ඔස්ට්‍රේලියාවේ Samsung දුරකතනවල ඡායාරූප, දුරකතන අංක ඇතුළු දත්ත අහිමි වීමේ අවදානමක්, වැඩි විස්තර මෙන්න

Samsung දුරකථන නිෂ්පාදන සමාගමේ නවතම යාවත්කාලීනය (Samsung One UI 5.0 OS) සුදුසුකම් ලත් Android 13 වර්ගයේ Samsung දුරකථන වෙත download කර install කිරීමේදී දුරකතනය අක්‍රිය වීමකට ලක්වන බව වාර්තා වේ

Getty Images

Australian Samsung users may be at risk of losing precious photos, contacts and other local data Source: Getty / Getty Images

මෑතකදී හටගත් මෘදුකාංග යාවත්කාලීන ගැටළුවක් හේතුවෙන් Samsung ජංගම දුරකතනවලට බරපතල අකරතැබ්බයකට මුහුණ දීමට සිදුව ඇතැයි වාර්තා වේ.

මේ ඔස්ට්‍රේලියාවේ Samsung ජංගම දුරකතන භාවිතා කරන්නන් තම දුරකතනයේ ඇති වටිනා ඡායාරූප, දුරකතන අංක සහ අනෙකුත් දත්ත අහිමි වීමේ අවදානමකට ලක් විය හැක.

Samsung දුරකථන නිෂ්පාදන සමාගමේ නවතම යාවත්කාලීනය (Samsung One UI 5.0 OS) සුදුසුකම් ලත් Android 13 වර්ගයේ Samsung දුරකථන වෙත download කර install කිරීමේදී දුරකතනය අක්‍රිය වීමකට ලක්වන බව වාර්තා වේ

Samsung සමගම මේ වන විටත් මෙම ගැටලුව ගැන දැනුවත් බවද සඳහන් කරයි.

ඔස්ට්‍රේලියාවේ විවිධ ප්‍රදේශවලින් මේ පිළිබඳ පැමිණිලි ලැබුණද මෙම ගැටළුව බලපාන්නේ දකුණු ඕස්ට්‍රේලියානු පරිශීලකයින්ට පමණක් බව Samsung සමගම පැවසු බව ඔස්ට්‍රේලියානු පරිගණක සංගමය පවසයි.

මෙම කාරණය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනය කරන බැවින් තවමත් මෙයට විසඳුමක් නොමැති බව Samsung සමගම දන්වා ඇතැයිද ඔස්ට්‍රේලියානු පරිගණක සංගමය වාර්තා කරයි.

ගැටලුව අත්විඳින Samsung පාරිභෝගිකයන් ඔවුන්ගේ දුරකථනය ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරන විට ප්‍රතිචාර නොදක්වන හිස් තිරයක් ලැබෙන බවට චෝදනා කරයි.

එසේ නොමැතිවිට, Samsung ලාංඡනය ඉක්මවා නොයන නිමක් නැති bootup loop එකක සිරවී සිටින බවටද චෝදනා ලැබේ.

මෙය යථා තත්ත්වයට පත් කරගැනීම සඳහා අදාළ අංශ වෙත ළඟා වූ පාරිභෝගිකයින්ට ඔවුන්ගේ එකම විකල්පය full factory reset කිරීම බව පවසා ඇත.

Samsung විසින් අලුත්වැඩියා ගාස්තු සඳහා මුදල් ආපසු ලබා දෙයි

මෙම දෝෂයට අදාළ කිසිදු අලුත්වැඩියාවක් සඳහා Samsung පාරිභෝගිකයින් ගාස්තුවක් වැය නොකළ යුතු බවත් එලෙස මුදල් ගෙවා ඇත්නම් ඒවා නැවත ලබා ගැනීමට හැකි ස්ථාන දැනුම් දෙන බවත් Samsung සමාගම පවසා ඇත.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

———————————————————————————

"Samsung Express වගකීම් කාලය කුමක් වුවත්, තම උපාංගය Samsung බලයලත් සේවා මධ්‍යස්ථානයකට ගෙන ගොස් මෙම ගැටලුවට ගොදුරු වී ඇති බව තහවුරු කරන පාරිභෝගිකයින්ගෙන් මෙම ගැටලුවට අදාළ කිසිදු අලුත්වැඩියාවක් සඳහා මුදල් අය නොකෙරේ," Samsung ප්‍රකාශකයෙක් පැවසීය.

එමෙන්ම අදාළ අලුත්වැඩියාවන් සඳහා Samsung බලයලත් සේවා මධ්‍යස්ථානයකින් මීට පෙර පාරිභෝගිකයෙකුගෙන් අය කර ඇත්නම්, එම මුදල් ආපසු ගෙවනු ලබන බවත් Samsung සමාගම දන්වා සිටී.

මේ අතර ඔස්ට්‍රේලියානු පාරිභෝගික නීතිය යටතේ, පාරිභෝගිකයින් යම් ව්‍යාපාරයකින් දෝෂ සහිත නිෂ්පාදනයක් මිල දී ගෙන තිබේ නම්, ඒවා අලුත්වැඩියා කිරීමට, ප්‍රතිස්ථාපනය කිරීමට හෝ ආපසු මුදල් ගැනීමට හිමිකම් ඇති බව ඔස්ට්‍රේලියානු පාරිභෝගික කොමිසම පවසයි.

වඩාත්ම අවදානම් සහිත Samsung උපාංග මොනවාද?

මෙම ගැටළුව දකුණු ඕස්ට්‍රේලියාවට පමණක් සීමා වී ඇති බව Samsung සමාගම ප්‍රකාශ කරයි.

නමුත් නිව් සවුත් වේල්ස්, වික්ටෝරියා සහ බටහිර ඔස්ට්‍රේලියාවෙන් ද මෙම ගැටලුව පිළිබඳ පැමිණිලි ලැබී තිබේ.

මෙම ගැටළුව Samsung හි Galaxy A මාදිලියට බලපාන බව පරිශීලකයන් වැඩි වශයෙන් වාර්තා කරයි.

කෙසේවෙතත්, Samsung මෙම ගැටලුව විසඳන බවට දැනුම්දීමක් නිකුත් කරන තෙක් Android 13 වෙත යාවත්කාලීන කිරීම ප්‍රමාද කිරීම සලකා බලන ලෙසත් ඔබේ Samsung දුරකතනයේ ඇති ඡායාරුප, වීඩියෝ සහ දුරකතන අංක ඇතුළු සියලු වැදගත් දත්ත backup කරගන්නා ලෙසත් උපදෙස් දෙයි.


Share

3 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now