Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

ඔස්ට්‍රියාව සියලුම මුස්ලිම් දේවස්ථාන සහ සංවිධානවල තොරතුරු අඩංගු ජාතික සිතියමක් එළි දක්වයි

Austria launched the "National Map of Islam" - containing the names and locations of more than 600 mosques, associations
Austria launched the "National Map of Islam" - containing the names and locations of more than 600 mosques, associations Source: AAP

ඔස්ට්‍රියානු රජය විසින් ඔස්ට්‍රියාවේ මුස්ලිම් දේවස්ථාන සහ මුස්ලිම් ප්‍රජාව සම්බන්ධ වැදගත් තොරතුරු අඩංගු  "National Map of Islam" යනුවෙන් සිතියමක් සකස් කර තිබේ.

මේ සඳහා ඔස්ට්‍රියාවේ මුස්ලිම් ප්‍රජාවේ දැඩි විරෝධය එල්ලවී ඇත.


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download) 


"National Map of Islam" යනු කුමක්ද?

ඔස්ට්‍රියානු රජය විසින් සකස් කරන ලද මෙම "National Map of Islam" සිතියමට පහත සඳහන් විස්තර අඩංගු බව වාර්තා වේ.

  • ඔස්ට්‍රියාවේ පිහිටා ඇති මුස්ලිම් දේවස්ථානවල නම් සහ පිහිටි ස්ථාන
  • ඔස්ට්‍රියාවේ පිහිටා ඇති මුස්ලිම් සංවිධානවල නම් සහ පිහිටි ස්ථාන 
  • ඒවාට සම්බන්ධ නිලධාරීන්ගේ නම් සහ ඔවුන්ගේ ස්ථාන 
  • එම දේවස්ථාන, සංවිධාන සහ නිලධාරීන්ට විදේශයන්හි ඇති සම්බන්ධතා

ඔස්ට්‍රියාවේ පිහිටා ඇති මුස්ලිම් දේවස්ථාන, සංවිධාන සහ අදාළ නිලධාරීන් 600 කට අධික පිරිසකගේ විස්තර මෙම ලැයිස්තුවට ඇතුළත් කර ඇති බව ද වාර්තා වේ.

මෙය ඔස්ට්‍රියානු මධ්‍යම රජයේ ඒකාබද්ධ අමාත්‍ය Susanne Raab විසින් අන්තර්ජාල වෙබ් අඩවියක් හරහා එළිදක්වන ලදී.

මෙම සිතියම Vienna විශ්ව විද්‍යාලය සහ ඉස්ලාමීය දේශපාලනය සඳහා වූ ප්‍රලේඛන මධ්‍යස්ථානය සමඟ සහයෝගයෙන් සම්පාදනය කර ඇත.


1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now