ඕස්ට්‍රේලියානු රජයේ නව ණය ක්‍රමය "දේශපාලන ප්‍රෝඩාවක්", විදේශයන්හි සිටින ඔස්ට්‍රේලියනුවන්ගෙන් දැඩි චෝදනා (SBS සිංහල/ වාර්තා)

Ruth Malik and her family is among thousands trying to return home

Ruth Malik with her husband and two kids. Source: Supplied

කොරෝනා වෛරසය හේතුවෙන් ඕස්ට්‍රේලියාවෙන් පිටත සිරව සිටින ඔස්ට්‍රේලියනුවන්ගේ හදිසි ජීවන වියදම් සඳහා සහ ගුවන් ගමන් උපකාර සඳහා ඕස්ට්‍රේලියානු මධ්‍යම රජය මගින් මෙම සතිය මුලදී ණය ක්‍රමයක් හඳුන්වා දුන් අතර එමගින් ඕස්ට්‍රේලියානු ඩොලර් 2,000ත් 5,000ත් අතර ණය මුදලක් ලබාගත හැකියි.

නමුත් මෙම නව ණය ක්‍රමයේ පවතින දැඩි නිර්නායකයන් හේතුවෙන් එය ලබාගැනීමට අපහසු බව පවසන ඕස්ට්‍රේලියාවෙන් පිටත සිටින ඕස්ට්‍රේලියානුවන් සහ ස්ථිර පදිංචිකරුවන් සඳහන් කරන්නේ මෙය හුදෙක්ම "දේශපාලන ප්‍රෝඩාවක්" සහ "කුරිරු විහිලුවක්" ලෙසයි.

එම ණය ක්‍රමයේ නිර්ණායකයන්ට අනුව, ණය ලබාගන්නා පුද්ගලයා පවුලේ අයගෙන් , මිතුරන්ගෙන්, බැංකුවකින් හෝ රක්ෂණ සමාගම්වලින් අරමුදල් ලබා ගත නොහැකි බවට සාක්ෂි සැපයීම සිදුකලයුතු අතර ණය ලබාගැනීම සඳහා සැබෑ අවශ්‍යතාවයක් පවතින බවට ඔප්පු කලයුතු වනවා.

එමෙන්ම මාස 6 ක කාලයක් ඇතුලත එම ණය මුදල ගෙවීමට අපොහොසත් වුවහොත් ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍රය අහෝසි කිරීමට රජයට හැකියාව පැවතීම විශේෂත්වයක්.

  

 SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා


සජීවීව සහ පසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download) 


 

ලන්ඩනයේ සිරව සිටින මනෝ වෛද්‍ය Sandi James මෙම ණය ක්‍රමය පිළිබඳව සිය අප්‍රසාදය පලකොට තිබේ. මෙම ක්‍රමය තුල තම විදේශ ගමන් බලපත්‍රයට දැඩි අවදානමක් පවතින අතර මස 6ක කාලයක් තුල ණය මුදල ගෙවීමට හැකි වේ දැයි විශ්වාසයෙන් කිව නොහැකි බව ඇය පවසයි.


James මහත්මිය මැලේසියාවේ නව රැකියාවක් සඳහා ඕස්ට්‍රේලියාවෙන් පිටත්ව ගියද මැලේසියාව සිය දේශසීමා වසාදැමීම නිසා ඇයට ලන්ඩනයට යාමට සිදුව තිබේ. ඇය නැවතත් ඔස්ට්‍රේලියාවට පැමිණීමට තැත් කල ගුවන් ගමන් වාර දෙකම අවලංගු වී තිබේ.

මේ හේතුවෙන් තමන් මහත් ආතතියට මෙන්ම පීඩනයට පත්ව ඇති අතර තමාට සහ තායිලන්තයේ රැකියාවක් නොමැතිව රැඳී සිටින තම සහකරුගේ වියදම් සඳහා මේ වනවිට රැකියාවක් පවතින බව James මහත්මිය පවසයි.

