SKIP TO MAIN CONTENT

“..ඔස්ට්‍රේලියානු මහා මැතිවරණය 2016..” – අවසාන ඡන්ද ප්‍රතිපලයත් සමග ටර්න්බුල්ට පහළ මන්ත්‍රණ සභාවේ ආසන 77ක් හිමිවන ලකුණු

බදාදා දිනයේදී (13/07) දකුණු ඔස්ට්‍රේලියාවේ “Hindmarsh” මැතිවරණ බල ප්‍රදේශයේ ජයග්‍රහණය කම්කරු පක්ෂය හිමි කරගත්ම ප්‍රතිපල නොවිසඳුණු අවසන් ආසනය වූයේ ක්වීන්ස්ලන්තයේ “Herbert” මැතිවරණ බල ප්‍රදේශයයි. නමුත් බොහෝ දෙනාගේ මතය වන්නේ එය ජය ගැනීමට ලිබරල් සන්ධානයේ Ewen Jones හට වැඩි අවස්ථාවක් ඇති බවය. එය එසේ වුවහොත් ලිබරල් සන්ධානයට පහළ මන්ත්‍රණ සභාවේ ආසන 77ක් හිමි කරගැනීමට හැකියාව ලැබෙනු ඇත. ඒ අනුව ලිබරල් සන්ධානයේ වික්ටෝරියානු පාර්ලිමේන්තු මන්ත්‍රී Tony Smith කථානායක ධුරයට පත් කළද සන්ධානයට පහළ මන්ත්‍රණ සභාවේ බහුතරය වන ආසන 76 සීමාව ද පවත්වා ගැනීමට හැකි වනු ඇත.

Australian Prime Minister Malcolm Turnbull
Australian Prime Minister Malcolm Turnbull during a press conference at Commonwealth Parliamentary Offices, in Sydney, Australia, Sunday July 10, 2016. Source: AAP

2 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News

Skip to article content

ඔස්ට්‍රේලියානු මහා මැතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු මේ වනවිටත් සිදුවෙමින් පවතින අතර ලිබරල් සන්ධානයට පහළ මන්ත්‍රණ සභාවේ ආසන 77ක් හිමි කරගැනීමට අවස්ථාවක් පවතින බවට දැනට ලැබී ඇති වාර්තා පවසයි. මේ අතර නැවත පත්වන ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා වන මැල්කම් ටර්න්බුල් හට දේශීය මෙන්ම ජාත්‍යන්තර අභියෝග රැසකටද මුහුණ පෑමට සිදුවනු ඇති බවද වාර්තා වෙයි.

බදාදා දිනයේදී (13/07) දකුණු ඔස්ට්‍රේලියාවේ “Hindmarsh” මැතිවරණ බල ප්‍රදේශයේ ජයග්‍රහණය කම්කරු පක්ෂය හිමි කරගත්ම ප්‍රතිපල නොවිසඳුණු අවසන් ආසනය වූයේ ක්වීන්ස්ලන්තයේ “Herbert”  මැතිවරණ බල ප්‍රදේශයයි. නමුත් බොහෝ දෙනාගේ මතය වන්නේ එය ජය ගැනීමට ලිබරල් සන්ධානයේ Ewen Jones හට වැඩි අවස්ථාවක් ඇති බවය. එය එසේ වුවහොත් ලිබරල් සන්ධානයට පහළ මන්ත්‍රණ සභාවේ ආසන 77ක් හිමි කරගැනීමට හැකියාව ලැබෙනු ඇත. ඒ අනුව ලිබරල් සන්ධානයේ වික්ටෝරියානු පාර්ලිමේන්තු මන්ත්‍රී Tony Smith කථානායක ධුරයට පත් කළද සන්ධානයට පහළ මන්ත්‍රණ සභාවේ බහුතරය වන ආසන 76 සීමාව ද පවත්වා ගැනීමට හැකි වනු ඇත.

අගමැති ටර්න්බුල් සහ ලිබරල් පක්ෂ නියෝජ්‍ය නායිකා Julie Bishop බදාදා දිනයේදී (13/07) Nationals පක්ෂයේ නායක Barnaby Joyce සහ එම පක්ෂයේ නියෝජ්‍ය නායිකා Fiona Nash කැන්බරා නුවරදී මුණ ගැසී තිබේ. මෙහිදී නව සන්ධාන රජයේ පක්ෂ දෙක අතර ඇති ගිවිසුම පිළිබඳ සාකච්ඡා වූ බව වාර්තා වෙයි. මේ පිළිබඳ ඇඩිලෙයිඩ් නුවර සිට අදහස් දැක්වූ කම්කරු පක්ෂ නායක බිල් ශෝටන් පවසා සිටියේ එය පක්ෂ දෙක අතර පුද්ගලික ගනුදෙනුවක් නොව එය ජාතික ගනුදෙනුවක් හේතුවෙන් ගිවිසුමේ කරුණු රටට හෙළි කළ යුතු බවයි.  

මේ අතර සන්ධානය මැතිවරණයට පෙර ප්‍රකාශ කළ ප්‍රතිපත්ති එලෙසම ඉදිරියට ගෙනයන බවත්  මෙම ගිවිසුම් පිළිබඳ අනවශ්‍ය බියක් ඇති නොකර ගත යුතු බවත් අගමැති ටර්න්බුල් පැවසුවේය. කෙසේවෙතත් මෙම ගිවිසුම පිළිබඳ දැනට කිසිඳු තොරතුරක් තමා හෙළි නොකරන බවද ඔහු ප්‍රකාශ කළේය.

මීට අමතරව ලබන සඳුදා දිනයේදී පැවැත්වීමට නියමිත සන්ධාන දේශපාලන බල මණ්ඩල රැස්වීමේදී අගමැති ටර්න්බුල් හට දේශීය ගැටළු කිහිපයකට මුහුණ දීමට සිදුවන බවද වාර්තා වෙයි. ලිබරල් සන්ධානයේ Superannuation ප්‍රතිපත්තිය ඉන් එකකි. ටර්න්බුල් කියා සිටියේ මැයි මාසයේ අය වැයට අනුව Superannuation නීති මාලාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවය.

ඊට අමතරව අගමැතිවරයා හට ජාත්‍යන්තර ගැටලු කිහිපයකටද මුහුණ දීමට සිදුව තිබේ. බ්‍රිතාන්‍ය, යුරෝපා සංගමයෙන් ඉවත්වීම පිළිබඳ ගැටලුව සහ දකුණු චීන මුහුද පිළබඳ අර්බුදය ඉන් ප්‍රධාන තැනක් ගනී.

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now