ඔස්ට්‍රේලියාවේ ඔබගේ බලශක්ති බිල්පත්වලට මැයි 09 අය වැයෙන් ලැබෙන සහනය මෙන්න (SBS සිංහල/ වාර්තා)

මෙම සහනයත් සමග බලශක්ති බිල්පතෙන් ඉතිරිකරගත හැකි මුදල ඩොලර් 500 දක්වා විය හැකි බවට යම් අනුමානයක් ඇත.

LIDDELL POWER STATION TOUR

Millions of Australians to get 'several hundred dollars' in energy bill relief in the budget Source: AAP / DAN HIMBRECHTS/AAPIMAGE

මැයි 08 වන දින ඉදිරිපත් කිරීමට නියමිත ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ අය වැයෙන් මිලියන සංඛ්‍යාත ඔස්ට්‍රේලියානුවාසීන්ට ඔවුන්ගේ බලශක්ති බිල්පත් සඳහා යම් සහනයක් ලබා දීමට මධ්‍යම රජය සූදානම් වේ.

නිවාස මිලියන 5.5 කට සහ සුළු පරිමාන ව්‍යාපාර මිලියනයකට තමන්ගේ විදුලි පිරිවැය සඳහා මෙම උපකාරය ලැබෙන බව මධ්‍යම රජයේ භාණ්ඩාගාර කටයුතු පිළිබඳ අමාත්‍ය Jim Chalmers, SBS ප්‍රවෘත්ති වෙත තහවුරු කළේය. 

මෙම සහනයත් සමග බලශක්ති බිල්පතෙන් කොපමණ මුදලක් ඉතිරි කරගත හැකිද?

මෙම සහනයත් සමග බලශක්ති බිල්පතෙන් ඉතිරිකරගත හැකි මුදල ඩොලර් 500 දක්වා විය හැකි බවට යම් අනුමානයක් ඇත.

නමුත් අයවැයට පෙර එම නිශ්චිත අගය භාණ්ඩාගාරික අමාත්‍යවරයා තහවුරු නොකරනු ඇත.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Audio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

———————————————————————————

එය ඩොලර් සිය ගණනක් වනු ඇති බවත් ඔවුන් ජීවත් වන ප්‍රාන්ත සහ ටෙරිටරි අනුව පදිංචිකරුවන් සඳහා එය වෙනස් වන බවත් ඔහු පැවසීය.

එය රඳා පවතින්නේ අදාළ ප්‍රාන්ත සහ ටෙරිටරි රජයන් බලශක්ති පිරිවැය මත දක්වන දායකත්වය මත බවද ඔහු පැවසීය.

මෙම බලශක්ති බිල්පත් සහනයෙන් ප්‍රතිලාභ ලැබෙන්නේ කාටද?

මෙයින් ප්‍රතිලාභ ලබන්නේ කවුරුන්ද යන්න පිළිබඳ නිශ්චිත විස්තරයක් තවමත් හෙළිවී නොමැත.

නමුත් විශ්‍රාමිකයින් සහ විවිධ දීමනා ලබන්නන් මෙන්ම සුළු පරිමාණ ව්‍යාපාර බලශක්ති බිල්පත් නිසා දැඩි පීඩනයක් අත් විඳිමින් සිටින බව භාණ්ඩාගාරික කටයුතු පිළිබඳ අමාත්‍යවරයා පෙන්වා දී තිබේ.

වසර 2025 වන විට ඔස්ට්‍රේලියානුවන්ට ඔවුන්ගේ වාර්ෂික විදුලි බිලෙන් ඩොලර් 275ක් ඉතිරි කරන බවට පසුගිය මහ මැතිවරණයේදී කම්කරු පක්ෂය පොරොන්දු විය.

නමුත් මෙය මිල සහනයකි, එය ජනතාවගේ සමස්ත විදුලි බිලෙහි සැබෑ කප්පාදුවකට සමාන දෙයක් නොවේ.

Jobseeker දීමනා ලබන්නන් සඳහා ලැබෙන ප්‍රතිලාභ

වයස අවුරුදු 55 ට වැඩි පුද්ගලයින් සඳහා Jobseeker විරැකියා දීමනාව ලබාදීමට මධ්‍යම රජය සූදානම් වන බවට මේ වන විට තොරතුරු වාර්තා වන නමුත් එය තහවුරු කර නොමැත.

වැඩිවන බිල්පත් ගෙවීමට නොහැකි පුද්ගලයින්ට උපකාර කිරීම සඳහා කුලී සහන සහ වෙනත් ක්‍රියාමාර්ග සලකා බැලීමට මධ්‍යම රජයට ද පීඩනයක් එල්ල වී තිබේ.

මෙතෙක් මාධ්‍ය වාර්තාවල පළ කර ඇති දේට වඩා මැයි 09 වන දින මේ පිළිබඳ වඩා හොද පුවතක් ලබා දෙන බව භාණ්ඩාගාරික අමාත්‍යවරයා පැවසීය.

ඔස්ට්‍රේලියානුවාසීන්ගේ ජීවන වියදම් පීඩනය අවම කිරීම මෙවර අය වැයේ ප්‍රධාන අරමුණ වී ඇති බවද ඔහු අවධාරණය කළේය.


Share

2 min read

Published

By Anna Henderson, Madhura Seneviratne

Source: SBS




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now