වසංගතයෙන් පීඩා විඳින ශ්‍රමිකයින් හට ඔස්ට්‍රේලියානු හාම්පුතුන්ට උපකාර කළ හැකි ක්‍රම

ඔස්ට්‍රේලියාව 2021 සහ 2022 දී 'Great Resignation' හෙවත් 'මහා ඉල්ලා අස්වීම' මඟ හැරිය නමුත් ඔස්ට්‍රේලියානු ශ්‍රමිකයින් වෙහෙසට පත්ව සිටින අතර රැකියා සඳහා අඩු උනන්දුවක් ඇති බව 2023 ඔස්ට්‍රේලියාවේ අනාගත රැකියා වාර්තාවක් අනතුරු අඟවයි. වයස අවුරුදු 18-55 අතර සෑම ශ්‍රමිකයින් තිදෙනෙකුගෙන් එක් අයෙක් තම රැකියාවෙන් ඉවත් වීමට සලකා බලයි.

DAILY LIFE SYDNEY

Researchers from the University of Melbourne have released the 2023 State of the Future of Work Report, which focuses on how Australian workers are recovering from the COVID-19 pandemic. (file) Source: AAP / JANE DEMPSTER/AAPIMAGE

COVID-19 වසංගතය ඔස්ට්‍රේලියානු ශ්‍රමිකයින්ගේ සෞඛ්‍ය සහ යහපැවැත්ම කෙරෙහි සැලකිය යුතු සහ කල් පවතින බලපෑමක් ඇති කර ඇති බව මෙල්බර්න් විශ්ව විද්‍යාලයේ 2023 රැකියා අනාගතය පිළිබඳ වාර්තාවෙන් හෙළිවී තිබේ.

ඔස්ට්‍රේලියානු ප්‍රමුඛ වයසේ පසුවන ශ්‍රමිකයින් වෙහෙසට පත්ව සිටින බවත් ඔවුන්ගේ රාජකාරී පිළිබඳ ගැන අඩු උනන්දුවක් සහ රැකියාවෙන් පිටත වගකීම් නිසා රැකියාවට අවධානය යොමු කිරීමට නොහැකි වී ඇති බවත් එම 2023 රැකියා අනාගතය පිළිබඳ වාර්තාව සඳහන් කරයි.
මෙම වසංගතය තරුණ (අවුරුදු 18-34) සහ මැදි වයසේ (අවුරුදු 35-54) ශ්‍රමිකයින්ට වියපත් ශ්‍රමිකයින්ට (වයස අවුරුදු 55 සහ ඊට වැඩි) වඩා වැඩි බලපෑමක් ඇති කළේය.

සෑම වැඩිහිටි ශ්‍රමිකයින් පස් දෙනෙකුගෙන් එක් අයෙකුට සාපේක්ෂව ප්‍රමුඛ වයසේ පසුවන ශ්‍රමිකයින් තිදෙනෙකුගෙන් එක් අයෙකු තම රැකියාවෙන් ඉවත් වීමට සලකා බලමින් සිටින බව වාර්තාව අනාවරණය කළේය.

"ඔවුන්ට රැකියාව කෙරෙහි අවධානය යොමු කිරීමට හැකියාවක් නැත. ඔවුන් වෙහෙසට පත්ව සිටින අතර එය කාලානුරූපී වේ. දියුණුව සඳහා ඇති අවස්ථාවන් ඉතා අල්පය, ඔවුන්ගේ මානසික සෞඛ්‍යය දුක් විඳියි." වාර්තාවේ සම කර්තෘ මහාචාර්ය Leah Ruppanner පැවසුවාය.
"වෙනත් රටවලට සමානව 2021 සහ 2022 දී ඔස්ට්‍රේලියාව සේවකයින්ගේ විශාල ඉල්ලා අස්වීමක් අත්විඳ නැහැ. නමුත් මේ මොහොතේ ඔස්ට්‍රේලියානු ශ්‍රම බලකාය එතරම් යහපත් තත්ත්වයෙන් නොසිටින බව අපි නියත වශයෙන්ම අඟවනවා" යනුවෙන් මහාචාර්ය Ruppanner ප්‍රකාශ කළාය.

සේවකයින් මහන්සියට පත්වීම සහ රැකියාව එපා වීම අලුත් දෙයක් නොවන බව මහාචාර්ය Ruppanner පැවසුවාය.

විසඳුම

ප්‍රතිචාර දැක්වූවන් මෙම අධ්‍යයනයේ දී නම්‍යශීලී රාජකාරී කිරීමේ ක්‍රම ඔවුන්ගේ මානසික හා ශාරීරික සෞඛ්‍යයට ප්‍රයෝජනවත් යයි පැවසු බව මහාචාර්ය Ruppanner පැවසුවාය.

