Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

Big Bash T20 - පපරේ සංගීතයට Big Match Party උණුසුම විඳින්න ජනවාරි 20 MCG පිටියට එන්න.

Melbourne Stars launch Sri Lankan Big Match Party
Source: Melbourne Stars

ඔස්ට්‍රේලියාවේ මේ දිනවල පැවැත්වෙන Big Bash 20-20 ක්‍රිකට් තරගාවලියට සමගාමීව ඔස්ට්‍රේලියාව තුළ වෙසෙන ශ්‍රී ලාංකේය ප්‍රජාවගේ දායකත්වයෙන් පවත්වනු ලබන Big Match Party සංකල්පය පසුගියදා මෙල්බන් නුවරදී දියත් කෙරුණි.

ඒ අනුව එළඹෙන ජනවාරි 20 වන දින  Melbourne Stars සහ Sydney Thunder කණ්ඩායම් අතර MCG ක්‍රිකට් පිටියේදී පැවැත්වෙන තරගය මෙහි ආරම්භය ලෙස සනිටුහන් වේ.

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලංකා ප්‍රජාව නියෝජනය කරමින් ශ්‍රී ලාංකික ප්‍රජා තානාපතිවරුන් මෙම සමාරම්භක උළෙලට සහභාගී වී ඇති බව වාර්තා වේ.

ඒ අනුව එළඹෙන ජනවාරි 20 වන දින මෙල්බන් නුවර Richmond  දුම්රිය ස්ථානයේ සිට MCG ක්‍රිකට් පිටියට ශ්‍රී ලංකා ක්‍රිකට් රසිකයින් පිරිවරාගත් පා ගමනක් ක්‍රියාත්මක කෙරෙන අතර ක්‍රිකට් ක්‍රීඩාවේ ශ්‍රී ලාංකේය නිල සංගීත රිද්මය වන "පපරේ" සංගීත කණ්ඩායම එම පාගමනේ පෙරමුණ ගනු ඇත.

ඉන් අනතුරුව MCG ක්‍රිකට් පිටියේ දී බයිලා නර්තන තරගයක් පැවැත්වීමට නියමිත අතර එහිදී හොඳම බයිලා නර්තන ශිල්පියා, ශිල්පිණිය සහ හොඳම බයිලා නර්තන යුවල හට ත්‍යාග පිරිනැමීමද සිදු වේ.

පසුව එහි පැමිණෙන සියලු ශ්‍රී ලාංකීය ක්‍රිකට් රසිකයින් MCG පිටියේ ශ්‍රී ලාංකිකයින්ට ම වෙන්වුණු විශේෂ ක්‍රීඩාගාරයට ගොස් Melbourne Stars කණ්ඩායමට සහයෝගය ලබා දීමට නියමිතය.

තරගය පැවැත්වෙන අතරේ ශ්‍රී ලාංකේය පපරේ සංගීත කණ්ඩායම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාගාරයේ සිට පපරේ සංගීතය වාදනය කෙරෙන අතර පිටිය තුළ ක්‍රියාත්මක DJ  සංගීතයෙන් ශ්‍රී ලංකා බයිලා ගීත වාදනය කරනු ඇත.

"එළඹෙන ජනවාරි 20 වන දින ක්‍රිකට් වලට ආදරය කරන විශාල ශ්‍රී ලාංකිකයින් පිරිසක් MCG  පිටියට පැමිණ මෙම Big Match සාදයට සහභාගී වී Melbourne Stars කණ්ඩායම ජයග්‍රහණය කරවීමට උර දෙනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා."  යනුවෙන් Melbourne Stars කණ්ඩායමේ ප්‍රධාන විධායක Clint Cooper පැවසීය.

මෙම Big Match සාදය ජනවාරි 20 වන දින සවස 4.30 ට ආරම්භ වීමට නියමිතය.

වැඩි විස්තර සඳහා https://www.facebook.com/events/1439848722730210/ පිවිසෙන්න.


2 min read

Published

Updated

By Madhura Seneviratne




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now