SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ මුස්ලිම් ගහනය පිළිබඳ ඔස්ට්‍රේලියානුවන් අධි තක්සේරුවක සිටින බව නවතම සමීක්ෂණයකින් හෙළිවේ. (SBS සිංහල/ වාර්තා)

Essential ආයතනය විසින් සිදු කළ මෙම සමීක්ෂණයෙන් හෙළි වූයේ ඔස්ට්‍රේලියාවේ ජනගහනයෙන් 3%ත් 5%ත් අතර ප්‍රමාණයක් මුස්ලිම් ජාතිකයන් බව බොහෝ දෙනා විශ්වාස කරන බවයි.

Australians overestimate the number of Muslims
Source: SBS

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: AAP, SBS News



Skip to article content

ඔස්ට්‍රේලියාවේ සිටින මුස්ලිම් ජාතිකයින් සංඛ්‍යාව පිළිබඳ ඔස්ට්‍රේලියානුවන් අධි තක්සේරුවක් සිදු කර ඇතැයි පෙනෙන්නට ඇති බව නවතම සමීක්ෂණයකින් පෙන්වා දෙයි.

Essential ආයතනය විසින් සිදු කළ මෙම සමීක්ෂණයෙන් හෙළි වූයේ ඔස්ට්‍රේලියාවේ ජනගහනයෙන් 3%ත් 5%ත් අතර ප්‍රමාණයක් මුස්ලිම් ජාතිකයන් බව බොහෝ දෙනා විශ්වාස කරන බවයි.

නමුත් 2011 වසරේ සංගණන දත්ත වලට අනුව සැබෑ අගය 2.2%කි.

ඊයේ (11/10) දිනයේදී නිකුත් වූ මෙම සමීක්ෂණයේ ප්‍රතිපල වලට අනුව 53%ක පිරිසක් මුස්ලිම් ගහනය පිළිබඳ වද වන අතර 42%ක පිරිසක් කිසිදු තැකීමක් නොකරන බව පෙනී ගොස් තිබේ.

එම කරුණ දේශපාලන පක්ෂ සමග බද්ධව ගත් කළ, මුස්ලිම් ගහනය පිළිබඳ වැඩි වශයෙන්ම වද වන්නේ ලිබරල්-ජාතික ඡන්ද දායකයින් බවද ග්‍රීන්ස් පක්ෂ ඡන්ද දායකයින් ඊට වඩා මදක් පහලින් සිටින බවද පෙනී ගොස් තිබේ.

නමුත් 2011 වසරේ සංගණන දත්ත වල ඇති නියම මුස්ලිම් ගහන ප්‍රතිශතය පිළිබඳ, සමීක්ෂණයට සහභාගිවූ පිරිසට පැවසු විට ඒ පිළිබඳ වද වෙන පිරිසෙහි යම් අඩු වීමක් දක්නට ලැබුණු බවද සඳහන්.

එසේ සැබෑ දත්ත අගයන් පෙන්වුවද, මුස්ලිම් ගහනය පිළිබඳ තවමත් වද වෙන ප්‍රතිශතය 47%ක් සිටින බවද සමීක්ෂණ දත්ත වාර්තා කරයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now