සේවකයින්ට ඔවුන් තම රැකියා කරන ස්ථානය, ඔවුන් රැකියා කරන ආකාරය සහ ඔවුන්ගේ රැකියා කරන විට සහ දේවල් අනුපිළිවෙල පිළිබඳව වැඩි පාලනයක් ලබා දීම ප්‍රයෝජනවත් සංකල්පයක් විය හැකි බවද ඇය පැවසුවාය.

නම්‍යශීලී සහ දුරස්ථ රැකියා සඳහා ශ්‍රමිකයින්ට ප්‍රවේශය නීතිගත කිරීම ප්‍රධාන සේවා ස්ථාන අයිතියක් ලෙස රජයන් සලකා බැලිය යුතු බව මෙම වාර්තාව නිර්දේශ කළේය.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Audio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————

සේවා යෝජකයන් ශ්‍රමිකයින්ට මානසිකව සුදුසුවන සේවා ස්ථානයක් නිර්මාණය කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතු බව ජීවිතය සහ ව්‍යාපාර පිළිබඳ පුහුණුකරු Christina Foxwell විශ්වාස කරයි.

මිනිසුන්ගේ අභියෝග තේරුම් ගන්නා සහ යහපැවැත්මේ යෙදෙන වැඩසටහන් සහ භාවිතයන් නිර්මාණය කිරීමට අභ්‍යන්තරව ක්‍රියා කරන සේවා ස්ථානයක් නිර්මාණය කිරීම ඉතාම වැදගත් බව ඇය සඳහන් කළාය.

මානසික සෞඛ්‍ය සේවාවන්ට ප්‍රමුඛත්වය දීමේ ක්‍රියාවලියේදී රජයන්ට කොටසක් ඉටු කළ හැකි බව වාර්තාවේ සඳහන් වේ. නිදසුනක් වශයෙන්, ඔවුන්ට වට්ටම් හෝ සහනාධාර සහිත වාර්ෂික මානසික සෞඛ්‍ය හමුවීම් සඳහා වන අවස්ථාවන් වැඩි කළ හැකිය.
මේ අතර රජයන් සහ සේවා ස්ථාන විශ්වීය වශයෙන් උසස් තත්ත්වයේ නොමිලේ childcare සහ ඉහළ වැටුප් සහිත මාපිය නිවාඩු ක්‍රියාත්මක කළ යුතු බවද වාර්තාව නිර්දේශ කර තිබේ.

රැකියා කරන caregivers හෙවත් රැකබලා ගන්නො වසංගතයට පෙර වඩා වෙහෙස මහන්සි වී වැඩ කළ අතර දැන් වෙහෙසට පත්ව සිටිති.

මෙම වාර්තාව රැකියාවේදී වෙනස්කම් කිරීම් ද ඉස්මතු කරයි.

සිය රැකියාවේදී තමන්ව අසාධාරණයට ලක්වන බවත් (55%) රැකියා ස්ථානයේ හිරිහැරවලට මුහුණ දෙන බවත් (40%) පිරිමි රැකබලා ගන්නන් පැමිණිලි කර ඇත.

"පිරිමින් රැකබලා ගන්නන් (31%) කාන්තා රැකබලා ගන්නන් (22%) ට වඩා රැකියාවෙන් ඉවත් කිරීමට වැඩි ඉඩක් ඇති බවද හෙළිවී තිබේ.
මේ අතර නිදන්ගත රෝග ඇති අයට සේවා ස්ථාන අනාරක්ෂිත බවද මෙම වාර්තාව පෙන්වා දුන්නේය.

long-COVID මතුවීම සහ රැකියා කරන වයසේ පුද්ගලයින් අතර නිදන්ගත රෝග පැතිරීම අඛණ්ඩව වැඩිවීම රජයන්, සේවා යෝජකයන් සහ ශ්‍රමිකයින් ඉතා බරපතල ලෙස අවධානය යොමු කළ යුත්ග්හු කරුණක් බව වාර්තාව සඳහන් කළේය.

නිදන්ගත රෝගාබාධවලින් පෙළෙන පුද්ගලයන්ගෙන් 40% කට වැඩි පිරිසකට තම රැකියාවෙන් ඉවත් වීමට අවශ්‍ය වේ.

නම්‍යශීලී රාජකාරීවලට ප්‍රවේශ වීමට සේවකයින්ට ආබාධයක් ඇති බව පෙන්විය යුතු සහ නම්‍යශීලී රාජකාරී කිරීමට ප්‍රවේශ වීමට පෙර මාස 12 ක සේවා අවශ්‍යතාවය සේවා ස්ථාන විසින් ඉවත් කළ යුතු බව ද වාර්තාව යෝජනා කළේය.

Share

Published

Updated

By Sahil Makkar
Source: SBS

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
වසංගතයෙන් පීඩා විඳින ශ්‍රමිකයින් හට ඔස්ට්‍රේලියානු හාම්පුතුන්ට උපකාර කළ හැකි ක්‍රම | SBS Sinhala