ඔස්ට්‍රේලියානු ප්‍රධාන භූමියේම බලය දැන් කම්කරු පක්ෂයට ලැබීම නිසා ඉදිරියේදී ඔස්ට්‍රේලියාවට විය හැකි දේවල් 5 ක්

මේ වන විට ඔස්ට්‍රේලියානු ප්‍රධාන භූමියේ සියලු ප්‍රාන්ත හා ටෙරිටරි රජයන් කම්කරු පක්ෂය විසින් මෙහෙයවයි.

Labor supporters celebrate as Chris Minns and NSW Labor win the NSW election.

Labor won the election and will form a majority government after Premier Dominic Perrottet conceded defeat. Source: AAP / Dean Lewins

පසුගිය සෙනසුරාදා (මාර්තු 25) පැවති නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත මැතිවරණයෙන් ඔස්ට්‍රේලියාවේ බලය හොබවමින් සිටින කම්කරු පක්ෂය විශිෂ්ට ජයක් අත්කරගත්තේය.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ බලය කම්කරු පක්ෂයට හිමිවුයේ වසර 12 කට පසුවය.

ඒ අනුව මේ වන විට ඔස්ට්‍රේලියානු ප්‍රධාන භූමියේ සියලු ප්‍රාන්ත හා ටෙරිටරි රජයන් කම්කරු පක්ෂය විසින් මෙහෙයවයි.

මෙය ඔස්ට්‍රේලියාවට කෙසේ බලපායිද?

01. ඇතැම් ප්‍රතිපත්ති වේගයෙන් ක්‍රියාත්මක විය හැකිය

ඇතැම් ප්‍රතිපත්ති ඉක්මනින් ක්‍රියාත්මක වන නිසා පක්ෂ දේශපාලන ක්‍රීඩාව ඔස්ට්‍රේලියාවේ අඩු වනු ඇති බව දේශපාලන ප්‍රවීණයෝ පවසති.

"ජාතික කැබිනට් මණ්ඩලයේ සහ ඉහළ මේසවල කම්කරු පක්ෂය නියෝජනය කිරීම වැඩිවී ඇති බැවින් නිසැකවම ඒකාබද්ධතාවය වැඩි කිරීමට සහ ඇතැම් විට විශාල ජාතික ගැටළු කෙරෙහි අවධානය යොමු කිරීමට උපකාරී වනු ඇති." යනුවෙන් ඔස්ට්‍රේලියානු ආයතනයේ ප්‍රගතිශීලී චින්තන කණ්ඩායමේ විධායක අධ්‍යක්ෂ Richard Denniss, SBS පුවත් සේවයට පැවසීය.

පාසල් සහ රෝහල් අරමුදල් ආශ්‍රිත වගකීම සම්බන්ධයෙන් ෆෙඩරල් සහ ප්‍රාන්ත ආන්ඩු අතර ඇතිවී ඇති මත ගැටුම් විසඳීමට හෝ මධ්‍යම රජය විසින් එකතු කරන බදු ආදායම ප්‍රාන්ත අතර බෙදී යන ආකාරය පිළිබඳව දැනගැනීමට ඔස්ට්‍රේලියානුවන්ට සැබෑ ආශාවක් ඇති බවද ඔහු පැවසීය.
"මේ දේවල් විසඳා ගැනීමට නොහැකි වීම ගැන එකිනෙකාට චෝදනා කිරීම දැන් සෑම කෙනෙකුටම අපහසු වනු ඇති. එනිසා එම ගැටළු විසඳා ගැනීමට දැන් සැබෑ අවස්ථාවක් ලැබී තිබෙන බව මම සිතනවා." යනුවෙන් Richard Denniss වැඩි දුරටත් පැහැදිලි කළේය.

මේ අතර ප්‍රාන්ත රජයන් සහ මධ්‍යම රජය අතර අඩු ගැටුම්, විශේෂයෙන් දේශගුණය වටා වඩාත් ප්‍රගතිශීලී ප්‍රතිපත්ති ක්‍රියාවට නන්වීම් දැකිය හැකිවනු ඇතැයි හිටපු ඔස්ට්‍රේලියානු කම්කරු පක්ෂයේ මූලෝපායිකයෙකු වන සහ වර්තමානයේ ද්විපාර්ශ්වික Redbridge Group හි උපාය මාර්ග සහ ප්‍රචාරණ අධ්‍යක්ෂ Kosmos Samaras ප්‍රකාශ කළේය.

