස්ට්‍රේලියානු පාරිභෝගික කොමිසම නිකුත් කළ නවතම වාර්තාවේ මේ බව සඳහන් කර ඇත. 

ඔස්ට්‍රේලියාවේ ගුවන් සේවා ක්ෂේත්‍රයේ තරඟකාරිත්වය අඩු නිසා ඇතිවී ඇති ගැටළු

Rex ගුවන් සේවයේ ව්‍යාප්තිය සහ Bonza ගුවන් සේවයේ ප්‍රවේශය ඔස්ට්‍රේලියාවේ දේශීය ගුවන් සේවා කර්මාන්තයට වඩාත් තරඟකාරී කාල පරිච්ඡේදයකට පිවිසීමට අවස්ථාවක් නිර්මාණය කර ඇති බව එම වාර්තාව පැහැදිලි කරයි.

කෙසේ වෙතත්, Qantas සහ Virgin Australia සමඟ කරට කර තරඟ කිරීමට එම ගුවන් සේවා දෙක සැලකිය යුතු ලෙස වර්ධනය විය යුතු බවද එම වාර්තාව අවධාරණය කරයි.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Audio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

———————————————————————————

දේශීය ගුවන් මගීන්ගෙන් 90% කට වඩා වැඩි ප්‍රමාණයක් Virgin හෝ Qantas ගුවන් සේවා සමඟ පියාසර කරන බව ඔස්ට්‍රේලියානු පාරිභෝගික කොමිසම පෙන්වා දෙයි.

මෙම වසරේ අප්‍රේල් මාසයේදී ඔස්ට්‍රේලියාවේ සියලුම දේශීය මගීන්ගෙන් සියයට 94 ක් Virgin සහ Qantas ගුවන් සේවා දෙක සමග පියාසර කර ඇත.

විදුලි සැපයුම් ජාල සහ දුම්රිය ප්‍රවාහන ජාල වැනි ස්වභාවික ඒකාධිකාරයන් පමණක් හැර දේශීය ගුවන් සේවා යනු ඔස්ට්‍රේලියාවේ වඩාත්ම තීරණාත්මක කර්මාන්ත වලින් එකක්බව ඔස්ට්‍රේලියානු පාරිභෝගික කොමිසමේ සභාපතිනි Gina Cass-Gottlieb පැවසුවාය.

“වෙනත් ගුවන් සේවාවලට තම ගුවන් මගීන් අහිමි වීමේ සැබෑ තර්ජනයක් නොමැතිව, Qantas සහ Virgin Australia ගුවන් සමාගම්වලට ආකර්ෂණීය ගුවන් ගමන් ලබා දීමට, වඩාත් සෘජු මාර්ග සංවර්ධනය කිරීමට, වඩාත් විශ්වාසදායක සේවා ක්‍රියාත්මක කිරීමට සහ ඉහළ මට්ටමේ පාරිභෝගික සේවා සැපයීම සඳහා අදාළ පද්ධතිවල ආයෝජනය කිරීමට අඩු දිරිගැන්වීමක් ලැබී තිබෙනවා. ” යනුවෙන්ද ඇය ප්‍රකාශ කළාය.

"ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගරාන්තර මාර්ග වෙත Rex ගුවන් සේවයේ ව්‍යාප්තිය සහ Bonza ගුවන් සේවය දියත් කිරීම, ඔස්ට්‍රේලියාවේ දේශීය ගුවන් සේවා තරඟය ධනාත්මකව වර්ධනයවී තිබෙනවා, නමුත් වෙළඳපොලේ ඔවුන්ගේ කොටස කුඩා වන නිසා එම වර්ධනයට බාධක තිබෙනවා," යනුවෙන්ද ඇය පැහැදිලි කළාය.

