වසර 40 කට පසු ඔස්ට්‍රේලියාවේ පවුලේ වෛද්‍ය සේවාව අයහපත්ම තැනට පැමිණ ඇති බවට සෞඛ්‍ය ඇමතිගෙන් ප්‍රකාශයක්

රෝගීන්ට දැරිය හැකි මිලකට දේශීය වෛද්‍ය සායන පත් කිරීම සඳහා Medicare ක්‍රමයේ පුළුල් ප්‍රතිසංස්කරණයක් අවශ්‍ය බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ සෞඛ්‍ය අමාත්‍ය Mark Butler පැවසීය.

A man in a suit

Federal Health Minister Mark Butler has worked with medical and patient groups to investigate problems with Medicare. Source: AAP / DIEGO FEDELE

සාමාන්‍ය පරිදි වෛද්‍ය සේවාවන් පවත්වාගෙන යාමේ පිරිවැය දරාගත නොහැකි තරමට වැඩි වෙමින් පවතින අතර, රජයේ සහයෝගය නොමැතිකම හේතුවෙන් වෛද්‍ය මධ්‍යස්ථාන වසා දැමීමට හෝ රෝගීන්ගෙන් වැඩි මුදලක් අය කිරීමට තමන්ට බල කෙරෙන බවට ඔස්ට්‍රේලියාවේ වෛද්‍යවරු අනතුරු අඟවති.

මේ අතර රෝගීන්ට දැරිය හැකි මිලකට දේශීය වෛද්‍ය සායන පත් කිරීම සඳහා Medicare ක්‍රමයේ පුළුල් ප්‍රතිසංස්කරණයක් අවශ්‍ය බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ සෞඛ්‍ය අමාත්‍ය Mark Butler පැවසීය.

Medicare ප්‍රතිලාභ වෙනස් නොවී එකතැන පල්වීම හෝ සාමාන්‍ය වැඩි වීම් වලට යටත් වීම පිළිබඳ ගැටලුව ද ඔහු පෙන්වා දුන්නේය.
"පසුගිය ලිබරල් සන්ධාන රජය යටතේ වසර හයක් පුරාවට කප්පාදු කිරීම්, Medicare ප්‍රතිලාභ වෙනස් නොකර එකම මට්ටමක තබා ගැනීම, විශේෂයෙන්ම සාමාන්‍ය භාවිතයට සහ Medicare පද්ධතියට වඩාත් පුළුල් ලෙස දැවැන්ත මුල්‍ය පීඩනයක් එල්ල කර ඇති බවට ප්‍රශ්නයක් නැහැ," සෞඛ්‍ය අමාත්‍යවරයා ABC වෙත පැවසීය.

නමුත් මෙහි ක්‍රියාත්මක වන පුළුල් ව්‍යුහාත්මක ගැටළු කිහිපයක් ඇති බව ඔහු අවධාරණය කළේය.

————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————

සෞඛ්‍ය අමාත්‍යවරයා වෛද්‍යවරු සහ රෝගී කණ්ඩායම් සමඟ Medicare ක්‍රමයේ ඇති ගැටළු විමර්ශනය කිරීමට කටයුතු කර ඇති අතර, එහි අවසන් වාර්තාව සති කිහිපයකින් ප්‍රකාශයට පත් කිරීමට සහ ෆෙඩරල් අයවැයෙන් ඒ සඳහා මුදල් ලබාදීමට නියමිතය.
වඩාත් සංකීර්ණ නිදන්ගත රෝග සමඟ ඔස්ට්‍රේලියාවේ ජනගහනය වයෝවෘද්ධ වෙමින් පවතින බවට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ සෞඛ්‍ය අමාත්‍ය Mark Butler අනතුරු ඇඟවීය.

වසර 40 ක Medicare ඉතිහාසයේ සාමාන්‍ය වෛද්‍ය සේවය අයහපත්ම තත්ත්වයේ පවතින බව ද ඔහු විස්තර කළේය.

