2019 එක් දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ පළමු වටය යටතේ ඊයේ (05/06) පැවති 8 වන තරගයෙන් දකුණු අප්‍රිකාව පරදා කඩුලු 6 ක ජයක් ලබාගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.
කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාව ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර එහිදී ඔවුන් නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9 කට ලකණු 227 ක් රැස් කළේය.
ජයග්‍රාහී ලකුණු 228 ක ඉලක්කයක් හඹා යාමට පිළිතුරු ඉනිම ඇරැඹු ඉන්දීය කණ්ඩායම පන්දුවාර 47 යි පන්දු 3 කදී ලකුණු 230 ක් ලබාගනිමින් තරගයේ ජය සනිටුහන් කළේය.
එහිදී නොදැවී ලකුණු 122 ක් ලැබූ රෝහිත් ශර්මා ඉන්දීය ජයග්‍රහණයේ ප්‍රධාන බල කනුව වුයේය.
තරගයේ වීරයා සම්මානය ද ඔහුට හිමි විය.
මේ තරගයෙන් අනතුරුව ඉන්දියාව සහභාගී වූ ප්‍රථම තරගයම ජයගෙන මෙවර ලෝක කුසලාන තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ 5 වන ස්ථානයේ පසුවන අතර දකුණු අප්‍රිකාව සහභාගී වූ තරග 3 ම පරාජය වී ප්‍රසාද ලකුණු සටහනේ 9 වන ස්ථානයේ පසුවෙයි.