ඔස්ට්‍රේලියාවේ ගුවන් සේවා කර්මාන්තයේ තරඟකාරී විරෝධී හැසිරීම් සහ අසාධාරණ ව්‍යාපාරික භාවිතයන් පිළිබඳව ඔස්ට්‍රේලියානු පාරිභෝගික කොමිසම නොකඩවා නිරීක්ෂණය කරන බවත් එවැනි දේ සිදුවන බවට සාක්ෂි දුටුවහොත්, නීතියට අනුකූලව සම්පූර්ණ බලතල බලතල භාවිතා කරන බවත් ඔස්ට්‍රේලියානු පාරිභෝගික කොමිසමේ සභාපතිනි Gina Cass-Gottlieb පැවසුවාය.

තරඟකාරිත්වය සහ පාරිභෝගික ආරක්ෂණය පිළිබඳ ප්‍රතිසංස්කරණ අවශ්‍යයි

සිඩ්නි ගුවන් තොටුපළේ ගුවන් යානා ගුවන්ගත වීමේ සහ ගොඩබෑමේ ස්ථාන වෙන් කරන නීතිමය යෝජනා ක්‍රමය ප්‍රතිසංස්කරණය කිරීම දේශීය ගුවන් සේවා කර්මාන්තයේ තරඟකාරිත්වය ප්‍රවර්ධනය කිරීමේ හොඳම ක්‍රමය බව ඔස්ට්‍රේලියානු පාරිභෝගික කොමිසමේ වාර්තාව පැහැදිලි කරයි.

ඔස්ට්‍රේලියාවේ කාර්යබහුලම සිඩ්නි ගුවන්තොටුපළේ ඉල්ලුම වඩා හොඳින් කළමනාකරණය කිරීම සඳහා කළ හැකි ප්‍රතිසංස්කරණ කිහිපයක් රජය විසින් මෙහෙයවන ලද සමාලෝචනයක් සහ පාර්ශවකරුවන්ගේ ක්‍රියාකාරී කණ්ඩායම් හරහා දැනටමත් හඳුනාගෙන ඇත.

“සිඩ්නි ගුවන් තොටුපලේ කාර්ය බහුල කාල වේලාවන්වලදී ගුවන්ගත වීමේ සහ ගොඩබෑමේ ස්ථාන වෙන් කරගැනීමට අවස්ථාව ලබාදීම නගරාන්තර ගුවන් සේවා ජාලයක් ගොඩනැගීමට අපේක්ෂා කරන නව සහ පුළුල් වන ගුවන් සමාගම් සඳහා ඉතා වැදගත් වෙනවා, ගුවන් තොටුපළේ ඉල්ලුම කළමනාකරණය කරන යෝජනා ක්‍රමයේ නීතිමය ප්‍රතිසංස්කරණයකින් තොරව ඔස්ට්‍රේලියාවේ අභ්‍යන්තර ගුවන් සේවා තරඟයේ කිසිදු ප්‍රමාණාත්මක දියුණුවක් අපේක්ෂා කළ නොහැකියි" යනුවෙන් ඔස්ට්‍රේලියානු පාරිභෝගික කොමිසමේ සභාපතිනි Gina Cass-Gottlieb පැවසුවාය.

මේ අතර ගුවන් සේවා අංශයේ පාරිභෝගික සේවා මට්ටම් අඛණ්ඩව පහත වැටීම ගුවන් සමාගම් සඳහා ඔවුන්ගේ පාරිභෝගික සේවා සඳහා ආයෝජනය කිරීම සඳහා නව නියාමන දිරිගැන්වීම් සලකා බැලීමට රජයට වගකීමක් ඇති බව ද එම වාර්තාව පවසයි.

කුඩා ගුවන් සමාගම්වලට ගුවන් තොටුපොළඅල ගුවන්ගත වීමේ සහ ගොඩබෑමේ ස්ථාන සඳහා වඩා හොඳ ප්‍රවේශයක් ලබා ගැනීමට සහ පාරිභෝගික පැමිණිලි සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා ස්වාධීන ආරවුල් විසඳීමේ ඔම්බුඩ්ස්මන්වරයෙකු පිහිටුවීමට රජයේ මැදිහත්වීම ද ඇය ඉල්ලා සිටී.


3 min read

Published

By Madhura Seneviratne

Source: SBS



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now