SKIP TO MAIN CONTENT

“..ඔස්ට්‍රේලියානු මහා මැතිවරණය 2016..” - වියදම කොපමණ අධික වුවද ඔස්ට්‍රේලියාවේ බහුතරයකට වේගවත් NBN සේවාවක් අවශ්‍ය බව හෙළිවේ.

එළඹෙන මහා මැතිවරණය ඉලක්ක කොට ගෙන ප්‍රධාන පක්ෂ දෙකම තම ප්‍රධාන ඡන්ද පොරොන්දුවක් ලෙස NBN සේවාව ඉතා උසස් තත්ත්වයකින් ඔස්ට්‍රේලියාව පුරාම ව්‍යාප්ත කරන බව පවසා ඇත. එම සේවාව ලැබුනත් එහි ධාරිතාව සහ වේගය තමන්ට අවශ්‍ය පමණට තිබේවි දැයි පිටිසර ප්‍රදේශ වල ජනයා සැක පළ කරයි

NBN Australia
Source: ABC.NET

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

National Broadband Network හෙවත් NBN සේවාව සඳහා ඔස්ට්‍රේලියාවේ නගරබද මෙන්ම ගම්බද සහ දුෂ්කර ප්‍රදේශවල ජනතාව දැඩි කැමැත්තකින් පසුවන බව නවතම තොරතුරු වලින් හෙළිවී තිබේ.

එළඹෙන මහා මැතිවරණය ඉලක්ක කොට ගෙන ප්‍රධාන පක්ෂ දෙකම තම ප්‍රධාන ඡන්ද පොරොන්දුවක් ලෙස NBN සේවාව ඉතා උසස් තත්ත්වයකින් ඔස්ට්‍රේලියාව පුරාම ව්‍යාප්ත කරන බව පවසා ඇත. එම සේවාව ලැබුනත් එහි ධාරිතාව සහ වේගය තමන්ට අවශ්‍ය පමණට තිබේවි දැයි පිටිසර ප්‍රදේශ වල ජනයා සැක පළ කරයි.

ABC මාධ්‍ය ජාලය සංවිධානය කළ නවතම සමීක්ෂණයකින් මෙම තොරතුරු හෙළිවී තිබේ. රජයට දැරීමට සිදුවන වියදම කොපමණ වුවද NBN සේවාව හරහා තමන්ට වේගවත් අන්තර් ජාල පහසුකම් ලැබෙනවාට පක්ෂව මෙහිදී 69%ක් කැමැත්ත පළ කොට ඇත.

කම්කරු සහ ග්‍රීන්ස් පක්ෂ වල ඡන්ද දායකයින් මෙම මතයට එක හෙළා සහය දක්වා ඇති නමුත් වත්මන් සන්ධාන රජයට සහය දක්වන ඡන්ද දායකයන්ගෙන් 52%ක්ද මෙහිදී මෙම කරුණට කැමැත්ත පළ කර  තිබේ. 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now