ඔස්ට්‍රේලියාවේ ෆෙඩරල් අය - වැය අදයි, මේ තාක් ලද තොරතුරු අනුව ඔබට ලැබෙන සහන සහ දීමනා මෙන්න (SBS සිංහල/ වාර්තා)

ඔස්ට්‍රේලියානුවාසීන් මේ වන විට දැඩිව මුහුණ දෙමින් සිටින ජීවන වියදම් පීඩනය අවම කිරීම මෙවර අය වැයේ මූලිකම අරමුණ බව කම්කරු පක්ෂ රජය නිවේදනය කර ඇත.

Man in suits holding papers superimposed over cash.

Treasurer Jim Chalmers will deliver his second budget on Tuesday.

2023 ජූලි 01 සිට ආරම්භ වන ඔස්ට්‍රේලියාවේ 2023-24 මුල්‍ය වර්ෂය සඳහා වන මධ්‍යම රජයේ අය වැය අද (මැයි 09) පස්වරුවේ කැන්බරා නුවර ඔස්ට්‍රේලියානු මධ්‍යම පාර්ලිමේන්තුවේදී භාණ්ඩාගාරික අමාත්‍ය Jim Chalmers විසින් ඉදිරිපත් කිරීමට නියමිතය.

ඔස්ට්‍රේලියානුවාසීන් මේ වන විට දැඩිව මුහුණ දෙමින් සිටින ජීවන වියදම් පීඩනය අවම කිරීම මෙවර අය වැයේ මූලිකම අරමුණ බව කම්කරු පක්ෂ රජය නිවේදනය කර ඇත.

මේ වන විට ලද තොරතුරු අනුව අද ඉදිරිපත් කිරීමට නියමිත අය වැයෙන් ඔස්ට්‍රේලියාවේ ඔබට ලැබෙන සහන පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

ජීවන වියදම් පීඩනය අඩු කිරීම

ඔස්ට්‍රේලියානුවාසීන්ගේ ජීවන වියදම් පීඩනය අඩු කිරීම සඳහා ඩොලර් බිලියන 14.6 ක ජීවන වියදම් පැකේජයක් වෙන් කෙරේ.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Audio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

———————————————————————————

නිවාස

යුවලකට 5% ක මූලික තැන්පතුවකින් නිවසක් මිලදී ගැනීමට ඉඩ සලසන යෝජනා ක්‍රමයක් පුළුල් කෙරේ.

එහිදී යුවල යන්නෙන් අදහස් කරන පුද්ගලයින් දෙදෙනාට විවාහක සහ එකට ජීවත්වන සහකරුවන් හා සහකාරියන්ට අමතරව සහෝදර සහෝදරියන් සහ මිතුරන් ද ඇතුළත් බව මධ්‍යම රජය නිවේදනය කර තිබේ.

සෞඛ්‍ය සහ Aged Care

වෛද්‍ය නිර්දේශ නොමැති සහ එක් වරක් භාවිත කළ හැකි E - සිගරට් හෙවත් Vape ආනයනය තහනම් කිරීම. දැනට ඉතිරිව ඇති ඒවා අලෙවිය සඳහා ඖෂධ අලෙවියේදී මෙන් ඇසුරුම් අවශ්‍ය වනු ඇත.

දුම්කොළ බද්ද වසර තුනක් තුළ 5% කින් වැඩි කිරීමට ද නියම කර ඇත.

කම්කරු පක්ෂයේ ප්‍රධාන මැතිවරණ පොරොන්දුවක් ඉටු කරමින් 2023 ජූලි මාසයේ සිට Aged Care අංශයේ ශ්‍රමිකයින්ට 15% ක වැටුප් වැඩිවීමක් ලැබෙනු ඇත.

නිදන්ගත රෝගවලින් පෙළෙන ඔස්ට්‍රේලියානුවන් සඳහා මිල අඩු ඖෂධ ලබාදීමට ක්‍රමයක් ක්‍රියාත්මක කෙරේ.

එමෙන්ම දෙවරකින් නොව එක් වරම ඔසුසැලෙන් මාස දෙකක ඖෂධ මිලදී ගැනීමට හැකි වනු ඇත.

දෙමාපියන්ට

Single-parent ගෙවීම 2023 සැප්තැම්බර් මාසයේ සිට පුළුල් කෙරේ.

එය පාර්ලිමේන්තුව සම්මත වුවහොත්, වයස අවුරුදු 8 ත් 14 ත් අතර දරුවන් සිටින Single-parent හට මෙම ගෙවීම ලැබෙනු ඇත.

එසේ වුවහොත් ඔවුන්ට තවදුරටත් අඩු JobSeeker දීමනා ලබාගැනීමට අවශ්‍ය නොවේ.

People in line outside Centrelink.
A rise to the JobSeeker payment is being mooted. Source: AFP

දේශගුණික විපර්යාස සහ බලශක්තිය

ඔස්ට්‍රේලියානු ආර්ථිකය පොසිල ඉන්ධනවලින් ඈත් කිරීමට උපකාර කිරීම සඳහා නව ජාතික ශුද්ධ කාබන් ශුන්‍ය අධිකාරියක් නිර්මාණය කරනු ඇත.

විශාල ගෑස් සමාගම් සඳහා බදු සහන සීමා කෙරෙනු ඇති අතර, ඔවුන් දැඩි බදු අනුකූලතා පියවරයන්ට ද මුහුණ දෙනු ඇත.

A kitchen gas stove burner
Mr Chalmers says energy relief is on the way. Source: AAP / Joel Carrett

ආරක්ෂාව

මෑතකදී නිකුත්වූ ආරක්ෂක මූලෝපායික සමාලෝචනයේ ප්‍රතිසංස්කරණය සඳහා වන ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින්, ආරක්ෂක කටයුතු ආශ්‍රිත ඉදිරි ඇස්තමේන්තු සඳහා ඩොලර් බිලියන 19ක් වෙන් කරනු ඇත.

නමුත් ආයෝජනය කරන මුදලට වටිනාකමක් නොලැබෙන බවට තර්ක කරන ව්‍යාපෘති 30 ක් පමණ අවලංගු කිරීමෙන් හෝ ඒවා ආපසු හැරවීමෙන් ඩොලර් බිලියන 7.8 ක් ඉතිරි කරන බව ද මධ්‍යම රජය පවසයි.

ආපදා සහන

දෙවන භාෂාවක් ලෙස ඉංග්‍රීසි කතා කරන පුද්ගලයින්ට ඔවුන්ගේ මව් භාෂාවෙන් ආපදා අනතුරු ඇඟවීම් ලැබෙනු ඇත.

ක්‍රීඩා

ටස්මේනියා ප්‍රාන්තයේ හෝබාර්ට් නුවර නව ක්‍රීඩාංගනයක් සඳහා ඩොලර් මිලියන 240ක් වැය කරනු ඇත.

එය ඔස්ට්‍රේලියාවේ ක්‍රීඩාංගනයක් සඳහා මධ්‍යම රජය මෙතෙක් සිදුකළ විශාලතම වියදම වේ.


3 min read

Published

By Finn McHugh, Madhura Seneviratne

Source: SBS




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now