"අපි අනාථයන් නෙමෙයි, අපි සංවර්ධිත ලෝකය දකිනවා, නමුත් ඔස්ට්‍රේලියාවේ විශේෂිත අභියෝග කිහිපයක් තිබෙනවා, ඒවා නිවැරදි කිරීමට නව රජයක් ලෙස අපි අධිෂ්ඨාන කරගෙන සිටිනවා." යනුවෙන් ඔහු ප්‍රකාශ කළේය.
වෛද්‍යවරුන් හෙදියන්, සම සෞඛ්‍ය වෘත්තිකයන් සහ ඖෂධවේදීන් සමඟ සමීපව කටයුතු කිරීම සෞඛ්‍ය අමාත්‍යවරයාට අවශ්‍ය දෙයකි.

ඔවුන්ට එය කිරීමට ඉඩ දෙන පරිදි පද්ධතිය හොඳින් සැලසුම් කර නැති බවද ඔහු පැවසීය.

ප්‍රාථමික සෞඛ්‍ය, රෝහල් සහ aged හා disability සත්කාර අතර නිසි පරිදි ඩිජිටල් සම්බන්ධතාවක් නොමැති බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසීය.
අන් කවරදාකටත් වඩා සාමාන්‍ය වෛද්‍ය සේවාව තෝරා ගන්නා වෛද්‍ය උපාධිධාරීන් අඩු වීමත් සමඟ වෛද්‍ය සේවයේ සැලකිය යුතු ශ්‍රම බලකායේ ගැටළු ද ඇත.

උපාධිධාරීන්ගෙන් 14% කටත් වඩා අඩු ප්‍රමාණයක් මෙම අංශයේ වෘත්තීන් තෝරා ගන්නා අතර එය විශ්ව විද්‍යාලයෙන් උපාධිය ලබා පිටව යන අයගෙන් අඩකටත් වඩා අඩු බව සෞඛ්‍ය අමාත්‍ය Butler පැවසීය.

"අපිට දැන් GP කෙනෙක් හමුවීමේ ගැටලුවක් තියෙනවා කියලා අපි හිතනවා නම්, අවුරුදු පහක්, 10ක්, 15ක් යනකොට එම ගැටලුව ගැන හිතන්න, ඒ කාලයේදී අපිට ඒ ඉලක්කම් පිළිබඳ හිතන්නවත් බැරි වේවි. යනුවෙන් ද ඔහු පැවසීය.
Centrelink Medicare plaque on wall.
Federal Health Minister Mark Butler says Medicare is in its worst shape in four decades. Source: AAP / Mick Tsikas
සාමාන්‍ය හෙවත් පවුලේ වෛද්‍ය ශ්‍රම බලකායේ ගැටලුව Medicare පිළිබඳ වාර්තාවේ කොටසක් වූ අතර එය ජාතික කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා කර ඇත.

මේ අතර වික්ටෝරියා සහ නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැතිවරුන් රෝහල් මත ඇතිවන පීඩනය ලිහිල් කිරීම සඳහා තමන්ගේම ප්‍රතිපත්ති සැලසුම් ඉදිරිපත් කරමින් පෙබරවාරි මාසයේ ජාතික කැබිනට් මණ්ඩලය නැවත රැස් වූ විට සෞඛ්‍යය පිළිබඳ සාකච්ඡාවල ආධිපත්‍යය දරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය දැනටමත් Medicare ක්‍රමය ශක්තිමත් කිරීම, ග්‍රාමීය පවුලේ වෛද්‍යවරුන්ට සහය වීම සහ රෝහල්වල පීඩනය ඉවත් කිරීම සඳහා හදිසි සත්කාර මධ්‍යස්ථාන ලබා දීම සඳහා මුදල් වෙන්කරන බව මධ්‍යම රජයේ සෞඛ්‍ය අමාත්‍ය Mark Butler පැවසීය.

සෞඛ්‍ය ක්ෂේත්‍රය සහ ප්‍රාන්ත සමඟ සාකච්ඡා කර මේ ගැටලුව විසඳීමට මධ්‍යම රජය සාමූහික උත්සාහයක් ගන්නා බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසීය.

"ප්‍රාන්ත, ඔවුන්ගේ ප්‍රජාවන්ගේ ප්‍රයෝජනය සඳහා සාමාන්‍ය වෛද්‍ය සේවය නැවත ගොඩනැගීමට සෘජු උනන්දුවක් දක්වනවා," යනුවෙන්ද සෞඛ්‍ය අමාත්‍ය Butler පැවසීය.

Share

Published

By Madhura Seneviratne
Source: AAP

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service