SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ආගමන කටයුතු පිළිබඳ ඇමතිත් සිංහල සහ දමිළ අලුත් අවුරුද්දට සුබ පතයි

Immigration Minister Alex Hawke speaks during Question Time at Parliament House.
Immigration Minister Alex Hawke speaks during Question Time at Parliament House. Source: AAP

1 min read

Published


Skip to article content

2021 සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ඔස්ට්‍රේලියාවේ වෙසෙන සිංහල සහ දමිළ වැසියන්ට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය Alex Hawke මහතා සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කර තිබේ.

කොරෝනා වසංගතය පුරාවටම අවශ්‍යතා ඇති අයට සහය දැක්වීමේදී ඔස්ට්‍රේලියාවේ වෙසෙන සිංහල හා දමිළ ප්‍රජාවන් ඔස්ට්‍රේලියාවට සැලකිය යුතු දායකත්වයක් ලබා දී ඇති බවද ඔහු එහිදී සඳහන් කර ඇත.

කොරෝනා වසංගතයෙන් පසුව ඔස්ට්‍රේලියාවේ එදිනෙදා ජීවිතය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වීමත් සමඟම, ඔබගේ පවුල් හා ප්‍රජාව සමඟ නැවත වරක් මෙවැනි උත්සව සැමරීමට බලාපොරොත්තු වීම ගැන සතුටු වන බවද ආගමන කටයුතු පිළිබඳ අමාත්‍යවරයා තම පණිවිඩයේ සඳහන් කර තිබේ.

ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය Alex Hawke මහතා මෙවර සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් නිකුත් කළ සුබ පැතුම් පණිවිඩය පහත වේ.

Australian Immigration Minister wishes Sinhala and Tamil New Year
Source: Immigration Minister Media

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now