SKIP TO MAIN CONTENT

“..ඔස්ට්‍රේලියානු මහා මැතිවරණය 2016..” - නීති විරෝධී සංක්‍රමණිකයන් මෙහෙයවන මිනිස් ජාවාරම් කරුවන් පෙරට වඩා දැන් කලහකාරියි : අගමැති ටර්න්බුල්

"ඔවුන්ට දැන් ඔස්ට්‍රේලියාවේ ඒජන්තවරු සිටිනවා. ඔවුන්ට තාක්ෂණය තියෙනවා Smartphones වලට සහ සමාජ ජාල වෙත ඇතුල් වන්නට. මේවා ජෝන් හොවාඩ් ගේ කාලේ තිබුනේ නැහැ. ඔවුන් දැන් දක්ෂ අලෙවි කරුවන් බවට පත්වෙලා." අගමැති ටර්න්බුල් වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

Malcolm Turnbull
Australian Prime minister Malcolm Turnbull Source: AAP

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

අගමැති මැල්කම් ටර්න්බුල්ගේ ඊයේ පැවැති වික්ටෝරියානු ප්‍රාන්ත මැතිවරණ ප්‍රවර්ධන කටයුත්තේදී දේශ සීමා ආරක්ෂණය පිළිබඳ ඔහුගේ මතය ප්‍රකාශ  කරන්නට සිදු විය. එයට මූලික හේතුව වූයේ මේ මස මුලදී 21 දෙනෙකුගෙන් සමන්විත වියට්නාමයේ සිට පැමිණි බෝට්ටුවක් නැවත හරවා යැවීමේ  සිදුවීමය.

නීති විරෝධී සංක්‍රමණිකයන් පිළිබඳ භයානක ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවට අගමැති ටර්න්බුල් හට චෝදනා එල්ල වෙමින් පවතියි.

එම අවස්ථාවේදී අගමැතිවරයා කියා සිටියේ නීති විරෝධී සංක්‍රමණිකයන් මෙහෙයවන මිනිස් ජාවාරම් කරුවන් පෙරට වඩා දැන් කලහකාරි ලෙස හැසිරෙන බවයි.

"ඔවුන්ට දැන් ඔස්ට්‍රේලියාවේ ඒජන්තවරු සිටිනවා. ඔවුන්ට තාක්ෂණය තියෙනවා Smartphones වලට සහ සමාජ ජාල වෙත ඇතුල් වන්නට. මේවා ජෝන් හොවාඩ් ගේ කාලේ තිබුනේ නැහැ. ඔවුන් දැන් දක්ෂ අලෙවි කරුවන් බවට පත්වෙලා." අගමැති ටර්න්බුල් වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

මෙම  මිනිස් ජාවාරම් කරුවන් මේ වන විට ලෝකයේ  කෲරතම අපරාධකරුවන් බවට පත්වී ඇති බවද අගමැතිවරයා ප්‍රකාශ කළේය.

මෙම  මිනිස් ජාවාරම් කරුවන් ඉදිරි මැතිවරණයේදී වෙනසක් බලාපොරොත්තු වන බවද එලෙස කම්කරු පක්ෂ රජයක් පත්වුවහොත් ඉදිරියේදී ඔස්ට්‍රේලියාවට වැඩිපුර නීති විරෝධී බෝට්ටු පැමිණීම මෙන්ම  මිනිස් ජාවාරම් කරුවන්ගේ ඉහළ යාමක්ද  අනිවාර්යෙන් දැකිය හැකි බව අගමැති ටර්න්බුල් වැඩි දුරටත් පැවසුවේය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now