ඕස්ට්‍රේලියාවේ පළමු කොරෝනා වයිරස් අසාදිත රෝගියා වික්ටෝරියා ප්‍රාන්තයෙන් වාර්තා වේ

Passengers arriving at airport wearing masks

Source: EPA

කොරෝනා වෛරසය වැළඳී ඇති බවට ඔස්ට්‍රේලියාවේදී තහවුරු වුනු පළමු රෝගියා වික්ටෝරියා ප්‍රාන්තයෙන් වාර්තා වුනු බව වික්ටෝරියානු සෞඛ්‍ය නිලධාරීන් විසින් සනාථ කර කරයි.

වික්ටෝරියානු සෞඛ්‍ය අමාත්‍ය ජෙනී මිකාකොස් පැවසුවේ මෙම වෛරසය වැළඳී ඇති චීන ජාතිකයා ජනවාරි 19 වන දින මෙල්බර්න් නුවරට පැමිණියේ මෙම රෝගය හටගත් බවට පැවසෙන චීන නගරය වන 'වූහාන්' හි සති දෙකක් ගත කිරීමෙන් පසුව බවයි.

මෙම රෝගියා දැනට හුදෙකලා කොට ප්‍රතිකාර ලබමින් සිටී. පීඩනය ඍණ මට්ටමේ පවතින හුදකලා කාමරයක ඔහු රැකබලා ගනු ලබන අතර, ඔහු වෙනුවෙන් ආසාදන පාලනය කිරීමේ පූර්ව ආරක්ෂණ විධික්‍රම භාවිතා කරනු ලැබේ.

චීනයේ මේ වන විට මෙම කොරෝනා වෛරස් රෝගයෙන් මියගිය සංඛ්‍යාව 41 දක්වා ඉහළ ගොස් ඇති අතර මේ වන විට 1,000 කට වැඩි පිරිසක් ආසාදනය වී ඇති බව වාර්තා වේ. එම ආසාදිත පිරිසෙන් වැඩි සංක්‍යාවක් චීනයේ සිටින පුද්ගලයින් බවද වාර්තාවේ.

මාරාන්තික වෛරසය ඕස්ට්‍රේලියාවට පැතිරෙනු ඇතැයි බලධාරීන් අපේක්ෂා කළ බවත් එය සමඟ කටයුතු කිරීමට සැලසුම් කර ඇති බවත් අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් පවසා සිටී.

මේ පිළිබඳව ඕස්ට්‍රේලියානු ෆෙඩරල් සහ ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍යවරුන් අද - සෙනසුරාදා රැස්වී ප්‍රතිචාරය සාකච්ඡා කිරීමට ද නියමිතයි.

ඕස්ට්‍රේලියානු ෆෙඩරල් රජය මේ වන විට චීනයේ 'වුහාන්' වෙත නොයන ලෙස ජනතාවට දැනුම් දී ඇති අතර මෙම කොරෝනා වෛරසය වාර්තා වුනු දෙවන චීන නගරය වන 'හුබෙයි' පළාත වෙත ද සංචාරක අනතුරු ඇඟවීම් නිකුත් කොට තිබේ.

මෙම කොරෝනා වෛරසය ඇතිබවට සක කෙරෙන තවත් පුද්ගලයින් පස් දෙනෙකු සහ ක්වීන්ස්ලන්තයේ දෙදෙනෙකු මේ වන විට රෝග නිරීක්ෂණ තත්ත්ව යටතේ තබා ඇති බවද වාර්තා වේ.


2 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now