02. දේශපාලන අවදානම් ද ඇති කළ හැකිය

ඔස්ට්‍රේලියානු ප්‍රධාන භූමියේ ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට කම්කරු පක්ෂයේ ප්‍රාන්ත අගමැතිවරයකු සිටීම ප්‍රතිපත්තිමය ප්‍රතිලාභ ඇති කරන නමුත් දේශපාලන අවදානම් ද ඇති කළ හැකි බව ප්‍රගතිශීලී චින්තන කණ්ඩායමේ විධායක අධ්‍යක්ෂ Richard Denniss අනතුරු ඇඟවීය.

දේශගුණික විපර්යාස සමබන්ධයෙන් ක්‍රියාමාර්ග නොගැනීම සම්බන්ධයෙන් ලිබරල්වාදීන්ට දොස් පැවරීම කම්කරු පක්ෂයට දැන් අපහසු වනු ඇතැයි ඔහු පැවසීය.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Audio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

———————————————————————————

"ප්‍රාන්ත සහ ෆෙඩරල් කම්කරු ආන්ඩුවලට දේශගුණ විපර්යාසය සම්බන්ධයෙන් තවත් බොහෝ දේ කිරීමට විශාල අවස්ථාවක් ඇති අතර, පතල් කර්මාන්තය ඇති ප්‍රාන්තවල සහ කැන්බරාහි කම්කරු පක්ෂ ප්‍රධානීන් බොහෝ ප්‍රමාණයක් සිටින අතර පොසිල ඉන්ධන නිෂ්පාදනය ප්‍රසාරණය නැවැත්වීමට වැඩි යමක් ඔවුන්ට කළ නොහැක්කේ මන්දැයි ඡන්දදායකයින්ට පැහැදිලි කිරීම කම්කරු පක්ෂ ප්‍රධානීන්ට ඉතා අපහසු වනු ඇති." යනුවෙන්ද Richard Denniss පැහැදිලි කළේය.

03. පක්‍ෂය තුළ ඇති මතභේද හානිදායක විය හැකිය

අගමැතිවරයා සහ ප්‍රාන්ත අගමැතිවරුන් ඇතැම් කරුණු සම්බන්ධයෙන් අනිවාර්යයෙන්ම එකඟ නොවන අතර පක්ෂය තුළ ඇති එම එකඟතාවට පත් නොවීම් පැහැදිලි කිරීමට අපහසු විය හැකිය.

වික්ටෝරියා, දකුණු ඔස්ට්‍රේලියා සහ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තවල කම්කරු පක්ෂයේ ප්‍රාන්ත අගමැතිවරු බලශක්තිය, සෞඛ්‍ය අරමුදල් සහ AUKUS ගිවිසුම සම්බන්ධයෙන් Albanese රජය සමග මෙන්ම එකිනෙකා සමඟ එකඟ නොවීම් මෑත සතිවලදී දක්නට ලැබුණි.
ප්‍රාන්ත අගමැතිවරයෙකු තම ප්‍රාන්තයට යහපත් යැයි සිතන දේ සහ අගමැතිවරයෙකු රටකට යහපත් යැයි සිතන දේ අතර නොවැළැක්විය හැකි වෙනස්කම් තිබෙන බව ප්‍රගතිශීලී චින්තන කණ්ඩායමේ විධායක අධ්‍යක්ෂ Richard Denniss පැවසීය.

එම එකඟ නොවීම්වල තරම වසන් කිරීමට පක්ෂ දේශපාලනයක් නොමැති අවස්ථාවක බොහෝ විට දැඩි සටනක නිරත විය යුතු බවද ඔහු ප්‍රකාශ කළේය.

නමුත් මෙහිදී ඕනෑවට වඩා ගැටුමක් දැකිය නොහැකි බව Redbridge Group හි උපාය මාර්ග සහ ප්‍රචාරණ අධ්‍යක්ෂ Kosmos Samaras ප්‍රකාශ කළේය.

"ආණ්ඩුවේ සිටින අය වැඩි කාලයක් නාස්ති නොකිරීමට උත්සාහ කරනු ඇති අතර හැකි තරම් වැඩ කිරීමට උත්සාහ කරනු ඇත." යනුවෙන් ඔහු සඳහන් කළේය.
LABOR ELECTION FUNCTION
Prime Minister Anthony Albanese introduces Labor leader and Premier elect Chris Minns. Source: AAP / AAP

04. නැවත තේරී පත්වීම දුෂ්කර විය හැකිය

2023 NSW මැතිවරණ ප්‍රතිඵලය 2025 දී අගමැති Anthony Albanese මත අමතර පීඩනයක් ඇති කළ හැකිය.

"ඡන්දදායකයින් ටිකක් පරෙස්සම් වීමට කැමතියි, බොහෝ ඡන්දදායකයින්ට එක් රජයක් හෝ එක් පක්ෂයක් අතට වැඩි බලයක් තැබීමට අවශ්‍ය නැහැ," ප්‍රගතිශීලී චින්තන කණ්ඩායමේ විධායක අධ්‍යක්ෂ Richard Denniss පැවසීය.

