“..ඔස්ට්‍රේලියානු මහා මැතිවරණය 2016..” - දැන් වැඩ කිරීමට කාලයයි: මැතිවරණ ජයග්‍රහණය නිවේදනය කරමින් අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් කියයි.

බහුතර බලයක් නොමැති සෙනට් සභාවක් සමග ජාත්‍යන්තර ආර්ථික විශ්ලේෂණ ආයතන ඔස්ට්‍රේලියාවේ ආර්ථික දර්ශක පහළ දැමීමට බලා සිටින මොහොතක මැයි මාසයේ සම්මත වූ අය වැයත් සමග රට ඉදිරියට ගෙන යාම මහත් භාර ධූර කාර්යයක් වී තිබේ.

Prime Minister Malcolm Turnbull after claiming victory

Australian Prime Minister Malcolm Turnbull speaks at the government offices in Sydney, Sunday, July 10, 2016. Source: AAP

පසුගිය ජූලි 02 වන දින පැවැත්වූ ඔස්ට්‍රේලියානු මහා මැතිවරණයේ ජයග්‍රහණයට හිම්කම් කීමට අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් හට අවසානයේදී අවස්ථාව ලැබී තිබේ. නමුත් ඔහුගේ අභියෝගාත්මක කාලය ඒ සමග උදාවී ඇති බවද බොහෝ දෙනාගේ මතය වී තිබේ.

බහුතර බලයක් නොමැති සෙනට් සභාවක් සමග ජාත්‍යන්තර ආර්ථික විශ්ලේෂණ ආයතන ඔස්ට්‍රේලියාවේ ආර්ථික දර්ශක පහළ දැමීමට බලා සිටින මොහොතක මැයි මාසයේ සම්මත වූ අය වැයත් සමග රට ඉදිරියට ගෙන යාම මහත් භාර ධූර කාර්යයක් වී තිබේ.

මෙම පාර්ලිමේන්තුව ඉදිරියට ගෙන යාම අත්‍යවශ්‍ය කටයුත්තක් බව අගමැති මැල්කම් ටර්න්බුල් ඉරිදා (10/07) දිනයේදී සිඩ්නි නුවරදී ප්‍රකාශ කර තිබේ. මේ අතර විපක්ෂ නායක බිල් ශෝර්ටන් තම පක්ෂයට ලැබී ඇති ආසන ප්‍රමාණය අනුව රජයක් පිහිටුවීමට නොහැකි බව පිළිගෙන තිබේ.

තම පක්ෂයට එකඟ වීමට හැකි කාරණා සම්බන්ධයෙන් ලිබරල් සන්ධානය සමග එකට වැඩ කිරීමට අපේක්ෂා කරන නමුත් තම පක්ෂයේ ප්‍රධාන අරමුණු වෙනස් නොකරන බවද ඔහු ප්‍රකාශ කළේය.

“අපි Medicare පිළබඳ අපේ ප්‍රතිපත්ති වෙනස් කරන්නේ නැහැ. මීට අමතරව පාසැල් සඳහා නියමාකාරයෙන් ප්‍රතිපාදන සැපයිය යුතුයි. ඔස්ට්‍රේලියාවේ රැකියා උත්පාදනය පිළිබඳ අනිවාර්ය අවධානය යොමු විය යුතුයි.” යනුවෙන් විපක්ෂ නායකවරයා වැඩි දුරටත් අදහස් පළ කළේය.

මේ අතර මැයි මාසයේ එළි දැක්වූ අය වැයට අනුකූලව පාර්ලිමේන්තුවේ ක්‍රියා කිරීමට තම රජය අපේක්ෂා කරනව බව ලිබරල් සන්ධානයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රී ආතර් සිනොඩිනොස් පවසා තිබේ. ව්‍යාපාර සඳහා බදු සහන සැලසීම, superannuation බදු සහනය වෙනස් කිරීම ආදියද මෙම අය වැය තුළ අඩංගු වී තිබේ.

ඇතැම් සාම්ප්‍රදායික ලිබරල් ඡන්ද දායකයින්ගේ ඡන්ද, තම අය වැයේ මෙම ප්‍රතිපත්ති නිසා මෙවර අහිමිව ගිය බවද ඔහු පැවසුවේය.

මේ අතර ඉදරි වසර තුන ඇතුළත සන්ධාන රජය Medicare පුද්ගලීකරණය කරනවාද නැද්ද යන්න පිළිබඳ ජනතාවට දැක බලාගැනීමට අවස්ථාව උදාවී ඇති බව නියෝජ්‍ය අගමැති බාර්නබී ජොයිස් Sky News වෙත ප්‍රකාශ කර තිබේ.

ඔස්ට්‍රේලියානු ජනතාවට ඔවුන් කැමති දේවල් ලබා දීමට රජයට මුදල් තිබිය යුතුයි යන්නද ඔහු එහිදී  සිහිපත් කර ඇත.


2 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now