SKIP TO MAIN CONTENT

සමීප ඥාතියකු, මුස්ලිම් ජාතිකයකු සමග විවාහ වීම, වද වීමට කරුණක් : 60%ක ඔස්ට්‍රේලියානුවන් පවසයි. (SBS සිංහල / වාර්තා)

ඔස්ට්‍රේලියාවට මුස්ලිම් ජාතිකයන් තර්ජනයක් බවට 40.4%ක්ද ගුවන් තොටුපොළ වලදී හා දුම්රිය ස්ථාන වලදී අනෙක් පුද්ගලයන්ට වඩා මුස්ලිම් ජාතිකයන් තදින්ම පරීක්ෂා කළ යුතු බවට 36.5%ක්ද මෙහිදී පවසා තිබේ.

Australians concerned over Muslim marriage
Source: Flickr

2 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

තම සමීපතම ඥාතියකු මුස්ලිම් ජාතියේ අයකු සමග විවාහයක් සිදු කරගැනීම බොහෝ ඔස්ට්‍රේලියානුවන් සැලකිය යුතු අවධානයක් යොමු කරන කරුණක් බවට පත්ව ඇති බව නවතම සමීක්ෂණයකින් හෙළිවී තිබේ. Deakin විශ්ව විද්‍යාලය සිදු කළ මෙම සමීක්ෂණයට පුද්ගලයන් 304 දෙනෙකු පෙර දැනුම් දීමකින් තොරව සම්බන්ධ කරගෙන තිබෙන අතර ඉන් 60%ක ප්‍රතිශතයක් පමණ පවසා ඇත්තේ ඔවුන්ගේ සමීපතමයන් මුස්ලිම් ජාතියේ අයකු සමග විවාහයක් සිදු කරගැනීම බරපතල අවධානය යොමු වන කරුණක් බවයි.

එසේ සහභාගී කරගත් පිරිසේ ආගමික වටපිටාව නොවිමසූ බවද සමීක්ෂණයෙහි සම කර්තෘ ආචාර්ය Matteo Vergani පැවසීය. ලැබුණු ප්‍රතිචාර අතර ඔස්ට්‍රේලියානුවන් තම සමීපතමයන් මුස්ලිම් ජාතියේ අයකු සමග විවාහ වීම බරපතල කරුණක් ලෙස සැලකුවද අනෙක් ආගම් සම්බන්ධයෙන් සාමාන්‍ය මතයක් දරණ බව ඔහු පවසයි. ඒ අනුව යුදෙව් ජාතියේ අයකු සමග විවාහ වීම පිළිබඳ 33%ක්ද බෞද්ධයකු සමග විවාහ වීම පිළිබඳ 29.4%ක්ද ක්‍රිස්තියානි ආගමේ අයකු සමග විවාහ වීම පිළිබඳ 8.1%ක්ද අවධානය යොමු කරන බව හෙළිවී තිබේ.

මීට අමතරව ඔස්ට්‍රේලියාවට මුස්ලිම් ජාතිකයන් තර්ජනයක් බවට 40.4%ක්ද ගුවන් තොටුපොළ වලදී හා දුම්රිය ස්ථාන වලදී අනෙක් පුද්ගලයන්ට වඩා මුස්ලිම් ජාතිකයන් තදින්ම පරීක්ෂා කළ යුතු බවට 36.5%ක්ද මෙහිදී පවසා තිබේ.

මෙම ප්‍රතිපල වලට අනුව ඉස්ලාම් විරෝධී භාවයට පිළියම් ලෙස ඒ සම්බන්ධ අධ්‍යාපනයක් ඔස්ට්‍රේලියාවට අවශ්‍ය බව ආචාර්ය Vergani පැවසීය.

“ මේ සමාජයේ ගතානුගතික සහ ප්‍රගතිශීලී අදහස් ඇති පුද්ගලයන්, විවිධ වයස් ඛාණ්ඩ වලට අයත් පුද්ගලයන් හා විවිධ රටවල උපත ලැබූ පුද්ගලයන් සිටිනවා. ඉස්ලාම් ආගම සහ මුස්ලිම් ජාතිකයන් පිළිබඳ ඒ සමහරකගේ මුස්ලිම් විරෝධී දැනුම සහ මත සමාජයත් සමග සම්බන්ධ වී තිබෙනවා.” ඔහු පැවසීය.  

“ඔස්ට්‍රේලියාවට පැමිණෙන මුස්ලිම් සංක්‍රමණිකයන් තහනම් කළ යුතු යැයි 49%ක් ඔස්ට්‍රේලියානුවන් පවසා ඇති බව පසුගියදා පැවැත්වූ Essential සමීක්ෂණයේදී පවා හමු වුණා. මෙය ඇත්තටම අවධානය යොමු කළ යුතු තත්ත්වයක්. මෙයින් පෙනී යනවා ඉස්ලාම් විරෝධී බවෙන් මිදෙන්නට ඉස්ලාම් ආගම පිළිබඳ සමාජය දැනුවත් කළ යුතු බව.” ආචාර්ය Vergani වැඩි දුරටත් පැවසීය.

මෙම සමීක්ෂණ වලින් පෙනී යන්නේ මුස්ලිම් ජාතිකයන් ඔස්ට්‍රේලියානු සමාජයට නොගැලපෙන බවත් එම තත්ත්වය ශෝචනීය බවත් Alfred Deakin Institute ආයතනයේ පුරවැසිභාවය සහ ගෝලීයකරණය පිළිබඳ අධ්‍යක්ෂ, ඉස්ලාම් ආගමික ව්‍යාපෘතියේ ප්‍රධාන ගවේෂක මහාචාර්ය Fethi Mansouri පැවසීය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now