ඇය තමා පත්ව ඇති තත්වය පිළිබඳව බ්‍රිතාන්‍යයේ ඕස්ට්‍රේලියානු මහා කොමසාරිස් කාර්යාලයට දැනුම් දී ඇති අතර ඔවුන් දන්වා ඇත්තේ අහාර සඳහා බ්‍රිතාන්‍යයේ පුණ්‍යායතන සම්බන්ධ කරගන්නා ලෙසයි.
Ruth Malik with her children
Ruth Malik with her children Source: Supplied
මෙම නව ණය ක්‍රමය විදේශයන්හි වඩාත් අවධානමට ලක්ව සිටින ඕස්ට්‍රේලියානුවන් හට උපකාරයක් වන බව ඕස්ට්‍රේලියානු විදේශ කටයුතු සහ වෙළඳ දෙපාර්තමේන්තුව පවසා තිබේ.

මෙමගින් ඔස්ට්‍රේලියාවට නැවත පැමිණීමට උත්සාහ දරන ඕස්ට්‍රේලියානුවන් හට ගුවන් ටිකට්පත් සඳහා සහ ගුවන් යානයක් ලැබෙන තුරු සිටීමට ස්ථානයක් සඳහා ගෙවීමට අවශ්‍ය මුදල් හිමිවේ. මෙම ණය මුදල ලබාගැනීමට කරුණු රැසක් සපුරාලිය යුතු අතර ඔවුන් ගුවන් යානයක් හමු වූ විගස ඕස්ට්‍රේලියාවට නැවත පැමිණීමට අපේක්ෂා කරන පුද්ගලයින් විය යුතු බවද ඔවුන් පවසයි.

ඕස්ට්‍රේලියානු විදේශ කටයුතු සහ වෙළඳ දෙපාර්තමේන්තුව අවධාරණය කොට ඇත්තේ මේ වනතෙක් වානිජ්‍ය ගුවන් ගමන් සිදු නොවන අතර විදේශයන්හි සිටින ඕස්ට්‍රේලියානුවන් නැවත ගෙන්වා ගැනීම සඳහා ගුවන් සමාගම් සහ රජයන් සමග කටයතු කරන බවයි.
Psychologist Sandi James said she doubted she'd be able to repay the loans.
Psychologist Sandi James said she doubted she'd be able to repay the loans. Source: Supplied
ඕස්ට්‍රේලියාවට පැමිණීමට නොහැකිව ඉන්දියාවේ රැඳී සිටින Ruth Malik සඳහන් කරන්නේ මෙම ණය ක්‍රමය ප්‍රයෝජනවත් ක්‍රියාවක් නොවන අතර සතියකට පුද්ගලයින් 4,000 කට පමණක් ඔස්ට්‍රේලියාවට ඇතුලුවීමට අවසර ලබාදීම පවතින සැබෑම ගැටලුව වන බවයි.

Ruth Malik ගේ 75 වියැති මව තම දරුවන් බලාගන්නා අතර මවගේ සොහොයුරා පිළිකා රෝගයක් හේතුවෙන් රෝහල් ගතකොට සිටීම දැඩි පීඩනයක් බව ඇය පෙන්වා දේ.

Ruth Malik සඳහන් කරන්නේ තම බියකින් පසුවන අතර හැකි ඉක්මනින් නිවසට යාමට අවශ්‍ය බවයි.

මිය යාමට ආසන්නව සිටි තම මව බැලීමට ගිය Chetan Shah මේ වනවිට ඉන්දියාවේ සිරව සිටින අතර ඇය පවසන්නේරජයේ මෙම ණය ලබාගැනීමට සුදුසුකම් නොමැති ඔහු වැනි ඕස්ට්‍රේලියානු ස්ථිර පදිංචිකරුවන් දහස් ගණනක් සිටින බවයි.

ඔහු පෙන්වා දෙන්නේ මෙම ණය සඳහා ඉල්ලුම් කල හැක්කේ ඔස්ට්‍රේලියානු පුරවැසියන්ට හෝ තම පවුලේ සාමාජිකයකු වන ඕස්ට්‍රේලියානු පුරවැසියෙකු සමග ගමන් කල ස්ථිර පදිංචිකරුවන් හට පමණක් වන බවයි.
Chetan Shah made a desperate dash to see his dying mother and is now stuck in India
Chetan Shah in happier times with his family in Sydney. Source: SBS, Supplied
"පසුගිය මාස 6 ක කාලය තුළ අදායමක් නොමැතිව හෝටල් නිරෝධායනයට, ජීවන වියදම් සඳහා සහ ගුවන් ටිකට් පත් සඳහා ඕස්ට්‍රේලියානු ඩොලර් 20,000 ක් පමණ ගෙවීමට සිදුවන ඕස්ට්‍රේලියාවෙන් පිටත සිටින පුද්ගලයින් හට මෙම ණය මුදලින් කිසිදු සහායක් හෝ සහනයක් ලබා නොදෙන අතර මෙය පැහැදිලි ලෙසම කුරිරු විහිලුවක්" බවද Chetan Shah පවසයි.

