SKIP TO MAIN CONTENT

“..ඔස්ට්‍රේලියානු මහා මැතිවරණය 2016..” - නවතම සමීක්ෂණයකින් සන්ධාන රජය නූලෙන් බේරෙයි.

“The Australian” පුවත් පත මැතිවරණය ඉලක්ක කරගනිමින් පවත්වන සමීක්ෂණ මාලාවේ නවතම සමීක්ෂණයකින් හෙළිවී ඇත්තේ වඩාත් කැමතිම පක්ෂය ලෙස ලිබරල් සන්ධානය 51%ක් ලෙසද කම්කරු පක්ෂය 49%ක් ලෙසද ඡන්ද ලබාගෙන ඇති බවයි.

Prime Minister Malcolm Turnbull
Prime Minister Malcolm Turnbull addresses the Coalition Campaign Launch in Sydney on Sunday, June 26, 2016. Source: AAP

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

මැතිවරණයේ අවසාන සතිය වන විට සන්ධාන රජයේ ජනප්‍රියතාව අසළටම පැමිණෙන්නට කම්කරු පක්ෂයට හැකිවී ඇති බව නවතම සමීක්ෂණයකින් හෙළිවී තිබේ. “The Australian” පුවත් පත මැතිවරණය ඉලක්ක කරගනිමින් පවත්වන සමීක්ෂණ මාලාවේ නවතම සමීක්ෂණයකින් හෙළිවී ඇත්තේ වඩාත් කැමතිම පක්ෂය ලෙස ලිබරල් සන්ධානය 51%ක් ලෙසද කම්කරු පක්ෂය 49%ක් ලෙසද ඡන්ද ලබාගෙන ඇති බවයි. පසුගිය බ්‍රහස්පතින්දා සිට ඉරිදා දක්වා ක්‍රියාත්මක වූ මෙම සමීක්ෂණය සඳහා පුද්ගලයින් 1713ක් සම්බන්ධවී තිබේ.

සමස්ත ප්‍රතිපල විමර්ශනය කිරීමේදී සන්ධාන රජය සමස්ත ඡන්ද ප්‍රමාණයෙන් 43%ක ප්‍රතිශතයක් ලබා තිබෙන අතර එය 2%ක වර්ධනයක් ලෙස සටහන් වෙයි. සමස්ත ප්‍රතිපල වලට අනුව කම්කරු පක්ෂය 36% මට්ටමේ සිටින අතර පෙර ප්‍රතිපල වලට අනුව එහි වර්ධනයක් හෝ පහත යාමක් පෙන්නුම් නොකරයි. නමුත් ග්‍රීන්ස් පක්ෂය 9% දක්වා සමස්ත ප්‍රතිපල සටහනේ පහත බැස තිබේ.

මේ අතර හොඳම අගමැතිවරයා කවුරුන් දැයි විමසුණු අංගයේදී වත්මන් අගමැති මැල්කම් ටර්න්බුල් ගේ ඡන්ද ප්‍රතිශතය -14 දක්වා ද විපක්ෂ නායක බිල් ශෝර්ටන්ගේ ඡන්ද ප්‍රතිශතය -15 දක්වා ද සුළු වර්ධනයක් පෙන්නුම් කර තිබේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now