ඔස්ට්‍රේලියානු පාසල් අධ්‍යාපනයේ 12 වසර සම්පූර්ණ කරන සිසුන්ගේ අනුපාතය පහතම මට්ටමට වැටෙයි (SBS සිංහල/ වාර්තා)

2021 දී පාසල් අධ්‍යාපනය සම්පූර්ණ කළ 12 වසරේ පාසල් සිසුන් සංඛ්‍යාව 110,000 කින් පමණ අඩුවී ඇති බව හෙළි වේ.

Year 12 students following their first HSC exam at Sydney Secondary College in Sydney, Tuesday, November 9, 2021.

Year 12 students following their first HSC exam at Sydney Secondary College in Sydney in 2021. Source: AAP

ඔස්ට්‍රේලියාවේ පාසල් අධ්‍යාපනයේ 12 වසර සම්පූර්ණ කරන සිසුන් සංඛ්‍යාව මෑත වසර කිහිපය තුළ එහි පහළම මට්ටමට පහත වැටී ඇත.

මේ අතර බොහෝ ප්‍රාන්ත සහ ටෙරිටරිවල childcare පිරිවැය ඉහළ ගොස් ඇති බවද වාර්තා වේ.


Highlights

  • පාසල් අධ්‍යාපනයේ 12 වසර සම්පූර්ණ කිරීම බරපතල ලෙස පහත ඇතී ඇත්තේ වික්ටෝරියා ප්‍රාන්තයේය.
  • වික්ටෝරියා ප්‍රාන්තයේ පෙර වසරට වඩා සිසුන් 56,100 අඩුවෙන් 2021 වසරේ 12 වසර සම්පුර්ණ කළ බව අදාළ වාර්තාව පවසයි.
  • පසුගිය වසරේදී ඔස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රාන්ත හා ටෙරිටරිවල childcare ගාස්තු ද ඉහළ ගොස් තිබේ.

ඔස්ට්‍රේලියාවේ 12 වසර සම්පූර්ණ කරන සිසුන් සංඛ්‍යාව පහත වැටෙයි

COVID-19 වසංගතය පන්ති කාමරයේදී මුහුණට මුහුණ ඉගෙනීමට බාධා කළ නිසා 2021 දී පාසල් අධ්‍යාපනය සම්පූර්ණ කළ 12 වසරේ පාසල් සිසුන් සංඛ්‍යාව 110,000 කින් පමණ අඩුවී ඇති බව හෙළි වේ.

සිය වාර්ෂික childcare සහ අධ්‍යාපන සේවා වාර්තාව නිකුත් කරමින් ඵලදායිතා කොමිෂන් සභාව මේ බව අනාවරණය කළේය.

පාසල් අධ්‍යාපනයේ 12 වසර සම්පූර්ණ කිරීම සාමාන්‍යයෙන් 2020 දී මිලියන 1.9 සිට පසුගිය වසරේ මිලියන 1.79 දක්වා පහත වැටුණි.

අවසන් වරට එම සංඛ්‍යාව මිලියන 1.8 ට වඩා පහත වැටුණේ 2017 දී ය.


 

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese 

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


 

පාසල් අධ්‍යාපනයේ 12 වසර සම්පූර්ණ කිරීම බරපතල ලෙස පහත ඇතී ඇත්තේ වික්ටෝරියා ප්‍රාන්තයේය.

වික්ටෝරියා ප්‍රාන්තයේ පෙර වසරට වඩා සිසුන් 56,100 අඩුවෙන් 2021 වසරේ 12 වසර සම්පුර්ණ කළ බව අදාළ වාර්තාව පවසයි.

පාසල් අධ්‍යාපනයේ 12 වසර සම්පූර්ණ කිරීම අඩුවීම සම්බන්ධයෙන් දෙවැනි තැනට පත්ව ඇත්තේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය වේ.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිසුන්ගේ අඩුවීම 34,700 කි.

බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ එය 18,700 ක් ලෙස සටහන් වේ.

Childcare ගාස්තු ඉහළට

පසුගිය වසරේදී ඔස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රාන්ත හා ටෙරිටරිවල childcare ගාස්තු ද ඉහළ ගොස් තිබේ.

නමුත් COVID-19 වසංගතය මගින් childcare සේවාවන්ට බලපෑම් එල්ල වූ බැවින් ප්‍රාන්ත රජයන් ද මෙම අංශයට වැඩි මුදලක් ලබාදුන්නේය.

ජාතික සාමාන්‍ය මධ්‍යයන අගය සැලකු කල වසර 2020 සහ 2021 අතර පැය 50 ක childcare සේවාවක් සඳහා සතිපතා childcare ගාස්තුව සතියකට ඩොලර් 10 කින් ඉහළ ගොස් ඇත.

එනම් $530 සිට $540 දක්වා එම පිරිවැය ඉහළ ගොස් තිබේ.

Childcare ගාස්තුව වැඩියෙන්ම ඉහළ ගොස් ඇත්තේ ටස්මේනියා ප්‍රාන්තයේ වන අතර සතියකට එම වැඩිවීම $24 කි.

ක්වීන්ස්ලන්තයේ එම වැඩිවීම $16 ක් වන අතර දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ එය $15 ක් ලෙස වාර්තා වේ.

ජාතික සාමාන්‍ය මධ්‍යයන අගය සැලකු කල වසර 2020 සහ 2021 අතර පැය 50 ක family daycare සේවාවක් සඳහා සතිපතා family daycare ගාස්තුව සතියකට ඩොලර් 8 කින් ඉහළ ගොස් ඇත.

එය ටස්මේනියා ප්‍රාන්තයේ සතියකට $31 කින් ඉහළ ගොස් ඇති අතර ACT හි $26 කින් පහත බැස තිබේ.

මේ අතර, වික්ටෝරියා සහ Northern Territory හි පසුගිය මූල්‍ය වර්ෂ දෙක තුළ පුනරාවර්තන මුල් ළමාවිය වියදම්වල විශාලතම වැඩිවීම වාර්තා කළ අතර, එක් දරුවෙකු සඳහා පිළිවෙලින් ඩොලර් 2321 සහ $1859 කින් එම පිරිවැය ඉහළ ගියේය.

ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ පුනරාවර්තන childcare වියදම් ද එම කාලය තුළ ඩොලර් මිලියන 1.4 කින් ඉහළ ගියේය.



Share

3 min read

Published

By Madhura Seneviratne

Source: AAP, SBS




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now