SKIP TO MAIN CONTENT

!!..ඔස්ට්‍රේලියානු මහ මැතිවරණය 2016..!! බිල් ශෝර්ටන් තම NBN සැලැස්ම හෙළිදරවු කරයි

කම්කරු රජයක් පත්වුවහොත්, national broadband පද්ධතියට තඹ රැහැන් මගින් සම්බන්ධවී ඇති නිවාස වලට ෆයිබර් රැහැන් ඔස්සේ සම්බන්ධවීමට ඉතා පහසුවෙන් හැකියාව ලැබෙන බව වාර්තා වෙයි.

Bill Shorten
Opposition Leader Bill Shorten Source: AAP

2 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

වත්මන් සභාග රජයේ  අඩුපාඩු සහිත NBN සැලැස්ම වෙනුවට කම්කරු පක්ෂයේ නියම NBN සැලැස්ම වන නිවසටම ෆයිබර් (fibre-to-the-premises) සැලැස්ම විපක්ෂ නායක බිල් ශෝර්ටන් විසින් හෙළිදරවු කර තිබේ.

මෙම සැලැස්ම සඳහා සභාග රජය ඇස්තමේන්තු කළ මුදලම වන ඩොලර් බිලියන 57ක් වැයවන බව පැවසෙන නමුත් මෙමගින් අමතර නිවාස සහ ව්‍යාපාරික ස්ථාන මිලියන දෙකකට සේවා සැපයීමට අපේක්ෂා කරයි.

විපක්ෂයේ සන්නිවේදන කටයුතු  පිළිබඳ ප්‍රකාශක ජේසන් ක්ලෙයාර් ABC  මාධය ජාලයට පවසා සිටියේ  කම්කරු පක්ෂයේ NBN සැලැස්ම යටතේ දැනට පවතින පරිභෝජන ධාරිතාව දෙගුණයක් වන බවයි.

මේ අනුව කම්කරු රජයක් පත්වුවහොත්, national broadband පද්ධතියට තඹ රැහැන් මගින් සම්බන්ධවී ඇති නිවාස වලට ෆයිබර් රැහැන් ඔස්සේ සම්බන්ධවීමට ඉතා පහසුවෙන් හැකියාව ලැබෙන බව වාර්තා වෙයි.

තම පක්ෂයට බලය ලැබුනහොත්  මෙතෙක් පවතින fibre-to-the-node හෙවත් සන්නිවේදන මංසල වෙත පමණක් ලඟා වූ ෆයිබර්  රැහැන  නිවසටම සැපයීමට අදාළ පරීක්ෂණ සිදු කිරීමට යටිතල පහසුකම් පිළිබඳ ඔස්ට්‍රේලියානු ආයතනයට සම්පූර්ණ බලය පවරන බව කම්කරු පක්ෂය වැඩිදුරටත්  පවසයි

බිලියන 29.5ක්ව පැවැති NBN වියදම බිලියන 56 දක්වා වත්මන් රජය ඉහළ  දමා ඇති බව විපක්ෂ නායක බිල් ශෝර්ටන් පෙන්වා දෙයි.

ඒ අනුව NBN  සැලැස්ම උදෙසා එක්  නිවසක් සඳහා ඇස්තමේන්තු කර තිබූ ඩොලර් 600 වත්මන් රජය යටතේ ඩොලර් 1600ක් බවට පත්ව ඇතැයි ශෝර්ටන් මහතා වැඩි දුරටත් පෙන්වා දෙයි.

විපක්ෂයේ සන්නිවේදන කටයුතු  පිළිබඳ ප්‍රකාශක ජේසන් ක්ලෙයාර් සඳහන් කළේ  සෑම රාත්‍රියකදීම වයි ෆයි පහසුකම් ලබා ගැනීම පිණිස තම දරුවන්ව මැක්ඩොනල්ඩ්ස් අවන්හල වෙත රැගෙන යන බව වික්ටෝරියානු ප්‍රාන්තයේ එක් පවුලක් තමා සමග පැවසූ බවයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now