SKIP TO MAIN CONTENT

“..ඔස්ට්‍රේලියානු මහා මැතිවරණය 2016..” - ටර්න්බුල් රජය Medicare සමග මිතුරු වෙන ලකුණු

ඉදිරි වසර තුන ඇතුළත Medicare හි හොඳම මිතුරා සන්ධාන රජය බව ජනතාවට තම රජය පසක් කරන බව කැබිනට් ලේකම් ආතර් සිනොඩිනොස් ABC රූපවාහිනියට ප්‍රකාශ කර තිබේ.

Medicare healthcare cards
Medicare healthcare cards Source: AAP

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

ලිබරල් සන්ධාන රජය Medicare කෙරෙහි තම කැපවීම ජනතාවට ඔප්පු කිරීමට සැරසෙන අතර එනමුත් ඒ සඳහා අවශ්‍ය අමතර මුදල් ප්‍රතිපාදන වෙනයම් අංශයකින් කප්පාදු කර ලබාගැනීමට අදහස් කරන බව වාර්තා වෙයි.

ඉදිරි වසර තුන ඇතුළත Medicare හි හොඳම මිතුරා සන්ධාන රජය බව ජනතාවට තම රජය පසක් කරන බව කැබිනට් ලේකම් ආතර් සිනොඩිනොස් ABC රූපවාහිනියට ප්‍රකාශ කර තිබේ.

මහා මැතිවරණයේදී කම්කරුපක්ෂය ගෙන ගිය චෝදනාත්මක Medicare ප්‍රවර්ධන ව්‍යාපාරය නිසා Medicare පිළිබඳ තම රජයේ ප්‍රතිපත්ති නැවත අලුත් වූ බවද එම නිසා කම්කරු පක්ෂයට තමන් ස්තුතිවන්ත වන බවද ඔහු පැවසුවේය.

නමුත් කැබිනට් මණ්ඩලයේදී Medicare පිළිබඳ කුමණ තීරණ ගනු ලැබුවද එම තීරණ අය වැය සමග ගැලපිය යුතු බවද ඔහු වැඩි දුරටත් පැවසුවේය.

“වෙන විදියකට කියනවානම් අපි Medicare සම්බන්ධයෙන් ප්‍රතිලාභ වැඩි කරනාවනම් සම්මත වූ අය වැය නොඉක්මවා ඒ සඳහා මුදල් ප්‍රතිපාදන සෙවිය යුතුයි.” යනුවෙන් ඔහු විසින් පැහැදිලි කිරීමක්ද කරනු ලැබීය.

මේ අතර ඉදරි වසර තුන ඇතුළත සන්ධාන රජය Medicare පුද්ගලීකරණය කරනවාද නැද්ද යන්න පිළිබඳ ජනතාවට දැක බලාගැනීමට අවස්ථාව උදාවී ඇති බව නියෝජ්‍ය අගමැති බාර්නබී ජොයිස් ප්‍රකාශ කර තිබේ. Sky News වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ එසේ කිරීමට හැකියාව ඇත්තේ ශක්තිමත් ආර්ථිකයක් මත පමණක් බවය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now