ඕස්ට්‍රේලියානු රජයේ මෙම නව ණය ක්‍රමය සමාජ මාධ්‍ය ඔස්සේ උපකාර සිදුකරන පිරිසගේද කලකිරීමට හේතු වී තිබේ.

සතියකට ඔස්ට්‍රේලියාවට පැමිණීමට මේ වන විට අවසර ලබාදෙන 4,000ක් වන පුද්ගල සංක්‍යාව ඉහල දැමීම මේ වන විට පවතින සුදුසුම පිළියම වන අතර අවශ්‍ය වන්නේ ණයක් ලබාදීම නොවන බව බොහෝ දෙනා පෙන්වා දෙයි.

ඕස්ට්‍රේලියාවට නැවත ගෙන්වාගන්නා පිරිස ඉහල දැමීම පිළිබඳව සමාලෝචනය කෙරේ

ඕස්ට්‍රේලියානුවන් 23,000ක් මේ වනවිට විදේශ කටයතු සහ වෙළඳ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී සිටී. මෙමගින් පුද්ගලයින් 3,450 දෙනෙකු සෞක්‍ය සහ ආර්ථික තත්වය මත දැඩි පීඩාවට පත්ව සිටින අතර ඕස්ට්‍රේලියානු ගුවන් සේවා නියෝජිත මණ්ඩලය තක්සේරු කර ඇත්තේ නැවත ඔස්ට්‍රේලියාවට පැමිණීමට සිටින පිරිස 100,000 ක් පමණ වන බවයි.

එසේ වුවහොත්, මේ වනවිට පවතින සතියකට 4,000ක් පමණක් ඔස්ට්‍රේලියාවට ගෙන්වාගැනීමේ වැඩපිළිවෙල මගින් පුද්ගලයින් 100,000ක් ගෙන්වා ගැනීමට තවත් මාස 6ක පමණ කාලයක් ගතවන බව ඕස්ට්‍රේලියානු ගුවන් සේවා නියෝජිත මණ්ඩලය පවසයි.


SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

ගුවන් විදුලියෙන්  - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm  ACT / 106.3 fm SA

නැතිනම්  රූපවාහිනියේ channel 38


 

මෙම හේතු මත සතියකට ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගන්නා පුද්ගලයින් සංක්‍යාව ඉහල දමන ලෙසට සහ ගුවන් සමාගම් සඳහා මිල නියම කිරීමේ හැකියාව සීමා කරන ලෙස කම්කරු පක්ෂය මධ්‍යම රජයෙන් ඉල්ලා සිටි.


ඕස්ට්‍රේලියාවෙන් පිටත පීඩාවට පත්ව සිටින ඕස්ට්‍රේලියානුවන් ගෙන්වා ගැනීමට වඩා වැඩි වියදමක් ඕස්ට්‍රේලියාවෙන් මුහුදු අහාර අපනයනය කිරීමට පවතින රජය දරන බව විපක්ෂයේ ස්වදේශ කටයුතු ප්‍රකාශිකා Kristina Keneally සඳහන් කොට තිබේ.

මේ වන විට මුහුදු අහාර අපනයනය සඳහා ගුවන් ගමන් 1,800 ක් ඕස්ට්‍රේලියානු රජය සිදුකොට ඇති අතර එම ක්‍රියාව විවේචනය කරමින් Kristina Keneally සඳහන් කොට ඇත්තේ

“මොරිසන් රජය යටතේ ඔබ පොකිරිස්සෙක් නම් ඔබට වරලත් ගුවන් ටිකට් පතක් ලැබෙන නමුත් , ඔබ වසංගතයක් තුළ විදේශයක සිටින ඕස්ට්‍රේලියානු ජාතිකයෙක් නම්, ඔබ අතරමං වනු ඇත. ” ලෙසයි.

 

** ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගැනීමට පිවිසෙන්න SBS සිංහල සේවයේ Facebook පිටුවට www.facebook.com/sbssinhala

 

 


Share

Published

Updated

By Rashida Yosufzai, Nipuna Dodangoda

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service