“එබැවින් එක් පක්ෂයක් රාජ්‍ය මට්ටමින් බලයේ සිටී, තර්කය වන්නේ ජාතික මට්ටමින් එම පක්ෂයට සහාය දැක්වීමට ඇතැමුන් ඇති ඉඩකඩ අඩු බවයි. එය 2025 දී ඇන්තනි ඇල්බනීස් හට අපහසු කරයිද යන්න දන්නේ නැහැ." යනුවෙන් ඔහු පැහැදිලි කළේය.
ඔස්ට්‍රේලියානු ප්‍රධාන භූමියේම බලය කම්කරු පක්ෂය අත්කරගැනීම කම්කරු පක්ෂ ප්‍රාන්ත අගමැතිවරුන්ට නැවත තේරී පත්වීම දුෂ්කර කළ හැකිය.

ඔස්ට්‍රේලියාවේ දේශපාලන අතීතයද එවැනි තත්ත්වයන්ට කදිම උදාහරණ සපයයි.

John Howard 1996 දී අගමැති ලෙස තේරී පත් වූ විට, NSW හැර සෑම ප්‍රාන්තයකම සහ ටෙරිටරියකම ලිබරල් ආන්ඩුවක් පැවති නමුත්, ඔහු බලයෙන් ඉවත් වන විට, සෑම ප්‍රාන්තයකම සහ ටෙරිටරියකම බලය කම්කරු පක්ෂයට හිමි විය.

2007 ෆෙඩරල් මැතිවරණයෙන් Kevin Rudd ජයග්‍රහණය කරන විට, ඔස්ට්‍රේලියානු ප්‍රධාන භූමියේ ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට කම්කරු ආණ්ඩු පැවති නමුත්, Rudd-Gilliard වසර තුළ කම්කරු ආණ්ඩු පහකට බලය අහිමි විය.

2024 දී ක්වීන්ස්ලන්තයේ ප්‍රාන්ත මැතිවරණය පැවැත්වීමට නියමිතව ඇති අතර, මෙම දේශපාලන බලය ඉක්මනින් ලිබරල්වාදීන් වෙත මාරු වීමට එතැන් සිට පටන් ගත හැකිය.

නමුත් මෙය රටේ සෙසු ප්‍රදේශවල ප්‍රතිනිර්මාණය වන රටාවක් නොවිය හැකි බව Redbridge Group හි උපාය මාර්ග සහ ප්‍රචාරණ අධ්‍යක්ෂ Kosmos Samaras ප්‍රකාශ කළේය.
Former Liberal prime minister John Howard waves to the crowd in a Sydney Hotel on March 2 1996, as he acknowledges his federal election victory.
When John Howard was elected prime minister in 1996, every state and territory except NSW had a Liberal government. Source: AAP / AAP

05. ඔස්ට්‍රේලියාව විවිධත්වයේ ඌනතාවයෙන් පීඩා විඳිය හැකිය

ප්‍රාන්ත හා ටෙරිටරිවල බලය හොබවන කම්කරු ආන්ඩු අතර ගිවිසුම් ඇති කර ගැනීම පහසු කළ හැකි නමුත්, තරඟකාරිත්වයේ හා විවාද කිරීමේ ඌනතාවය අහිතකර විය හැකි බව Kosmos Samaras සඳහන් කළේය.

"ප්‍රජාතන්ත්‍රවාදී ආතතිය සැමවිටම හොඳ දෙයකි. දේශපාලනයේදී පීඩනය යෙදෙන විට කම්කරු පක්ෂය සහ ලිබරල් පක්ෂය හොඳින් ක්‍රියා කිරීමට සෑම විටම සිය උපරිමය යොදනු ඇත." යනුවෙන්ද ඔහු පැවසීය.

නමුත් ඔස්ට්‍රේලියානුවන් තරමක් විවිධත්වයට කැමති නමුත් මිනිසුන්ට අවශ්‍ය දේ පිළිබඳ සැබෑ පරීක්ෂණය ඔවුන් ඡන්දය දෙන ආකාරය බව Richard Denniss පැවසීය.

Share

Published

Updated

By Caroline Riches, Madhura Seneviratne
Source: SBS

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
ඔස්ට්‍රේලියානු ප්‍රධාන භූමියේම බලය දැන් කම්කරු පක්ෂයට ලැබීම නිසා ඉදිරියේදී ඔස්ට්‍රේලියාවට විය හැකි දේවල් 5 ක් | SBS Sinhala