SKIP TO MAIN CONTENT

“..ඔස්ට්‍රේලියානු මහා මැතිවරණය 2016..” – මැතිවරණ ප්‍රතිපල පිළිබඳ ඔස්ට්‍රේලියාවේ ඉදිරි දින කිහිපය අවිනිශ්චිතයි

මේ වනවිට ලැබී ඇති ප්‍රතිපල වලට අනුව ලිබරල් සන්ධානය හෝ කම්කරු පක්ෂය යන ප්‍රධාන පක්ෂ දෙකෙන් එක් පක්ෂයක් හෝ පහල මන්ත්‍රණ සභාවේ ආසන 76ක් දිනාගනිමින් බහුතර බලයක් අත් කර ගැනීමට අසමත් වී ඇත.

Australian Federal Election 2016
Source: AAP

2 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

ජූලි 02 වනදා පැවැත්වූ පාර්ලිමේන්තු මහා මැතිවරණයෙන් මේ වනවිට ප්‍රකාශිත ප්‍රතිපල වලට අනුව මීළඟට පිහිටුවීමට නියමිත පාර්ලිමේන්තුව පිළිබඳ අවිනිශ්චිත භාවයක් හටගෙන තිබේ.

මේ වනවිට ලැබී ඇති ප්‍රතිපල වලට අනුව ලිබරල් සන්ධානය හෝ කම්කරු පක්ෂය යන ප්‍රධාන පක්ෂ දෙකෙන් එක් පක්ෂයක් හෝ පහල මන්ත්‍රණ සභාවේ ආසන 76ක් දිනාගනිමින් බහුතර බලයක් අත් කර ගැනීමට අසමත් වී ඇත.

ඔස්ට්‍රේලියානු මැතිවරණ කොමිසමේ වාර්තා වලට අනුව ලැබී ඇති ප්‍රතිපල වලට අනුව කම්කරු පක්ෂය ආසන 69 කදී ඉදිරියෙන් සිටින අතර ලිබරල් සන්ධානය ආසන 64කදී ඉදිරියෙන් සිටියි.  

නමුත් ABC මාධ්‍ය ජාලය මත පළ කරන ආකාරයට ඉදිරියේදී කම්කරු පක්ෂයට ආසන 67 ක්ද ලිබරල් සන්ධානයට ආසන 65 ක්ද ආසන 13ක් පිළිබඳ ගැටළු සහගත තත්ත්වයක් පැන නගින බවක් ද පෙනී යයි.

ස්වාධීන කණ්ඩායම් මේ වනවිට ආසන 3ක් දිනා සිටින අතර ග්‍රීන්ස් පක්ෂය එක් ආසනයක්ද  Nick Xenophon ගේ කණ්ඩායම එක් ආසනයක්ද ජයග්‍රහණය කර තිබේ.

සඳුදා දිනයේදී සෙනෙට් සභාව සඳහාවූ ඡන්ද ගණනය කිරීම් සිදුවීමට නියමිත අතර අඟහරුවාදා දිනයේදී පහල මන්ත්‍රණ සභාව සඳහා ඡන්ද ගණනය කිරීම් සිදු වනු ඇත. 

 

 

 

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

 

  • සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
  • සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

 93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm - WA

  • සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

 

 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now